හානිකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වීමෙන් ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කළ චීන කාබනික පොහොර තොගය තුන්වෙනි පාර්ශවයකින් යළි පරීක්ෂා
කරන්නැයි, චීනය ඉල්ලීමක් කර තිබේ.
 
චීන තානාපතිවරයා සහ පොහොර සමාගමේ නියෝජිතයින් කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ඉල්ලීම කළ බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය.
 
මේ අතර චීන තානාපතිවරයා සහ පොහොර සමාගමේ නියෝජිතයින් කෘෂිකර්ම අමාත්‍යංශයෙන් මෙම ඉල්ලීම සිදු කරන්නේ කාබනික පොහොර මෙරටට රැගෙන එන ලද නෞකාව වරාය පරිශ්‍රයට ඇතුළු වීම වළක්වන්නැයි, හාබර් මාස්ටර්වරයා සියලු පාර්ශවවලට නියෝග කර ඇති පසුබිමකදී  ය.
 
 
''චීන නැවට වරායට ඇතුළු වෙන්න දෙන්න එපා''
 
 
මේ අතර චීනයේ සිට හානිකර බැක්ටීරියා සහිත කාබනික පොහොර මෙරටට රැගෙන එන ලද නෞකාව වරාය පරිශ්‍රයට ඇතුළු වීම වළක්වන්නැයි, පසුගිය 23 වනදා හාබර් මාස්ටර්වරයා සියලු අංශවලට නියෝග කළේ ය.
 
ශාක නිරෝධායන සේවය කොළඹ වරාය දැනුවත් කර තිබුණේ අදාළ නෞකාව කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20000ක් සමග ඊයේ මෙරටට ළඟාවීමට නියමිතව තිබූ බවයි.
 
අදාළ නෞකාවේ අඩංගු පොහොරවල අහිතකර බැක්ටිරියා ඇති බව ද ජාතික ශාක නිරෝධායන සේවය වරාය දැනුවත් කර තිබිණ.
 
ඒ අනුව, අදාළ නෞකාව කොළඹ වරාය සීමාවට ඇතුළු වී නොමැති බවත් නෞකාවේ පැමිණිම ගැන මෙතෙක් කිසිදු දැනුවත් කිරීමක් කර නොමැති බවත් හාබර් මාස්ටර්වරයා එදින සඳහන් කළේ ය.
 
 
මේ අතර අවස්ථා 2කදී තහවුරු වී තිබුණේ, පසුගියදා අදාළ ආයතනයෙන් ලබාගත් පොහොර සාම්පලවල අර්විනියා නමැති බැක්ටිරියාව ඇති බවටයි.
 
 
තව ද හානිකර බැක්ටීරියා සහිත කාබනික පොහොර මෙරටට එවූ චීන සමාගමට ගෙවීම් කිරීම අවහිර කරමින් ලංකා පොහොර සමාගම පසුගිය 23 වනදා වාරණ නියෝගයක් ද ලබා ගත්තේ ය.
 
 
චීන කාබනික පොහොර රැගෙන මෙරටට යාත්‍රා කරමින් සිටි හිපෝ ස්පිරිට් නෞකාවට මොකද වුණේ..?
 
 
පොහොර මෙට්‍රික් ටොන් 20,000 රැගත් හිපෝ ස්පිරිට් නෞකාව චීනයේ සිට ශ්‍රී ලංකාව බලා පිටත් වුණේ සැප්තැම්බර් 22 දායි.
 
නැවේ අඩංගු කාබනික පොහොරවල අහිතර බැක්ටීරියා අඩංගු බවට තහවුරුවීමෙන් පසුව ශ්‍රී ලංකා රජය පොහොර ඇණවුම අත්හිටුවීමට තීරණය කළේ ය.
 
අනතුරුව නැව සිංගප්පූරුවට යාත්‍රා කළ අතර මේ වනවිට ජාත්‍යන්තර වෙළෙඳ නැව් ස්ථානගතවී ඇති ආකාරය ප්‍රදර්ශනය වන වෙසල් ට්‍රැකර් නාවුක දත්ත තොරතුරු පද්ධතියේ එය පිළිඹිබු වන්නේ මලක්කා සමුද්‍ර සන්ධියේ රැඳී සිටින බවයි.
 
දින ගණනාවක සිට මෙම නෞකාව මලක්කා සමුද්‍ර සන්ධියේ රැඳී සිටින ආකාරය පිළිඹිබු වේ.
 
නමුත් නාවුක දත්ත තොරතුරු පද්ධති තුළ හිපෝ ස්ප්‍රිට් නෞකාවේ මීළඟ ගමනාන්තය කොළඹ ලෙස දැක්වේ.
 
මෙම නැව කොළඹ වරායට පැමිණෙන බවට දැනුම් දී ඇතිදැයි හාබර් මාස්ටවරයාගෙන් ඊයේ (25)  විමසීමක් කළ අතර ඔහු පැවසුවේ ඒ පිළිබඳ කිසිදු දැනුම් දීමක් සිදු කර නොමැති අතර නැව පිළිබඳව අවධානයෙන් සිටින බවයි.
 
 
 
අහිතකර බැක්ටීරියා ඇති බවට හෙලිවෙච්ච මත ප්‍රතික්ෂේප කර ආපහු හරවලා යවනු ලැබූ නෞකාවේ ඇති චීන පොහොර තුන්වන පාර්ශවයක් හරහා නැවත සාම්පල් පරීක්ෂා කළ යුතුය යන යෝජනාවට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඍජුව සිය විරෝධය පළ කිරීමෙන් පසු සාකච්ඡාව තීරණයකින් තොරව නිමා වී ඇතැයි lankasara.com වාර්තා කරයි.
 
 
ඊයේ (25) සවස චීන තානාපති කාර්යාලයට ගිය කෘෂිකර්ම අමාත්‍යවරයා හා රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිත කණ්ඩායමට එක් වූ  කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා, චීන තානාපතිවරයා අවසාන වරටත් යෝජනා කළ එසේ ප්‍රතික්ෂේප තිබේ.
 
 
lankasara.com පුවත් වාර්තාවේ ඒ සම්බන්ධයෙන් තව දුරටත් මෙසේද සඳහන් වේ.
 
මේ සම්බන්ධව ඊයේ 'හිරු' සලකුණ රූපවාහිනී වැඩසටහනට සහභාගී වූ  අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරනු ලැබුවේ, චීන තානාපති කාර්යාලයෙන් මින් පෙර අවස්ථා කීපයක දී මෙවැනි යෝජනා වාචිකව හා ලිඛිතව ඉල්ලා සිටියත් රටේ වලංගු නෛතික රාමුවට එකඟ නොවූ ඒ සියලුම ඉල්ලීම් තමන් විසින් ප්‍රතික්ෂේප කළ බවය.
 
“මා  ඒ හැම අවස්ථාවකම එක් ස්ථාවරයක හිටියා.  අපට  තියනවා ජාතික පැලෑටි සංරක්ෂණ පනත. 1999 අංක 35 දරන මේ පනතෙ විධි විධාන අනුව පර්යේෂණයට ලක් කළ යම් ද්‍රව්‍යයක්    ප්‍රතික්ෂේප වුනාම අපට ඒ හරහාම යෑමේ හැකියාවක් නෑ. “
 
චීන තානාපති කාර්යාලයට මේ සාකච්ඡාව සඳහා චීන පොහොර ගෙන්වූ සමාගමේ නියෝජිතයන් ද එක් වී සිට ඇත. 
 
ඔවුන් යළි යළිත් චීන තානාපතිවරයා හරහා බලපෑම් කර ඇත්තේ දෙපාර්ශවය එකඟවන තුන්වන පාර්ශවයකින් යළිත් පොහොර සාම්පලය පරීක්ෂා කළ යුතු බවය. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා එහිදී ප්‍රකාශ තිබුණේ එවැනි අවශ්‍යතාවයක් කිසිසේත් පැන නොගින බවය.
 
ajantha  
 
“මා කිව්වා  රට තුළ අප  කළ මේ  පරීක්ෂණ අප පිළිගන්නවා බව. තුන්වන පාර්ශවයක පරීක්ෂණවලට යන්න  අවශ්‍ය නැති බව. '' කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා එම වැඩසටහනේ දී කීවේය.
 
ඔහු එහි දී ප්‍රකාශ කළේ චීන පොහොර නැව ලංකාවේ මුහුදු සීමාවට පැමිණි බව තමන් නිල වශයෙන් දැනගත්තේ පොහොර සමාගම් නියෝජිතවරිය තමන් වෙත එවූ ලිපියෙන් බවය.
 
එම ලිපිය ලැබී පැය භාගයක් යනවිට ගතයුතු සියලු පියවර තමන් ගත් බවත් ඔහු කීවේය.  
 
මේ පොහොර සම්බන්ධව තීන්දුවක් ගැනීමේ දී තමන්ට කිසිම බලපෑමක් සිදු වී නැති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය. රටේ වලංගු නීතිය අනුව තමන්ගේ අනුමැතියකින් තොරව මෙම පොහොර තොගය කිසිසේත්ම ගොඩබෑමට නොහැකි බවත් ඒ සඳහා තමන්ගේ අත්සන යොදා අනුමැතිය නොදෙන බවට රටට සහතික විය හැකි බවත් ඔහු පැවසුවේය.
 
 
 
 
සබැඳි පුවත් :
 
 
 
 
 
 

 
THE LEADER TV 
 
ස" ට තරු පේන්න විමලා ලියූ ලියුම | මොණරවිලගේ ලියමන
 
 
ස" ට මොළේ ඇත්තෙම නැද්ද ? | මොණරවිලගේ ලියමන
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්