කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ CSN නාලිකාව සම්බන්ධ නඩුවේ වර්තමාන සත්‍ය තත්ත්වය කුමක්දැයි විමසමින් නාගරික මන්ත්‍රීවරියක් විසින් 2016 තොරතුරු දැනගැනීමේ පනත යටතේ (RTI) නීතිපති
දෙපාර්තමේන්තුව වෙත තොරතුරු දැනගැනීමේ පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.
 
එම නඩුව සම්බන්ධව පොලිසිය විසින් නීතිපති උපදෙස් ඉල්ලා තිබේද නඩුවේ ඉදිරි කටයුතු විභාගවන්නේ කෙසේද යන්න පිළිබඳව සිවිල් හා පුරවැසි ක්‍රියාකාරීන්ට යම් අපැහැදිලිතාවයක් ඇතිව ඇති බව පවසමින් එම RTI පත්‍රීකාව ඉදිරිපත්කර ඇත්තේ, කෝට්ටේ නගර සභාවේ නාගරික මන්ත්‍රීනී,  ප්‍රියදර්ශනී ආරියරත්නයි. ඇය 'යහපාලනය සඳහා කාන්තාවෝ' සංවිධානයේ කැඳවුම්කාරිනිය ද වේ. 
 
ඉහත කී කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන B/9823/15 නඩුව සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කරන මෙන් නාගරික මන්ත්‍රීවරිය සිය RTI පත්‍රීකාවෙන් ඉල්ලා ඇත.   
 
නීතිපති දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරී වෙත ඉදිරිපත් කර ඇති අදාළ තොරතුරු ඉල්ලීම මේ මොහොතේ යුක්තිය වෙනුවෙන් පෙනී සිටින පුරවැසි ප්‍රජාවට වඩාත් වැදගත් වන්නේ නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව තොරතුරු දැනගැනීම පුරවැසි අයිතිවාසිකමක් වන නිසාත්, යුක්තිය ක්‍රියාත්මක වීම පමණක් ප්‍රමාණවත් නොව එය ක්‍රියාත්මක වන ආකාරය පෙනෙන්නට තිබීමත් නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් සඳහා අත්‍යවශ්‍ය වන නිසාත් බව ප්‍රියදර්ශනී ආරියරත්න මන්ත්‍රීවරිය පවසයි.
 
 
වර්තමාන රජයට සම්බන්ධ විවිධ පුද්ගලයින් වෙත එල්ලවන චෝදනා සම්බන්ධව මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් සිදුකරන ලද විමර්ශන වලට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව විසින් පවරා තිබූ නඩු ඉල්ලා අස්කර ගැනීම පසුගිය කාලය මුළුල්ලේම නිරීක්ෂණය විය. 
 
මෙය නීතියේ ආධිපත්‍ය පිළිබඳව මහජන විශ්වාසය සුරක්ෂිත කිරීමෙහිලා බරපතලව සැලකිය යුතු කරණක් බව දේශපාලන විශ්ලේෂකයින් විසින් පෙන්වා දෙන ලදී. 
 
එම තත්වය තුළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ධූරය හෙබවූ පසුගිය රජය සමයේ CSN ආයතනය සම්බන්ධව කටයුතු සිදුවූ ආකාරය විශේෂයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විකාශන කටයුතු CSN නාලිකාව සමඟ සිදුකිරීමේදී ලැදියාවන් අතර පරස්පරතා සහ අක්‍රමිකතා සිදුව ඇතිබවට චෝදනා එල්ලවිය. 
 
ඒ පිළිබඳව මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් විමර්ශන සිදුකරන බවටද පසුගිය යහපාලන රජය සමයේ මාධ්‍ය විසින් වාර්තා කරන ලදී. 
 
ඒ අනුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ B/9823/15 යන අංකය යටතේ CSN නාලිකාව සම්බන්ධව කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් නඩුවක් ගොනුකර ඇත. 
 
එහෙත් එම නඩුව සම්බන්ධව පොලිසිය විසින් නීතිපති උපදෙස් ඉල්ලා තිබේද නඩුවේ ඉදිරි කටයුතු විභාගවන්නේ කෙසේද යන්න පිළිබඳව සිවිල් හා පුරවැසි ක්‍රියාකාරීන්ට යම් අපැහැදිලිතාවයක් ඇතිව තිබේ.
 
 
THE LEADER TV 
කෙරවලපිටියෙන් කෙළවෙන තැනට ? | මොණරවිලගේ ලියමන
 

 
 
එක රටට, නීතියට අලි වලි ? | අද ගොසිප් එක

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්