දෙවසරකට ඉහතදී පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් හැට තුන් දෙනකු තවදුරටත් රිමාන්ඩ්

භාරයේ තැබීමට මඩකලපුව අධිකරණය නියෝග කර තිබේ.

 
මාරාන්තික වසංගත ව්‍යාප්තියේ අනතුරු තවමත් පහව ගොස් නැති හෙයින් සැකකරුවන් හැට තුන් දෙනා ශාරිරික ලෙස අධිකරණය හමුවට ඉදිරිපත් නොකළත් විනිසුරුවරයා වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩු කටයුතු මෙහෙයවු බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.
 
ඔක්තෝබර් 28 වැනි බ්‍රහස්පතින්දා මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී.එම්. රිස්වාන් නියෝග කර ඇත්තේ සැකකරුවන් නොවැම්බර් 11 වැනි දා දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
 
පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාවේ මහ මොළකරු ලෙස මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්වී ඇති සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වීමේ චෝදනා මත වසර දෙකකට ඉහතදී  අත්අඩංගුවට ගත් සැකකරුවන් 69 දෙනා අතුරින් හය දෙනකු මේ වන විටත් අධිකරණය මගින් නිදහස් කර ඇති බව නැගෙනහිර වාර්තාකරුවෝ පවසති.
 
අත්අඩංගුවේ සිටින සැකකරුවන් අතර සහරාන් හෂීම්ගේ නැගනියද වේ.
 
වීඩියෝ  තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබු සැකකරුවන් දිවයිනේ විවිධ පළාත් තුළ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිරිසක් බව වාර්තාකරුවෝ තව දුරටත් පවසති.
 
සැකකරුවන් අතුරින් වැඩි පිරිසක් කාත්තන්කුඩි, කල්මුනේ, සයින්දමරදු, සම්මන්තුරේ ආදී ප්‍රදේශ වල පදිංචි කරුවන් වේ.
 
 
අවුරුදු දෙකකට වැඩි කාලයක් රඳවාගෙන සිටි මෙම පිරිස තව දුරටත් සිරගත කරනු ලැබුවේ ප්‍රහාරයෙන් පීඩාවට පත් වැඩිම ප්‍රජාව අයත් කතෝලික සභාව සහ රාජ්‍ය බුද්ධි සේවය අපරාධකරුවන් අල්ලාගැනීම සම්බන්ධයෙන් ගැටුමකට මැදිවී සිටියදීය. 
 
 
SIS ප්‍රධානියාගෙන් CID ට පැමිනිල්ලක්
 
 
රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් සුරේෂ් සලේ ඔක්තෝබර් 25 වැනිදා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුනි.
 
ඒ, පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව සිරිල් ගාමිණි පියතුමා සහ වෙනත් අය විසින් කරන ලද චෝදනා සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමිනි.
 
තමා කිසිදු තත්වයක් යටතේ කිසි දිනක සහරාන් හෂීම් හෝ ඔහුගේ අනුගාමිකයන් සමග කිසියම් හෝ ආකාරයක සන්නිවේදනයක් සිදුකර නොමැති බව ද රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් සුරේෂ් සලේ පවසන බව ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
 
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳ විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීම සඳහා පසුගිය 23 වැනිදා සූම් තාක්ෂණය ඔස්සේ සංවාදයක් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබුනි.
 
  
රාජ්‍ය බුද්ධි ප්‍රධානියා සිය පැමිණිල්ලේ දැක්වා ඇත්තේ අදාළ සංවාදයේ සිරිල් ගාමිණි පියතුමන් පාස්කු ඉරුදින  ප්‍රහාරය එල්ල කළ ජාතික තව්හිද් ජමාත් නායක සහරාන් හෂීම් වෙත ශ්‍රී ලංකා බුද්ධි අංශ විසින් මූල්‍යමය හා වෙනත් සහන ලබා දී ඇතැයි ප්‍රකාශ කර ඇති බවය.
 
 
එසේම සහරාන් හෂීම් හා ඔහුගේ අනුගාමිකයින් පෝෂණය කිරීමෙහි ලා එකල බ්‍රිගේඩියර්වරයෙක් වු සලේ  ක්‍රියාකාරී වැඩ කොටසක් ඉටුකර ඇතැයි එම පියතුමන් ප්‍රකාශ කර ඇතැයි ද එම පැමිණිල්ලේ සඳහන් ඇති බව ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
 
ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත්තේ, මෙම චෝදනා සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.
 
 
සතියක් කල් ඉල්ලයි
 
 
මේජර් ජෙනරාල් සුරේෂ් සලේ  කළ පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඔක්තෝබර් 28  දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ සිරිල් ගාමිණී පියතුමා එම ප්‍රකාශය ලබාදීම සඳහා සතියක කාලයක් ඉල්ලා තිබේ.
 
ඒ අද දින පියතුමා වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටි වෙනත් පියතුමන්ලා තිදෙනකු මාර්ගයෙනි.
 
 
මිනිස් ජීවිත 268 ක්
 
 
දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින්  2019 අප්‍රේල් මස 21 වන දින එල්ල කළ  මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව නිසා 250 කට අධික සාමාන්‍ය වැසියන් සංඛ්‍යාවක් මියගියහ.
 
කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානය, දෙහිවල හෝටලයක සහ කොළඹ කිංග්ස්බරි, ෂැන්ග්‍රිලා, සිනමන් ග්‍රෑන්ඩ් හෝටල්වල දෙවසරකට ඉහතදී  බෝම්බ පිපිරීම් සිදු වුයේ  පුද්ගලයන් 268ක් ජීවිතක්ෂයට පත්කරමින්, තවත් 500කට අධික ප්‍රමාණයක් තුවාල සිදුකරමිනි.
 
පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිවයුත්තන්ට එරෙහිව දැනට ගෙන ඇති නෛතික ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමකට පත්නොවන බව කොළඹ අගරදගුරු කාදිනල්  මැල්කම් රංජිත් හිමියෝ දිගින් දිගටම අවධාරණය කරමින් සිටිති.
 
 

THE LEADER TV 
 
ඥාණසාරගේ එක රටක් එක නීතියක්.! | මොණරවිලගේ ලියමන
 
 
 
හාමුදුරුවෝ කරන්නේ කාගේ කොන්ත්‍රාත් එකක්ද ? 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්