රාජ්‍ය ආයතන 30ක පමණ ප්‍රධානීන් ඉවත්කොට නව ප්‍රධානීන් පත් කිරීමට රජය තීරණය කොට ඇතැයි 'දේශය' ජාතික පුවත්පත වාර්තා කර තිබේ.
 
 
ළමාරක්ෂක අධිකාරිය, භූවිද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ ප්‍රධාන රාජ්‍ය මාධ්‍ය ආයතනයක්ද මෙම ආයතන 30ට ඇතුළත්ය.
 
ඒ අතර බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග එම තනතුරින් ඉවත්කොට ළමාරක්ෂක අධිකාරියේ සභාපති ධුරයට පත් කිරීමට රජය සැලසුම් කර තිබිණි. එහෙත් රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ සංගමය විජේතුංග මහත්මියගේ මාරුවට එරෙහිව ජනාධිපතිවරයාට කරුණු දැක්වීම නිසා එම මාරුව අවලංගු කර ඇතැයි වාර්තා වෙයි. 
 
දැනට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ධුරය දරන වෛද්‍ය නිහාල් ජයතිලකට අමාත්‍යංශ ලේකම් ධුරයක් පිරිනැමීමට නියමිත අතර ප්‍රමිති ආයතන සභාපති ධුරයට එරන්ද ගිනිගේ පත්කෙරෙනු ඇතැයි සඳහන්ය.
 
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුව තිබූ අධ්‍යක්ෂ ධුරය සඳහා ජනාධිපති මාධ්‍ය අංශයේ සේවය කළ ෂර්මිලා රාජපක්ෂ පත් කර තිබේ.
 
පසුගියදා ජනාධිපතිවරයා විසින් ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් පදවියට නම්කරන ලද ආචාර්ය ජගත් වැල්ලවත්තගේ ඕස්ට්‍රේලියා පත්වීම අත්හිටුවා ඒ වෙනුවට ආචාර්ය වැල්ලවත්ත ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කිරීමට තීන්දු කර ඇතැයි ද 'දේශය' පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. 
  
 
ජනාධිපතිවරයා බලයට පත්වූ වහාම සම්මුඛ පරීක්ෂණ කැඳවා රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් ලෙස පත්කළ වියතුන් රැසක් ඉදිරි දින කිහිපයේදී ඉවත් කිරීමට නියමිතය. ඒ විෂබාර ඇමතිවරුන් හා රාජ්‍ය ඇමතිවරුන් ගෙන් ජනාධිපති වෙත එල්ලවී ඇති බලපෑම් හේතුවෙනි. 
 
 
මෙම බලපෑම් හමුවේ කිසියම් හෝ පලදායී වැඩ කොටසක් ඉටුකළ ආයතන ප්‍රධානින් කිහිප දෙනෙකුගේ ද ඉවත්කර ඇමතිවරුන්ගේ හිතවතු පත්කිරීමට ජනාධිපතිවරයාට සිදුව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි. 
 
ඇතැම් මැති ඇමතිවරුන් සභාපතිවරුන් ඉවත් කරන්නැයි මෙසේ බලපෑම් කර ඇත්තේ තමන්ගේ හිතවතුන්ට මේ දක්වා කිසිඳු තනතුරක් ලබාදීමට හැකියාවක් ලැබී නැති බව පවසමිනි.
 
 
වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහ මහාචාර්ය මුදිත විදානපතිරණත් එළියට !
 
edd 
වෛද්‍ය ප්‍රසන්න ගුණසේන - මහාචාර්ය මුදිත විදානපතිරණ
 
 
මේ අතර ජාතික ළමා රක්ෂක අධිකාරියේ සභාපති මහචාර්ය මුදිත විදානපතිරණ ඉවත් කොට තමන්ගේ කෙනෙක් පත් කර දෙන්නැයි ඉල්ලමින් විෂය භාර අමාත්‍ය පියල් නිශාන්ත ජනාධිපතිවරයට ලිපියක් යවා තිබේ.
 
මේ සිදුවීම නිසා දැඩි කළකිරීමට පත් මහාචාර්යවරයා අද (25) දින සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දීමට නියමිතය.
 
මේ අතර ජනාධිපතිවරයාගේ සමීපතම හිතවතකු වන විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ද රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති ධූරයෙන් ඉවත්කිරීමේ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ වී ඇත. 
 
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බලපෑම් හමුවේ, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීන්දු කර තිබුනද එම තීන්දුව මසකින් කල් දමන ලෙසට ජනාධිපතිවරයා ඉල්ලීමක් කර තිබේ. 
 
මේ හේතුවෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපහසුතාවයකට මුහුණ දී ඇති බව ඇතැම් සමාජ මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
 
මීට පෙර මාධ්‍ය වාර්තා මගින් වාර්තා වුණේ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් ඊට හේතුව වී ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල සමග ඇති කරගත් මතගැටුමක් බවත්ය .
 
සෞඛ්‍ය අමාත්‍යංශය ආරංචි මාර්ග පවසන්නේ ඒ අනුව ඊයේ දින දක්වාම කෙහෙළිය රඹුක්වැල්ල පාර්ශ්වය ජය ගෙන ඇති බව පෙනෙන්නට තිබුණද ජනාධිපතිවරයා මේ සිද්ධියට මැදිහත් වීමත් සමග තත්වය වෙනස් වී ඇති බවයි.
 
එමෙන්ම ආණ්ඩුවට පක්ෂපාති ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර ඇත්තේ,  මතුව ඇති තත්ත්වය හේතුවෙන් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍ය තනතුරින් ඉවත්ව යාමේ වාතාවරණයක් මතුව ඇති බවයි.
 
 
ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන් හා නිලධාරීන් ඉතිරි මස කිහිපය තුලදී යහමින් හම්බකර ගැනීමට කඩිමුඩියේ දරන උත්සාහය තුල මේවනවිට ආණ්ඩුව අභ්‍යන්තරයේ බරපතල ගැටුම්කාරී තත්වයක් මතුව ඇති අතර එම තත්ත්වය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විධායක බලතල ද දවසින් දවස හැල්ලු වෙමින් තිබෙන බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවසති. 
 

 
THE LEADER TV 
 
ස" ට මොළේ ඇත්තෙම නැද්ද ? | මොණරවිලගේ ලියමන
 
 
කාබනික පෝර ගැසට් එක රිවස් කරමු | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්