වසර ගණනාවක් තිස්සේ බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන් සොයා ගැනීමේ අරගලයක යෙදී සිටින

මව්වරුන්ට හිරිහැර කරන බවට රජයේ බුද්ධි අංශ වෙත දිගින් දිගටම චෝදනා එල්ල වෙමින් පවති.

 
යුක්තිය ඉල්ලා විරෝධතා දියත් කරන ස්ථාන අවට රජයේ බුද්ධි අංශ නිලධාරීන් ඡායාරූප ගැනීම හා වීඩියෝ ගත කිරීම නිසා තමන් මහත් භීතියට පත්ව සිටින බවයි උතුරේ මව්වරුන් පවසන්නේ.
 
ඔවුන් ඒ බව අවධාරණය කළේ යුද සමයේත් ඉන් පසුවත් බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද කුඩා දරුවන් ඇතුළු සිය සමීපතමයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා ඔක්තෝබර් 30 වැනිදා යාපනයේ නාවලර් වීදියේ පිහිටි එක්සත් ජාතීන්ගේ  සරණාගතයන් පිළිබඳ  මහ කොමසාරිස්  ක්ෂේත්‍ර කාර්යාලය ඉදිරිපිටදී හැඬු කදුලින් විරෝධතාවයක් දියත් කරමිනි.
 
 
වසර ගණනාවක් තිස්සේ ඉල්ලා සිටි යුක්තිය ඉටු කිරීමට ශ්‍රී ලංකා රජය මේ වන තෙක් ක්‍රියා කර නොමැති බව පවසන මව්වරුන් ඉල්ලා සිටින්නේ සිය දරුවන් සොයා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත් වීමකි.
 
 
 
යුක්තිය ඉල්ලා උද්ඝෝෂණවල නිරත වන පුද්ගලයන්ගේ ඡායාරූප හා දර්ශන යොදාගනිමින් ඔවුන් පසුව වධහිංසාවට ලක් කරන බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන එක්සත් ජාතීන්ගේ සංවිධානයට දිගින් දිගටම කරුණු දක්වා තිබේ. 
 
අධ්‍යාපනයේ මිලිටරීකරණයට  හා වැටුප් විෂමතාවට  එරෙහිව සටන් වදින ගුරු හා ශිෂ්‍ය ක්‍රියාධාරීන්ගේ දර්ශන තමන් සතුව ඇති බව පොලිසිය බාර ඇමැති සරත් වීරසේකර ප්‍රසිද්ධියේ පවසා තිබුණි. 
 
 
ඉරණම නොදැන අවසන් ගමනේ
 
බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන් සොයා ගැනීම සදහා ජාත්‍යන්තර වශයෙන් යුක්තිය අපේක්ෂාවෙන් උතුරේ දියත් කර ඇති අඛණ්ඩ අරගලයට එක්ව සිටි දෙමාපියන් 90 දෙනකුට ආසන්න ප්‍රමාණයක් සිය දරුවන්ට අත්වු ඉරණම නොදැනම මේ වන විට දිවි ගමන නිමා කර තිබේ.
 

 
 
අවුරුදු තුන හමාරත් පසුකළ OMP කාර්යාලය
 
අතුරුදහන් කරනු ලැබුවන් සොයාගැනීමට අඛණ්ඩ අරගලයක යෙදී සිටින ඥාතීන්ට එකම සමීපතමයකු හෝ සොයා දීමට සමත් වී නැති අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට (OMP) මේ වන විට වසර තුන හමාරක් පසු කර තිබේ. 
 
මෛත්‍රී - රනිල් ආන්ඩුව විසින් තමන්ගේ නායකත්වයෙන් 2018 පෙබරවාරි 28 දා පිහිටුවන ලද කාර්යාලය සම්බන්ධයෙන් කෝපයෙන් යුතු ඥාතීන් සිටින බව හිටපු OMP ප්‍රධානියාද පිළිගෙන තිබුනි.
 
“අතුරුදහන්වීම් සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය පිළිබඳව කෝපයට හා ශෝකයට පත් පවුල් වල සාමාජිකයින් දහස් ගණනක් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ අපට මුණගැසී ඇති අතර, අතුරුදහන් වීම් සම්බන්ධයෙන් රජය විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාවලියට එරෙහිව විරෝධතාවන්ට සහභාගී වූ, රාජ්‍ය ආයතන කෙරෙහි කිසිදු විශ්වාසයක් නැති සහ මේ සම්බන්ධයෙන් ජාත්‍යනත්තර මැදිහත්වීමක් අපේක්ෂා කරන පිරිස් මේ අතර සිටිති,” යි OMP දෑවුරුදු සමරුව වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පිරිස්ගේ සභාපතිවරයා නිකුත් කළ නිවේදනයක දැක්වේ.
 
යුද්ධයේ අවසාන දින වලදී ආරක්ෂක අංශ භාරයට පත් වීමෙන් පසුව හා යුද්ධයේ අවසන් මොහොතේ අතුරුදහන් වු තමන්ගේ ආදරණීයයන්ට අත්වූ ඉරණම හෙළි කරන ලෙස රජයට බල කරමින් 2017 වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී වව්නියාව, කිලිනොච්චිය, යාපනය, මුලතිව්, ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්ක වල සත්‍යග්‍රහ ව්‍යාපාර ආරම්භ විය.
 
 
ආගිය අතක් සොයා ගැනීමට නොමැති තම සමීපතමයන්ගේ ඉරණම ඥාතීන්ට හෙළිකර දීම සඳහා ආණ්ඩුවට “නෛතික හා සදාචාරාත්මක” වගකීමක් ඇතැයි හිටපු OMP ප්‍රධානියා සිය කාර්යාලයේ දෙවර්ෂ පූර්ණ සංවත්සර නිවේදනයේ සඳහන් කර තිබේ. 
 
  
කෙසේ නමුත් යුද සමයේ ආරක්ෂක බලධාරියා වූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2020 වසරේදී  එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත හැනා සිංගර් සමග ප්‍රකාශ කර තිබුනේ සිය සොහොයුරු මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ උතුරේ දියත් කළ යුද්ධයේදී අතුරුදහන් වූ පුද්ගලයන් මරණයට පත්ව ඇති බවයි.
 
ඉන් පසුව ඔහු පවසා තිබුනේ “අතුරුදහන් බව කියන විශාල පිරිසක්” මරුමුවට පත්වූයේ යැයි එක්සත් ජාතීන්ගේ ආයතනයක් විසින් පැවසූ බවයි.

 

 


 

THE LEADER TV 

 

ගලි බව් "ස"ර්? | මොණරවිලගේ ලියමන

 

 

හොර පෝර චොර වෙයි ?| "ස" ගේ දැනගැනීම පිණිසයි 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්