සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය නොමැතිවීම නිසා වසා දමා තිබූ කටුනායක ගුවන්තොටුපලේ පී.සී.ආර්. පරීක්ෂණාගාරයේ වැඩ කටයුතු ඊයේ (27) යළිත් ආරම්භ විය.
ඒ අනුව ලංකාවෙන් පිටත්ව යන සියලුම ගුවන් මගීන්ට සහ එක් එන්නතක් පමණක් ලබාගෙන ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ට අවශ්‍ය පී.සී.ආර්. පරීක්ෂණ කටයුතු ඇරඹිණි.
 
කටුනායක ගුවන්තොටුපලට අනුබද්ධිත ඒ.ඒ.එස්.එල් හොස්පිනෝම් පී.සී.ආර්. පරීක්ෂණාගාරය සදහා මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ලැබී ඇති අතර පැය තුනක් ඇතුළත පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාව ලබාදීමට කටයුතු කරන බව රසායානාගාරයේ කාර්යභාර කළමනාකරු සුමුදු සරසිරාජා සදහන් කළාය.
 
 
''අප රසායනාගාරය කටුනායක ගුවන්තොටුපල හා අනුබද්ධිතව පවත්වාගෙන යන පී.සී.ආර්. රසායනයාගාරයක්. පැය තුනක් වැනි කාලයක් ඇතුළත කොවිඩ් 19 පරීක්ෂණ සදහා වූ ප්‍රථිඵල අපි ලබාදෙනවා. පී.සී.ආර්. පරීක්ෂාව පොසිටිව් වන අය  ගුවන්තොටුපල අධීක්ෂණය යටයෙත් නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කරනවා. නෙගටිව් වන අය තමන්ගේ ගමනාන්තය දක්වා ගමන් කිරීමට හැකියාව ලැබෙනවා.
 
මෙහිදී ලංකාවෙන් පිටත්ව යන ගුවන් මගීන්ට විදේශ ගතවීම සදහා අවශ්‍ය පී.සී.ආර්. පරීක්ෂණයත් ගුවන්තොටුපලේදීම සිදුකරගැනීමට අවස්ථාව තිබෙනවා. ලංකාවේ ඕනෑම ප්‍රදේශයකින් පැමිණෙන අයෙක්ට පැය තුනක කාලය ගෙවා ගැනීම සදහා අවශ්‍ය පහසුකම් අපි ලබාදී තිබෙනවා’’ සුමුදු සරසිරාජා සදහන් කළාය.
 
ඒ අනුව සිය ගුවන් යානය පිටත්ව යන වේලාවට පැය හයකට පෙර ගුවන්තොටුපල වෙත පැමිණෙන මගීන්ට සිය පී.සී.ආර්. පරීක්ෂණය සිදුකරගෙන විදේශගතවීමට අවස්ථාව උදාවේ. පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් රැඳී සිටින ගුවන් මගීන්ට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදීමටද කටයුතු කර තිබේ.
 
ඊයේ (27) අළුයම 2.15 ට කටුනායක ගුවන්තොටුපල වෙත, පැමිණි කටාර් ගුවන් සේවයේ ක්‍යු.ආර්. 668 දරණ ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් පිරිසක් පළමුව මෙම රසායනාගාරය වෙත පැමිණ සිටියහ. 
 
IMG 20211027 WA0009
 
IMG 20211027 WA0015
 
IMG 20211027 WA0016
 
IMG 20211027 WA0017
IMG 20211027 WA0019
 
IMG 20211027 WA0020
IMG 20211027 WA0022
 
IMG 20211027 WA0027
THE LEADER TV 
ඥාණසාරගේ එක රටක් එක නීතියක්.! | මොණරවිලගේ ලියමන

හාමුදුරුවෝ කරන්නේ කාගේ කොන්ත්‍රාත් එකක්ද ? 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්