රාජපක්ෂ ආණ්ඩුවේ පොහොර ආනයන ප්‍රතිපත්තිය ඉන්දු - චීන ගැටුමක් දක්වා වර්ධනය වීමේ බරපතල අනතුරක් මතුවෙමින් තිබෙන බව තානාපති සේවා ආරංචිමාර්ග පවසති.
චීනයේ චින්දාඕ සී වින් බයෝටෙක් සමාගමේ නිෂ්පාදනය කරන කාබනික පොහොර තොගයක් රැගත් චීන නෞකාව  ලංකාවට පැමිණි මොහොතේ සිට මේ දක්වා  බරපතල ජාත්‍යන්තර අර්බුද ගණනාවක් මතුව ඇති අතර ඉන්දීයාවේ මැදිහත්වීම එම තත්වය වඩාත් උත්සන්න කර තියන බව ඉහත ආරංචිමාර්ග තව දුරටත් කියා සිටියි.
 
 
 
 
ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත චීනයේ නිෂ්පාදිත කාබනික පොහොර රැගෙන මෙරටට පැමිණි චීන නැවක් ආපසු හරවා යැවීමට කටයුතු කළ ශ්‍රී ලංකා රජය, ඒ අතරවාරයේ යූරියා සහ නයිට්‍රජන් පොහොර තොග කඩිමුඩියේ ම  ඉන්දියාවෙන් ආනයනය කිරීමට කටයුතු කිරිම චීන රජයේ බලවත් කනස්සල්ලට හේතුවී තිබේ. 
 
 
පොහොර මෙට්‍රික් ටොන් 20,000 රැගත් හිපෝ ස්පිරිට් නෞකාව චීනයේ සිට ශ්‍රී ලංකාව බලා පිටත් වුණේ සැප්තැම්බර් 22 දායි.
 
නැවේ අඩංගු කාබනික පොහොරවල අහිතර බැක්ටීරියා අඩංගු බවට තහවුරුවීමෙන් පසුව ශ්‍රී ලංකා රජය පොහොර ඇණවුම අත්හිටුවීමට තීරණය කළේ ය.
 
චීනයේ 'කින්ඩාඕ සීවින් බයෝ ටෙක් ගෘප් සමාගම (Qingdao Seawin Biotech Group Co., Ltd)' නිෂ්පාදනය කරන කාබනික පොහොරවල අහිතකර බැක්ටිරියා අඩංගු බව අවස්ථා දෙකකදී මෙරට ශාක නිරෝධායන සේවය විසින් තහවුරු කර ඇතත් චීන තානාපති කාර්යාලය පවසන්නේ තමන්ට එම වාර්තා කිසිඳු ලෙසකින් පිළිගත නොහැකි බවයි. 
 
ශ්‍රී ලංකා රජයේ තීරණය නිසා චීනයේ ප්‍රධානම පොහොර සමාගමට බරපතල අසාධාරණයක් වී ඇතැයි චීන තානාපතිවරයා ශ්‍රී ලංකා රජයට ලිඛිතව දැනුම් දී ඇත.  
 
 
Screenshot 2021 10 27 at 7.50.12 PM
 
 
 
 
 
කෙසේවුවද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ (ඔක්. 27) පැවති මාධ්‍ය හමුවක දී පැවසුයේ, චීන කාබනික පොහොර රැගත් නැව චීනයෙන් පිටත්වී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් වාණිජ්‍ය බලපත්‍රයක් ලබා නොගෙන බවයි. 
 
ලංකා පොහොර සමාගම චීන සමාගමට මේ පිළිබඳව ඊමේල් මඟින් දැනුම් දී ඇති බව ඔහු පවසයි.
 
මෙම පොහොර සමාගමට අසාධාරණයක් වී ඇතැයි චීන තානාපතිවරයා ලියුමකින් දැනුම් දුන් බව ද ඔහු සඳහන් කළේ ය. තමා තානාපතිවරයා හමුවට ගියේ සිදුව ඇති දෙය පැහැදිලි කිරීමට බව අමාත්‍යවරයා පවසයි.
 
"කාරණේ පැහැදිලි කරාට පස්සේ අපි දෙපාර්ශවය අතර ආපු එකඟතාවය තමයි, අපි කිව්වේ නැවතත් මේ නෞකාව ආපහු මවු සමාගමට ගිහිල්ලා, අවශ්‍ය (වෙනස්කම්) ටික හදලා, හරි නියමයකට අනුව තියනවා නම් ඒගොල්ලන්ට පුළුවන් මධ්‍යස්ථ, ඉන්ඩිපෙන්ඩන්ට් ලැබ් එකකට දීලා ටෙස්ට් කරලා, හැබැයි අපි අපේ ලැබ්ස් වලත් ටෙස්ට් කරලා, නැවත අපට අවශ්‍ය පොහොර ටික එනවා නම් අපට ගන්න පුළුවන්," ඔහු පැවසුවේ ය.
 
මෙරට නිර්ණායකවලට අදාළ නොවන පොහොරක් තමන් ලබා නොගන්නා බව ඔහු කියා සිටියේ ය. 
 
"මෙතන වෙලා තියෙන්නේ, තේරුම්ගන්න, එයාලා ප්‍රධාන සමාගමක්. ඒගොල්ලන්ට විශ්වසනීයත්වය ගැන ප්‍රශ්නයක් මෙතන තියෙනවා. ඉතින් විශ්වසනීයත්වය රැකගන්න ඕනේ වචන ඒගොල්ලෝ පාවිච්චි කරයි. ඒ නිසා මට දෙන්න පුළුවන් සහතිකේ, අපි මේ නැව ගන්නේ නෑ! මේ පොහොර නැව ගන්නේ නෑ, එච්චරයි!" ඔහු පැවසුවේ ය.
 
 

 
 
ඒ අතරේ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ප්‍රකාශ කර තිබුණේ, දැනට මෙරටට ගොඩ බෑම වළක්වා ඇති හානිකර බැක්ටීරියා අඩංගු බව කියන චීන සමාගමේ කාබනික පොහොර දෙපාර්ශවයටම පිළිගත හැකි ආයතනයකට යොමුකර යළි පරික්ෂා කිරීමට එකඟ වූ බව ය.
 
ඒ අනුව පොහොර පරීක්ෂා කිරීම සඳහා දෙපාර්ශවයම කැමති වන තුන්වන පාර්ශ්වයකට බාර දී, ඉන්පසු ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට යෝජනා කළ බව රාජ්‍ය අමාත්‍යවරයා කොළඹ පැවති උත්සවයකදී ඔක්තෝම්බර් 26 වනදා පැවසීය.
 
 චීනයේ 'කින්ඩාඕ සීවින් බයෝ ටෙක් ගෘප් සමාගම (Qingdao Seawin Biotech Group Co., Ltd)' නිෂ්පාදනය කරන කාබනික පොහොරවල අහිතකර බැක්ටිරියා අඩංගු බව අවස්ථා දෙකකදී මෙරට ශාක නිරෝධායන සේවය විසින් තහවුරු කරන ලදී.
 
 
 
 
එම පොහොර ශ්‍රී ලංකාවට ගෙන්වීමට ඉඩ නොදෙන බවට කෘෂිකර්ම අමාත්‍යංශය දිගින් දිගටම ප්‍රකාශ කර තිබියදී මෙට්‍රික් ටොන් 20,000ක පොහොර තොගයක් රැගත් නැවක් මේ වන විට මෙරට මුහුදු සීමාවට ඇතුළු වී ඇත.
 
චීනයේ කින්ඩාඕ සීවින් බයෝ ටෙක් ගෘප් සමාගමට මෙවර මහ කන්නය සඳහා කාබනික පොහොර සැපයීමේ ටෙන්ඩරය පිරිනැමීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවරගෙන තිබිණ.
 
චීන සමාගමෙන් මිලදී ගැනීමට නියමිත කාබනික පොහොර සාම්පලයන්හි අහිතකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වීම නිසා, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ස්ථාවරය වී තිබුණේ නැවට මෙරට වරායකට ඇතුළුවීමට හෝ පොහොර රට තුළට ගෙනඒමට ඉඩ නොදිය යුතු බවය.
 
නමුත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ද, අමාත්‍යාංශ ලේකම්වරයා සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ද චීන තානාපති කාර්යාලයේ නියෝජිතයින් හමුවී සාකච්ඡාකර පවත්වා ඇත.
 
සාකච්ඡාවේදී එකඟතාව පළවී ඇත්තේ දෙපාර්ශ්වය එකඟවන පාර්ශ්වයකින් යළිත් පොහොර සාම්පල පරීක්ෂා කිරීමටය.
 
"ඒගොල්ලන් ඉල්ලීමක් කළේ, අපේ රටේ තියන විද්‍යාගාරවල කරන පර්යේෂණ කරපු දේවල් පිළිගන්න බැහැ, මොකද ඇක්‍රෙඩිටට් ඒවා නෙවෙයි," යනුවෙන් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පැවසීය.
 
"එතකොට අපි දෙපාර්ශවයටම බලපෑමක් නෙවෙයි, ඉල්ලීමක් කළේ, නැව හරවලා යවනවා මෙහේ බාන්නත් එපා, මෙහේ ගේන්නත් බෑ කියලා ඉල්ලීමක් කළා. මේක ලෝකයේ රටවල් ප්‍රධාන ඇමෙරිකාව ඕස්ට්‍රේලියාව කැනඩාව වගේ ප්‍රධාන රටවල් 16 කට පොහොර ගෙනියන පොහොර නිෂ්පාදනය කරන ආයතනයක්. ඒ නිසා මේකේ ප්‍රමිතිය පිළිබඳව අපට අවබෝධයක් ගන්න කියලා. අපි කිව්වා. අපි දෙගොල්ලොම කැමති වෙන තුන් වෙනි පාර්ශ්වකට දෙමු මේ පොහොර අධ්‍යයනය කරන්න කියලා ඊට පස්සේ අපි තීරණයක් ගමු කියලා."
 
 

 

රජයේ ස්ථාවරය:
 
 
මේ අතර කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පැවසුවේ, ප්‍රමිතියෙන් අඩු පොහොර භාරගැනීමට රජය සූදානම් නොමැති බව පැහැදිලිව දැනුම් දී ඇති බවය.
 
"ප්‍රමිතියෙන් අඩු මෙම කාබනික පොහොර රැගත් නෞකාව කොළඹ වරායට ඇතුළු කිරීම වලක්වන ලෙස දැනටමත් වරාය අධිකාරියේ සභාපතිතුමා, නිහාල් කැප්පිටිපොල මහතා දැනුම්දීලා තියෙනවා. ඒ නිසා එම නැව ශ්‍රී ලංකා වරාය තුළට ඇතුළත් කිරීම දැනට නවත්වලා තියෙනවා. මෙම ප්‍රමිතියෙන් අඩු පොහොර බාරගැනීමට ශ්‍රී ලංකා රජය සුදානම් නොමැති බව පැහැදිලිව මේ වන විට අපි දැනුම් දීලා තියෙනවා."
 
 
 
 
චීන සමාගම ප්‍රකාශයක් නිකුත් කරයි:
 
මේ අතරේ කින්ඩාඕ සීවින් බයෝ ටෙක් ගෘප් සමාගම නිවේදනය කරන්නේ, තම පොහොරවල අර්වීනියා ඇත්දැයි නැවත පරීක්ෂා කිරීමට ලෝකයේ පිළිගත් පරීක්ෂණ සමාගමක් වන ස්විස් එස්.ජී.එස් සමූහයට සාම්පල යොමුකරන්නැයි ඉල්ලීමක් කරන බවය.
 
 
 
ඔවුන් ලබාදෙන පරීක්ෂණ ප්‍රතිඵලය දෙපාර්ශ්වයම කොන්දේසි විරහිතව පිළිගත යුතු බව ද චීන සමාගම නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන ලදී.
 
සාම්පලවලත් අර්වීනියා ඇතැයි තහවුරු වුවහොත්, සැපයුම්කරු පොහොර තොගය කොන්දේසි විරහිතව ආපසු රැගෙන යන බව චීන සමාගම පවසයි. අර්වීනියා නැතැයි තහවුරු වුවහොත්, කොන්දේසි විරහිතව මුදල් ගෙවා පොහොර තොගය ලබාගැනීමට පියවර ගත යුතු බව ද කින්ඩාඕ සමාගම අවධාරණය කරයි.
 
මේ පිළිබඳව මාධ්‍ය හරහා පළ වී ඇති අසත්‍ය හා අපහාසාත්මක වාර්තා හා විවේචන විමර්ශනය කිරීමටත්, ඒවාගේ නීතිමය වගකීම සොයා බැලීමටත් සැපයුම්කරු ලෙස තමන්ට හිමිකමක් ඇති බව ද එම සමාගම ප්‍රකාශ කර ඇත.
 
චීන පොහොර සමාගම තවදුරටත් ප්‍රකාශ කර සිටින්නේ ටෙන්ඩර ලියකියවිලිවල යම් යම් තාක්ෂණික දෝෂ ඇති අතර තමන් පැනනැගී ඇති ප්‍රශ්නය විසදාගැනීම සඳහා සාකච්චා කිරීමට කැමති බවය.
 
 
දේශීය නියෝජිතයා කවු ද?
 
 
'සන්ඩේ ටයිම්ස්' පුවත්පත පසුගිය සැප්තැම්බර් 19 වනදා වාර්තා කලේ චීනයේ චින්දාඕ සීවින් බයෝ ටෙක් සමාගමේ ශ්‍රී ලංකාවේ දේශීය ඒජන්තතවරයා ලෙස චෙලීනා කැපිටල් කෝපරේෂන් පුද්ගලික සමාගම නමින් ආයතනයක් කටයුතු කරන බවයි.
 
චීන සමාගම ඔක්තෝබර් 22 වනදා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට යැවූ ලිපියකින් මේ දේශීය ඒජන්ත ආයතතනයේ කටයුතු කරන පුද්ගලයින් කවුරුන්දැයි තහවුරු වේ.
 
එහි සඳහන් වන ආකාරයට චීන සමාගමේ දේශීය ඒජන්තයා වන චෙලීනා කැපිටල් කෝපරේෂන් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ලෝලිත අබේසිංහ යි. ඔහු අගමැති ලේකම් ගාමිණි සෙනරත්ගේ සමීපතම ඥාති සොයුරෙකි. 
 
 
බරපතල රාජ්‍යතන්ත්‍රීක අනතුරු ඇඟවීමක් !
 
 
මේ අතර තානාපති සේවා ආරංචිමාර්ග පවසන්නේ, චීන රජයේ ඉල්ලීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තවදුරටත් නොසලකා හරින්නේ නම් ඉදිරියේදී චීන රජය, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බරපතල රාජ්‍ය තන්ත්‍රීක ක්‍රියාමාර්ග රැසක් ගැනීමට නියමිත බවයි. 
 
 
එහි පළමු පියවර ලෙස කින්ඩාඕ සීවින් බයෝ ටෙක් ගෘප් සමාගම වෙනුවෙන් විවෘත කරන ලද ණයවර ලිපිය යටතේ මහජන බැංකුව ගෙවීම් නොකළහොත් මහජන බැංකුව 'බ්ලැක් ලිස්ට්' කිරීමට මේවනවිටත් තීරණය කර ඇත. 
 
සී/ස ලංකා පොහොර සමාගම විසින් චින්දාඕ චීන සමාගමට, එහි දේශීය නියෝජිතයාට සහ මහජන බැංකුවට එරෙහිව කොළඹ වාණිජ අධිකරණයෙන් ඔක්තෝබර් 26 වැනිදා වාරණ නියෝගයක් ගෙන තිබිණ.
 
කින්ඩාඕ සීවින් බයෝ ටෙක් ගෘප් සමාගම වෙනුවෙන් විවෘත කරන ලද ණයවර ලිපියක් යටතේ මහජන බැංකුව විසින් කිසිදු ගෙවීමක් සිදු නොවන ලෙස අදාළ වාරණ නියෝගය නිකුත් කෙරිනි.
 
කෙසේවුවද, මහජන බැංකුව අසාධු ලේඛනගත කිරීමට බලපෑම් කිරීමේ හැකියාවක් කින්ඩාඕ සමාගමට නැතැයි  කෘෂිකර්ම අමාත්‍යවරයා ඊයේ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ ය.
 
 
 
රුසියානු තේ තහනම හා ඇස්බැස්ටස් තහංචිය:
 
යහපාලන රජය සමයේ ද අහිතකර බවට විද්‍යාඥයන් විසින් තහංචි පනවන ලද ආනයන විදේශීය බලවතුන්ගේ බලපෑම නිසා ආපසු හැරවීමට ආණ්ඩුව විසින් තීරණය කළ අවස්ථා තිබේ.
 
මෙයින් තුන් අවුරුද්දකට පෙර මොස්කව් පාලනය විසින් මෙරට තේ ආනයනය අත්හිටුවීමත් සමග රුසියාවෙන් ගෙන්වූ මිනිස් සිරුරට හානිකර අමුද්‍රව්‍යයකට පැනවූ තහනම මෛත්‍රී-රනිල් පාලනය විසින් අකුලා ගන්නා ලදී.
 
රුසියාව විසින් ශ්‍රී ලංකා තේ වලට තහනමක් පනවන ලද්දේ තේ ඇසුරුමක කෘෂිකර්මාන්තයට හානිදායක කුරුමිණියකු සිටි බව දන්වමිනි.
 
සොයාගන්නා ලද කෘමියා නිසා රුසියාවේ සමස්ත ධාන්‍ය අස්වැන්නටම හානි පැමිණීමේ අවදානමක් තිබෙන බවට රුසියානු බලධාරිනිය එවකට අනතුරු අඟවා තිබුනි.
 
ශ්‍රී ලංකාවේ ප්‍රධාන තේ ගැනුම් කරුවා රුසියාවයි.
 
රුසියාව ශ්‍රී ලංකාවෙන් තේ මිලදී ගැනීම අත්හිටුවා සතියක් ගතවීමටත් මත්තෙන් ඇස්බැස්ටස් නිපදවීමට අවශ්‍ය රුසියානු අමුද්‍රව්‍ය ආනයනය ට තහංචි පැනවීමේ ප්‍රතිපත්තිමය තීරණය අහෝසි කිරීමට යහපාලන රජය 2018 වසරේදී තිරණය කළේය.
 
ඇස්බැස්ටස් නිෂ්පාදනය සඳහා අවශ්‍ය ක්‍රිසොලයිට් තන්තු ශ්‍රී ලංකාව ලබාගන්නේ රුසියාවෙනි.  ශ්‍රී ලංකාවේ ප්‍රධාන තේ ගැනුම්කරුවා රුසියාවයි.
 
 
 
 (උපුටා ගැනීම් - BBC සිංහල සේවය)
 
 
cH1 1
 
 CH2 2021 1
 
සබැඳි පුවත් :
 
 
 
 
 
 
 
THE LEADER TV 
ඥාණසාරගේ එක රටක් එක නීතියක්.! | මොණරවිලගේ ලියමන

හාමුදුරුවෝ කරන්නේ කාගේ කොන්ත්‍රාත් එකක්ද ? 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්