1200 x 80 DMirror
 
 

සිරිල් ගාමිණි පියතුමා හෙට (28) උදෑසන 9ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.
 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊට අදාළ කැඳවීම අද දින (27) මීගමුවට ගොස් සිදුකර ඇත.
 
සිරිල් ගාමිණි පියතුමන්  එසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත්තේ, පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව සිරිල් ගාමිණි පියතුමා සහ තවත් පියතුමන්ලා කිහිප නමක් විසින් පසුගියදා සිදුකර ඇති අසත්‍ය චෝදනා තුලින් පොදු මහජනතාව නොමඟ යැවීම පමණක්ම නොව, හිතාමතාම තමාගේ කීර්තිනාමයට හානි කිරීමක් සිදුකර ඇති බව රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබු පැමිණිල්ලකට අනුව කට උත්තරයක් ලබාගැනීම සඳහාය. 
 
 මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දීමක් !
 
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉකුත් දා දෙස් විදෙස් ජනතාව දැනුවත් කිරීම සඳහා අන්තර්ජාතික යුක්ති සංසඳය විසින් පැවැත් වූ කරුණු පැහැදිලි කිරීමක දී ඉදිරිපත්වූ අසත්‍ය කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව විමර්ශන ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
 
එම සිද්ධියට අදාළව රහසිගත වාර්තාවක් ගොනුකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික. සී. රාගල වෙත එම දැනුම්දීම සිදුකළේය.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත්තේ, 'අන්තර්ජාතික යුක්ති සංසඳය' නැමැති සංවිධානය විසින් ඉකුත් 23 වනදා දේශීය සහ අන්තර් ජාතික ප්‍රජාව දැනුවත් කිරීම සඳහා සූම් තාක්ෂණය ඔස්සේ කරුණු පැහැදිලි කිරීමක් සිදුකර ඇති බවය.
 
එහිදී ඉදිරිපත්වූ අසත්‍ය කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ විසින් පැමිණිල්ලක් සිදුකර ඇති බව ද ඔවුන් දන්වා සිටියේය.
 
එම පැමිණිල්ලට අදාළව සියලු පාර්ශ්වයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඉදිරි විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
 
එම කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම පැමිණිල්ලට අදාළව විමර්ශන සිදුකොට අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
 
 
 
සබැඳි පුවත් :
 
 

 

THE LEADER TV 

 
හාමුදුරුවෝ කරන්නේ කාගේ කොන්ත්‍රාත් එකක්ද ? 
 
ගව තමෝ හමුවන්න ඉන්දියාවෙන් ගෞතම් ඇවිත් ! 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58