තිස්සමහාරාම රන්මුදුගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට පිරිසක් විසින් පහර දී ඇති බවට තිස්සමහාරාම පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
 
පසුගිය 25 වනදා මෙම පහරදී සිදුකර ඇත්තේ, ලුණුගම්වෙහෙර වන සංරක්ෂණ නිලධාරීන් සහ කාවන්තිස්සපුර යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් බව වාර්තා වේ.
 
මේ පිළිබඳව අප කළ සොයාබැලීමේදී පහරකෑමට ලක්වූ පුද්ගලයා පැවසුවේ, මෙම ප්‍රදේශයේ බහුලව සිදුවන දඩමස් ජාවාරම, ගංජා ජාවාරම සහ ව්‍යාජ මත්පැන් සකස් කිරීමේ ජාවාරම් මෙන්ම මහාපරිමාණ වන සංහාර පිළිබඳව පොලීසියට සහ මාධ්‍යයට තොරතුරු ලබාදීම හේතුවෙන්, ලුණුගම්වෙහෙර වන සංරක්ෂණ කාර්යාලයේ වන අඩවි නිලධාරීවරයෙකු තමන් සමඟ විරසක වී සිටි බවත් මීට පෙරද අවස්ථා කිහිපයකදීම ඔහු තමන්ට තර්ජනය කළ බවයි.
 
 
කැලෑමහත්තුරු හා හමුදාව එකතු වී ලුණුගම්වෙහෙර රක්ෂිතය වනසලා
 
 
මේ අතර තමා වසර පහළොවක් පමණ කාලයක් තිස්සේ තමා වගා කටයුතු කරමින් පදිංචි වී සිටින ඉඩමට, අනවසරයෙන් ඇතුළු වූබවට චෝදනා කරමින් පැමිලි නිලධාරීන් නඩු පවරා ඇති බවද ඔහු කියා සිටියේය.
 
මේ පිළිබඳව ඔහුගේ වයස අවුරුදු අටක් වන දරුවාගෙන් අප විමසීමක් කළ අවස්ථාවේදී එම දරුවා පැවසුවේ පිස්තෝලයක් ඔළුවට තියලා තාත්තා බය කරලා තාත්තට හොඳටම පහර දුන් බවයි. එම අවස්ථාවේදීත් එම දරුවා කම්පනයට ලක්ව සිටියේය.
 
පසුව මේ පිළිබඳව ලුණුගම්වෙහෙර වන අඩවි නිලධාරී දර්ශන ගමගේ ගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ වනසංරක්ෂණ භූමියකට අනවසරයෙන් ඇතුළු වී පදිංචි වීම සම්බන්ධයෙන් ඔහු රැගෙන විත් තිස්සමහාරාම උසාවියට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවයි.
 
කෙසේ වෙතත් ප්‍රකාශයක් නොමැතිව උසාවියට ඉදිරිපත් කිරීම හේතුවෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙස පහරකෑමට ලක්වූ පුද්ගලයාට තිස්සමහාරාම මහේස්ත්‍රාත් කාංචනා පෙරේරා විසින් දන්වා සිටි බවත් සඳහන් කළේය.
 
 
 
(අරුණ : අමිල සම්පත් ශ්‍රී - තිස්සමහාරාම)
 
 
 
 

THE LEADER TV 
 
නැව ඉන්දු - චීන යුද්ධයකට ? | අද ගොසිප් එක
 
 
රට නං ඉවරයි වහ බොමු | මොණරවිලගේ ලියමන
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්