විශේෂඥ වෛද්‍යවරුන් යටතේ වසරක සීමාවාසික පුහුණුවක් සඳහා පසුගියදා දිවයින පුරා රෝහල් 64 කට අනුයුක්ත කරනු ලැබූ ඇතම් සීමාවාසික
වෛද්‍යවරුන් මුලික මිනිස් අයිතිවාසිකම් පවා උල්ලංඝනය වන ආකාරයෙන් සේවයේ යොදවා ඇති බවට චෝදනා එල්ලවෙමින් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි. 
 
එසේ රෝහල්වලට අනුයුක්ත කරනු ලැබූ ඇතැම් සීමාවාසික වෛද්‍යවරුන්ට පුරා පැය 28කට වැඩි කාලයක් නොනිදා එකදිනට ම වැඩ කිරීමට සිදුව ඇති බවත්, ඉන් අනතුරුව පවා නිදාගැනීමට විවේකයක් ලබාදෙනුයේ පැය 4ක 5ක කාලයක් බවටත්, එම තත්වය තුල රෝගීන් බැලීම කෙසේවෙතත් සීමාවාසික වෛද්‍යවරුන් බරපතල මානසික කම්පනයකට පත්ව සිටින බවටත් පැමිණිලි ලැබී ඇතිබව ඉහත ආරංචිමාර්ග තව දුරටත් පවසයි. 
 
මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසුයේ සීමාවාසික වෛද්‍යවරුන් පත්කිරීමේදී රජයේ වෛද්‍ය සංගම් හා අමාත්‍යංශය අතර පැවතුන මතගැටුම් මත ගෙන ඇති තීන්දු තීරණ මෙවැනි තත්වයක් මතුවීමට බලපා ඇති බවයි.
 
 
මේ වසරේ සීමාවාසික පත්වීම 1719 ක්
 
IMG 20211025 WA0004
 
සීමාවාසික වෛද්‍යවරුන් 1505 දෙනෙකු වෛද්‍යවරුන් ලෙස රෝහල් කරා..
 
 
සීමාවාසික වෛද්‍යවරුන් 1401 දෙනෙකුට ඔක්තෝම්බර් 25 පත්වීම් ප්‍රදානය කර තිබු අතර ඔවුන් සියලු දෙනා 27 දා රාජකාරි සඳහා වාර්තා කර තිබිණ. 
 
සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල අතින් මෙම පත්වීම් ප්‍රදානය නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේදී සිදු කෙරිණි. නිල වශයෙන් මෙහිදී සීමාවාසික වෛද්‍යවරුන් පිරිසකට පත්වීම් ප්‍රදානය කෙරුණු අතර දිවයිනේ විවිධ ප්‍රදේශ වල සිට අනෙකුත් පත්වීම් ලාභීන් මෙම අවස්ථාවට සූම් තාක්ෂණයෙන් එක්ව සිටියහ.
 
මේ වසරේ ජූනි මාසයේදී තවත් සීමාවාසික පත්වීම් 318 ක් ලබා දුන් අතර ඒ අනුව මෙම වසර තුළ එවැනි පත්වීම් 1719 ක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. 
 
25 දා ලබා දුන් පත්වීම් අතර 1066 දෙනෙකු ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල තුළ අධ්‍යාපනය හැදෑරූ වෛද්‍ය සිසුන් වන අතර 335 දෙනෙකු විදෙස් විශ්ව විද්‍යාලයන්හි වෛද්‍ය අධ්‍යාපනය හදාරා ඇත.
 
වසරක සීමාවාසික පුහුණුව සාර්ථකව නිමකෙරෙන වෛද්‍යවරුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පූර්ණ ලියාපදිංචියකට ලක් කෙරෙන අතර අනතුරුව මෙරට වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේ හැකියාව ඔවුනට පවතී.
 
මේ අතර පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් 1505 දෙනෙකු සඳහා වෛද්‍ය නිලධාරී පත්වීම් ලබාදීම පසුගිය 22 දා සිදු කෙරුණු අතර එම වෛද්‍යවරුන් දිවයිනේ ග්‍රාමීය හා පර්යන්ත රෝහල් කරා අනුයුක්ත කෙරිණි.
 
මේ වන විට මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ 22000 ක පමණ වෛද්‍යවරුන් පිරිසක් සිටින අතර සෑම වසරකම 1900-2000 ත් අතර වෛද්‍යවරුන් පිරිසක් වෛද්‍ය ක්ෂේත්‍රයට එක් වේ. එමෙන්ම වසරකට 500 ට ආසන්න වෛද්‍යවරුන් පිරිසක් විශ්‍රාම ගැනීම හෝ විදෙස්ගත වීම සිදු වේ.
 
  
වෛද්‍ය වෘත්තිය යනු ලොව ඉතා ශ්‍රේෂඨ වෘත්තියක් බවත් ඒ තුළ විඳ දරා ගැනීමේ හැකියාව ඉතා ඉහළින් ම පැවතිය යුතු බවත් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල පත්වීම් ප්‍රධානෝත්සවයේදී පැවසීය.
 
 
විශ්වවිද්‍යාල කරා ඇතුළුවන අනෙකුත් සිසුනට වඩා වෛද්‍ය සිසුනට විශාල කැපකිරිමක් සිදු කිරීමට සිදුවන බවද සංකීර්ණ විෂය ධාරාවකට හා ප්‍රායෝගික පුහුණුවකට වෛද්‍ය සිසුවා මුහුණ දීම අතිශය අභියෝගාත්මක ක්‍රියාවලියක් බවද හෙතෙම සඳහන් කළේය.
 
වෛද්‍ය ශිෂ්‍ය වකවානුවේ මෙන්ම වෛද්‍යවරයෙකු වීමෙන් පසුවද ඉහළ මානසික ඒකාග්‍රතාවයක් නිරන්තරයෙන් තබාගැනීමේ අභියෝගයටද ඔවුන්ට මුහුණ දීමට සිදු වන බව අමාත්‍ය රඹුක්වැල්ල කීය.
 
 

THE LEADER TV 
 
ගලි බව් "ස"ර්? | මොණරවිලගේ ලියමන
 
 
 
හොර පෝර චොර වෙයි ?| "ස" ගේ දැනගැනීම පිණිසයි 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්