රාජ්‍ය බුද්ධි සේවාවේ (SIS) අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් සුරේෂ් සලේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID ) කැඳවා තිබේ.
ඒ, ඔහු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව කට උත්තරයක් ලබාගැනීම සඳහාය.
පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව සිරිල් ගාමිණි පියතුමා සහ තවත් පියතුමන්ලා කිහිප නමක් විසින් පසුගියදා සිදුකර ඇති අසත්‍ය චෝදනා තුලින් පොදු මහජනතාව නොමඟ යැවීම පමණක්ම නොව, හිතාමතාම තමාගේ කීර්තිනාමයට හානි කිරීමක් සිදුකර ඇති බව රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්යක්ෂ ජනරාල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබිණ.
තමා සම්බන්ධයෙන් සිදුකර ඇති අසත්‍ය චෝදනාවන් තුලින් තමගේ ජීවිතය මෙන්ම තම පවුලේ සාමාජිකයන්ගේ ජීවිතද අනතුරට හෙලා ඇති බැවින් එම චෝදනා සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස මේජර් ජෙනරල් සුරේෂ් සලේ සිය පැමිණිල්ල මගින් ඉල්ලා තිබේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අදහස් දැක්වූ පොලිස් මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ගොනුකර ඇති පැමිණිල්ලට හා ඊයේ ඔහු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති කට උත්තරය අනුව, බොහෝවිට හෙට (27) දිනයේ දී සිරිල් ගාමිණි පියතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා කට උත්තරයක් ලබාගැනීමට නියමිත බවයි.
එම කට උත්තරය අනුව රොහාන් සිල්වා සහ ජුලියන් පැට්රික් පියතුමන්ලා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා ප්‍රකාශ ලබාගැනීමට ද සිදුවනු ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
සබැඳි පුවත් :
THE LEADER TV
ස" ට තරු පේන්න විමලා ලියූ ලියුම | මොණරවිලගේ ලියමන
ස" ට මොළේ ඇත්තෙම නැද්ද ? | මොණරවිලගේ ලියමන