දශකයකට අධික කාලයක් තිස්සේ බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන් සොයා ගැනීම සදහා දෙමළ මව්වරුන් ජාත්‍යන්තර යුද
අපරාධ අධිකරණයක පිහිට පතමින් උතුරේදී විරෝධතාවයක් දියත් කර තිබේ.
 
කුඩා දරුවන් ඇතුළු සිය සමීපතමයන්ට අත්වු ඉරණම හෙළි කරන ලෙස ශ්‍රී ලංකා රජයට දිගින් දිගටම කරන ඉල්ලීම් සදහා මේ තාක් කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බැවින් සිය සමීපතමයන් සොයා ගැනීම සදහා ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයක පිහිට ඉල්ලා සිටිමින් ඔක්තෝබර් 30 වැනි සෙනසුරාදා වව්නියාව පරණ බස් නැවතුම්පොළ ඉදිරිපිටදී විරෝධතාවයක් දියත් වු බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
 
සමීපතමයන්ට අත්වු ඉරණම හෙළි කරන ලෙස ඉල්ලමින් සෑම මාසයකම විරෝධතා පවත්වන බවට ඔනෑම අයෙකුට තමන්ට එරෙහිව චෝදනා කළ හැකි නමුත් ස්වාමියා සහ දරුවන් අහිමිව දැඩි කම්පනයට පත්ව සිටින තමන් වෙන කුමක් කරන්නැදැයි ප්‍රශ්න කරන දෙමළ මාතාවන් එහිදී තව අවධාරණය කර සිටියේ යුක්තිය ඉටුවනතෙක් අරගලය අත් නොහරින බවයි.
 
යුද සමයේත් ඉන් පසුවත් බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද කුඩා දරුවන් ඇතුළු සිය සමීපතමයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා ඔක්තෝබර් 28 වැනි දින මුලතිව් නගරයේදීත් ඔක්තෝබර් 30 වැනි දින යාපනයේදීත් තවත් විරෝධතා දෙකක් දියත් කර තිබුනි.
 
                                                                                              
 
වසර ගණනාවක් තිස්සේ ඉල්ලා සිටි යුක්තිය ඉටු කිරීමට ශ්‍රී ලංකා රජය මේ වන තෙක් ක්‍රියා කර නොමැති බව පවසන සිය සමීපතමයන් අහිමිව සිටින ‍උතුරේ සියළු මව්වරුන් ඉල්ලා සිටින්නේ සිය දරුවන් සොයා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත් වීමකි.
 
 
බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන් සොයා ගැනීම සදහා ජාත්‍යන්තර වශයෙන් යුක්තිය අපේක්ෂාවෙන් උතුරේ දියත් කර ඇති අඛණ්ඩ අරගලයට එක්ව සිටි දෙමාපියන් 90 දෙනකුට ආසන්න ප්‍රමාණයක් සිය දරුවන්ට අත්වු ඉරණම නොදැනම මේ වන විට දිවි ගමන නිමා කර තිබේ.
 
අතුරුදහන් කරනු ලැබුවන් සොයාගැනීමට අඛණ්ඩ අරගලයක යෙදී සිටින ඥාතීන්ට එකම සමීපතමයකු හෝ සොයා දීමට සමත් වී නැති අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට (OMP) මේ වන විට වසර තුන හමාරක් පසු කර තිබේ.
 
මෛත්‍රී - රනිල් ආණ්ඩුව විසින් තමන්ගේ නායකත්වයෙන් 2018 පෙබරවාරි 28 දා පිහිටුවන ලද කාර්යාලය සම්බන්ධයෙන් කෝපයෙන් යුතු ඥාතීන් සිටින බව හිටපු OMP ප්‍රධානියාද පිළිගෙන තිබුනි.
 
යුද සමයේ ආරක්ෂක බලධාරියා වූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2020 වසරේදී  එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත හැනා සිංගර් සමග ප්‍රකාශ කර තිබුනේ සිය සොහොයුරු මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ උතුරේ දියත් කළ යුද්ධයේදී අතුරුදහන් වූ පුද්ගලයන් මරණයට පත්ව ඇති බවයි.
 
ඉන් පසුව ඔහු පවසා තිබුනේ “අතුරුදහන් බව කියන විශාල පිරිසක්” මරුමුවට පත්වූයේ යැයි එක්සත් ජාතීන්ගේ ආයතනයක් විසින් පැවසූ බවයි.
 

THE LEADER TV 
 
ගලි බව් "ස"ර්? | මොණරවිලගේ ලියමන
 
 
 
හොර පෝර චොර වෙයි ?| "ස" ගේ දැනගැනීම පිණිසයි 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්