1200 x 80 DMirror
 
 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන ඇත්තේ, මැතිවරණයකට ඉදිරිපත් වෙන දේශපාලනඥයෙකු නොගන්නා තීරණයක් බවත්, හෙට ඡන්දයක් තිබ්බොත්

පරාජය ස්ථිර බවත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසයි.

 
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, බදුල්ල දිස්ත්‍රික්කයේ වී වගාව සඳහා ප්‍රථම කාබනික පොහොර නිකුත් කිරීමේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.
 
”මැතිවරණයකට ඉදිරිපත් වෙන දේශපාලනඥයෙක් ගන්නේ නැති තීරණ තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත්තේ. මේක පැහැදිලිව කියන්න ඕන. හෙට ඡන්දයක් තිබ්බොත් අපේ හාමුදුරුවනේ අපි පරාදයි. වස විස කාලා මේ රටේ මිනිස්සු මැරුණත් කමක් නැහැ, මගේ ඡන්දය මම දිනනවා කියන මතයේ ඉදගන නෙමෙයි, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ තීරණය ගත්තේ” ශෂීන්ද්‍ර රාජපක්ෂ පැවසිය.
 
  
හදවතට එකඟව සිදු කරන්නේ, නිවැරදි ක්‍රියාවක් නම්, කෙතරම් අවලාද එල්ල වුව ද ඒවා නොතකා ගමන ඉදිරියට යන බව ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ ය.
 
 
”බැණුම් අහන එක දැන් අපේ පවුලේ සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ. හැබැයි හදවතින් අපි කරන්නේ නිවැරදි වැඩේ නම්, හරි වැඩේ නම් මොන තරම් අවලාද අපිට යෙදුවත්, අපි අපේ ගමන අනිවාර්යෙන් යන එක යනවා කියන එක මම කියනවා. '' යයි අවදාරණය කර සිටි රාජ්‍ය අමාත්‍යවරයා, ඉදිරි කන්නයන්හි සිදු කරන වගාවන්වල ඵලදාවන් අඩු වුවහොත් ඒ වෙනුවෙන් වන්දි මුදලක් ලබා දීමට කටයුතු කරන බව ද සඳහන් කළේය. 
 
 
''පොඩි අතපසුවීමක් වුණා. මගේ අදහස තියෙන්නේ ජෛව දියර පොහොර ඒ තාක්ෂණයත් එක්ක යන එක. නමුත් යම්කිසි ආකාරයකින් ඵලදාවේ අඩුවක් ආවොත් අපිට සැකයක් තිබුණා අපි කොහොමද මේකට මුහුණ දෙන්නේ? යම් කිසි වගාවේ අඩුවක් වුනොත්, ඒ වගාව පිළිබඳව රජයක් හැටියට අපිට වගකීමක් තියෙනවා. යම් අඩුවක් වුනොත් ගොවි රක්ෂණ මණ්ඩලය විසින් සියලුම ගොවියන්ට අවශ්‍ය ඒ වන්දි ලබා දිම, අපි කරනවා. කිසිම සැකයක් තියා ගන්න එපා. රජයක් විදිහට අපි ආවට ගියාට හිතුමතේ තීරණ ගන්නේ නැහැ. ඒ සියල්ල පිළිබඳව හොද අවබෝධයෙන් තමයි අපි කටයුතු කරන්නේ...”
 
 

 
THE LEADER TV 
 
ස" ට මොළේ ඇත්තෙම නැද්ද ? | මොණරවිලගේ ලියමන
 
 
කාබනික පෝර ගැසට් එක රිවස් කරමු | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58