රටේ පවතින කොවිඩ් වසංගත තත්වය නිසා 2021 වසර තුළ මේ වන විට පමණක් රුපියල් කෝටි 2700 ක (බිලියන 27ක ) සුරාබදු ආදායමක් රජයට අහිමිව
ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
 
සුරාබදු දෙපාර්තමේන්තුවේ මේ වසරේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 160ක් වුවද පවතිත තත්වය හමුවේ ඊට ළගා වීම අපහසු බවයි සුරාබදු අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.
 
අධ්‍යක්ෂ ජනරාල් එම්.ජේ. ගුණසිරි ඒ බව අවධාරණය කර ඇත්තේ ඔක්තෝබර් 22 වැනි දින පැවති රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී (කෝපා කමිටුවේදී) ය.
 
සුරාබදු දෙපාර්තමේන්තුවට අදාළව 2019 වර්ෂය සදහා වූ විගණාධිපති වාර්තාව සහ වර්තමාන කාර්ය සාධනය පිළිබද විමසා බැලීම සඳහා මහාචාර්ය තිස්ස විතාරණගේ ප්‍රධානත්වයෙන් රජයේ ගිණුම් පිළිබද කාරක සභාව  එදින රැස්වු බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.
 
  
සුරාබදු දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්ත‍මේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව එකිනෙකට සම්බන්ධ වන පරිගණක පද්ධතියක් සැකසීම සම්බන්ධයෙන් 2019 වසරේදී පැවති කෝපා කමිටු රැස්වීමවකදී නිර්දේශ ලබාදී තිබුණද එය මේ දක්වා ක්‍රියාත්මක කර නොතිබීම පිළිබදව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇත.
 
 
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් නිවේදනය කර ඇත්තේ දෙපාර්තමේන්තුවේ සුරාබදු ආදායම ගණනය කිරීමේ ක්‍රියාවලිය නිවැරදි කිරීමට අදාළව පරිගණක මෘදුකාංග පද්ධතියක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද කමිටුව අවධාරණය කළ අතර 2016 වර්ෂයේ සිට 2018 වර්ෂය සදහා අයවැය සහ පරිපූරක  මගින් ප්‍රතිපාදන වෙන් වී තිබුණද එම ව්‍යාපෘතිය නිසි ලෙස ක්‍රියාත්මක වී නොතිබීම පිළිබඳව ද ‍අවධානය යොමු වු බවයි.
 
"මේ අනුව දෙපාර්තමේන්තුව අයත් සියලුම ආයතන ඒකාබද්ධ කරමින් ද ඉතා කඩිනමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව කමිටුව පෙන්වා දෙන ලදී."
 
මේ වන විට පරිගණක පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා කටයුතු ආරම්භ කර ඇති බව සුරාබදු අධ්‍යක්ෂ ජනරාල්වරයා කමිටුවට දන්වා තිබේ.
 
එහිදී කමිටුව සුරාබදු අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර ඇත්තේ මෙම පරිගණක පද්ධතිය ස්ථාපිත කිරීමට අදාළ කාල රාමුව නිශ්චිත සැලැස්මක් සහිතව  නොවැම්බර් 5 වැනිදාට පෙර කඩිනමින් කෝපා කමිටුවට ඉදිරිපත් කරන ලෙසයි.
 
 
රජයේ ආදායම් වර්ධනය කිරීම සදහා මත්පැන් බෝතල් හා මත්පැන් බෝතල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා වන ආරක්ෂිත ස්ටිකර් සැපයීම හා ආරක්ෂිත ස්ටිකර් කළමණාකරණ පද්ධතියක් සැකසීමේ කටයුතු ප්‍රමාද වීම පිළිබදවද එහිදී සාකච්ඡා වී ඇත.
 
 
රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ප්‍රසන්න රණවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, අශෝක් අබේසිංහ, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වීරසුමන වීරසිංහ, ෆයිසාල් කාසිම් සහ බී.වයි.ජී. රත්නසේකර  ද  මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව තිබේ.
 
 02 7 
 

THE LEADER TV 
 
ගව තමෝ හමුවන්න ඉන්දියාවෙන් ගෞතම් ඇවිත් ! 
 
 
කක්කුස්සි පෝර නැව හම්බන්තොටට ! | අද ගොසිප් එක
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්