ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (30) අළුයම විදෙස් සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාමට පෙර අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.
 වරාය, ඉන්ධන, තැපැල් ප්‍රවාහන සහ රජයේ බැංකු ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින්  ජනපතිගේ අත්සනින් යුතුව එම අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. 
 
ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ (29) දිනයේ නිකුත් කළ එම නිවේදනයට අනුව ජන ජීවිතයට අත්‍යවශ්‍ය අදාළ සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම එහි අරමුණයි.  
 
ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොරෝනා නිවරණය සම්බන්ධයෙන් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්හි සඳහන් වන කරුණු ද සැළකිල්ලට ගෙන ඇත. 
 
ඒ අනුව එම සේවාවන්ට අදාළ රාජ්‍ය සංස්ථා, රජයේ දෙපාර්තමේන්තු, පළාත්පාලන ආයතන සහ රාජ්‍ය බැංකු ආදිය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්වනු ඇත.
 
 
වරාය, ඉන්ධන, ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවාවන් කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත්තේ, යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් අමෙරිකානු සමාගමක් සමඟ එළඹ ඇති අවබෝධතා ගිවිසුමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් ආණ්ඩුවට පක්ෂපාති වෘත්තීය සමිති සමග එක්ව වෘත්තීය ක්‍රියාමාර්ගයකට  සුදානම් වෙමින් තිබෙන මොහොතකය. 
 
ජනාධිපති ස්කොට්ලන්තයට :
 
 
එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් හි පැවැත්වෙන COP : 26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (30) අළුයම දිවයිනෙන් පිටත්ව ගියේය.
 
දේශගුණික විපර්යාස සහ ඊට මුහුණ දෙමින් කටයුතු කිරීමට රටවල් සැලසුම් කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව හෙට (31) සිට නොවැම්බර් 12 දක්වා ග්ලාස්ගොව් නුවරදී පැවැත්වේ. නොවැම්බර් 01 සහ 02 යන දෙදින එහි ලෝක නායකයන්ගේ සමුළුව සඳහා වෙන්කර තිබේ. 
 
“දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාව” ලෙස පැවැත්වෙන මෙම සමුළුවට ලොව පුරා රටවල් 197ක රාජ්‍ය නායකයෝ, රාජ්‍ය නියෝජිතයෝ, විද්වත්හු, ව්‍යාපාරිකයින් ඇතුළු ක්‍ෂේත්‍ර රැසක් නියෝජනය කරන විසිපන්දහසක පමණ පිරිසක් සහභාගී වෙති. එක්සත් රාජධානියේ මෙතෙක් පැවති විශාලතම සමුළුව මෙය බව ද වාර්තා වේ.
 
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, සූර්යබල, සුළං හා විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ, පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ ද ජනාධිපති සමග සංචාරයට එක්ව සිටිති.
 
 
gast1
 
 
gast 2
THE LEADER TV 
කෙරවලපිටියෙන් කෙළවෙන තැනට ? | මොණරවිලගේ ලියමන
 
 
 
එක රටට, නීතියට අලි වලි ? | අද ගොසිප් එක

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්