චීන තානාපති කාර්යාලය මහජන බැංකුව අසාදු ගත කර ඇතැයි එම තානාපති කාර්යාල ආරංචි මාර්ග කියා සිටියේය.

 
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ, ආර්ථික සහ වාණිජ කාර්යාලය  මෙම පියවර ගෙන ඇති අතර එම කාර්යාලය  අද (29) මේ බව චීන වෙළඳ අමාත්‍යාංශය වෙතද නිල වශයෙක් දන්වා ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.
 
මෑතකදී එම බැංකුව චීන සමාගමකට නිකුත් කළ ණයවර ලිපියට අදාළ ගෙවීම් පැහැර හැරීම  හේතුවෙන්තා තානාපති කාර්යාලය මෙම පියවර ගනු ලැබ ඇතැයි සදහන් වේ.
 
ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර වෙළෙඳාමේදී ශ්‍රී ලංකා මහජන බැංකුව  නිකුත් කරන ලද ණයවර ලිපි පිළිගැනීමෙන් වළකින ලෙසත් චීන තානාපති කාර්යාලය සියලුම චීන ව්‍යවසායකයන්ට දන්වා ඇතැයිද සදහන්වේ.
 
  
දැනට මතභේදයකට ලක්වී ඇති චීනයේ චින්දාඕ සීවින් බයෝටෙක් සමාගමෙන් ගෙන්වීමට සැලසුම් කළ කාබනික පොහොර සඳහා ණයවර ලිපි නිකුත් කරනු ලැබුවේ මහජන බැංකුව හරහා වන අතර ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන සේවය එම පොහොර සාම්පල පරීක්ෂාවෙන් පසුව පවසා තිබුණේ, එම පොහොර සාම්පලවල අර්වීනියා නම් බැක්ටීරියාව අඩංගු බැවින් එම පොහොර භාරනොගත යුතු බවටය.
 
 
මේ සම්බන්ධයෙන් lankadeepa.lk  මහජන බැංකුවෙන් කළ විමසිමකදි එහි උසස් නිළධාරියෙක් පවසා ඇත්තේ,  ණයවර ගෙවීම තහනම් කරමින් කොළඹ වානිජ අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබා දි ඇති බවයි. එම තහනම් නියෝගය හේතුවෙන් මුදල් ණයවර නිකුත් කිරීම තාවකාලිකව නතර කළ බව ද එම නිලධාරියා කියා තිබේ.
 
Peoples Bank 2021.10.28 1Peoples Bank 2021.10.28 2 
 
මේ අතර චීන තානාපති කාර්යලයේ ආර්ථික හා වාණිජ කාර්යාලයේ වෙබ් අඩවියේ පුවතක සඳහන් වන්නේ, “සැලකිය යුතු L/C අවදානම් අනතුරු ඇඟවීම: ශ්‍රී ලංකා මහජන බැංකුව පැහැර හැරීමේ අසාදු ලේඛනයට ඇතුළත් වේ” යනුවෙනි.
 
එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකා මහජන බැංකුව විවෘත කළ ණවර ලිපි සඳහා අදාල මුදල් ගෙවීම් පැහැර හැරීම හේතුවෙන් මෙලෙස අසාදු ලේඛනයට ඇතුළත් කළ බවය.
 
ගූගල් පරිවර්තනය අනුව එහි දැක්වෙන්නේ,
 
“මෑතක දී ශ්‍රී ලංකා මහජන බැංකුවට ණය පැහැර හැරීමේ දුෂ්ට ලිපියක් ඇති අතර, එමඟින් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළඳාමේ දී චීන සමාගම්වලට විශාල පාඩුවක් සිදු විය. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය දැන් බැංකුව අසාදු ලේඛනගත කරයි.
 
අවදානම් වැලැක්වීම සහ පාලනය ශක්තිමත් කරන ලෙසත්, ශ්‍රී ලංකාව සමඟ වෙළඳාම් කිරීමේදී බැංකුව විසින් නිකුත් කරන ලද ණයවර ලිපි භාර ගැනීමෙන් වළකින ලෙසත්, වෙළඳ අවදානම් ඉවත් කරන ලෙසත් චීනයේ අරමුදල් ලබන සියලුම ව්‍යවසායන්ගෙන් ඉල්ලා සිටී.” යනුවෙනි.
 
 
මූලාශ්‍රය :-
 
 

THE LEADER TV 
 
නැව ඉන්දු - චීන යුද්ධයකට ? | අද ගොසිප් එක
 
 
රට නං ඉවරයි වහ බොමු | මොණරවිලගේ ලියමන
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්