මානව හිමිකම් උදෙසා පෙනී සිටි ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයකු වූ නීතීඥ අථිල අතාවුද හදිසියේම අවභාවප්‍රාප්ත වී තිබේ. 
 
 
නීතීඥයෙකු වශයෙන් තම සමාජ වගකීම මැනවින් හඳුනාගෙන සිටි ඔහු සමාජමය යහපත සඳහා වූ නඩු ගණනාවක් වෙනුවෙන්ම නොමිලේ සිටි නීතීඥයෙකි.
 
 වර්ගවාදයට, අයුක්තියට, අසාධාරණයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් වෙනුවෙන්, මිනිස් නිදහස වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි සමාජ ක්‍රියාකාරිකයෙකු වූ හෙතෙම, මිත්‍යාවට එරෙහි මාධ්‍ය භාවිතයක නියැලෙමින්  අඛණ්ඩව සටන් වැදුණු හේතුවාදියෙකු ද විය.      
 
 250926925 10227641061596082 624500219006076580 n 
 
අථිල අතාවුද ගේ හදිසි වියෝව සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකර ඇති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සනත් බාලසුරිය මෙසේ සඳහන් කර තිබේ.
 
 
අමිල දිවියක් අතරමග අත්හළ පුතු අථිල...
 
 
 
අථිල මා දන්නේ කුඩා දරුවකුව සිටියදී පටන් ය.
 
අප රටින් පිටවනවිට ඔහු දසකීයයකු වී සිටින්නට ඇත. 
 
තුරුණු සමාජ මැදිහත්කරුවකු ලෙස ඔහුගේ කැකුළු අවදිය හා සුපුෂ්පිත වීම අප බලාසිටියේ ස්නේහයෙන් මුත් බොහෝ දුර සිට ය.
 
සිය දිවිමඟ සාම්ප්‍රදායික මුඩුබිමෙන් ගලවා වෙනස් පොළොවක පැළකරන්නට ඇවැසි ආස්වාදය ද, උත්තේජනය ද, පන්නරය ද ලද එක් ප්‍රභවයක් වූයේ, එක්තරා යුගයක අප විසින් කරන්නට යෙදුණු අරගල බව ඔහු මුල්කාලයේ වරක් දෙකක් ලියාතිබෙනු මම දැක ඇත්තෙමි. 
 
ඉක්මනින් ම විචාරශීලී හා තැන්පත් සිතන්නකු බවටත්, තමන් විශ්වාස කළදෙය වෙනුවෙන් නොබියව පෙනීසිටින්නකු හා නොතිත් අනුරාගයෙන් වැඩකරන්නකු බවටත් ඔහු පත්විය.
 
කොතරම් දුෂ්කර වුව, නිවැරැදි දේශපාලන ආස්ථානයක රැඳෙන්නට මේ තරම් යෞවනයේදීම ඔහු දැරූ තැත ප්‍රශස්ත ය.
 
වත්මන් ලංකාව සමස්තයක් ලෙස ඛේදවාචකයකි‍.
 
හැකි හැමඑකාම ඒ ඛේදවාචකයෙන් හැකිතරම් දුරකට පැනයාමට සිතන සමයකි‍.
 
ඒ ඛේදවාචකයෙන් පැනයන්නට නොසිතා, එය වෙනස්කරන්නට අදිටන් කරගත් දීප්තිමත් තරුණකු මෙසේ නොකල්හි සදහට පළවාහැරීම, ලංකාව ගැන ස්වභාව ධර්මයාගේ කිසියම් කුරිරු හැඟවුමක්ද?
 
අථිල මට පුතකු වන්නේ ඔහු දේවිකාගේ සමීපස්ථ ඥාති පුත්‍රයකු වූ බැවිනි‍.
 
යළි කිසිදා හමු නොවන බැවින්, ඔහු ගැන තබන සටහනක් ඒ සබඳතා සඟවා ලියන්නට මට සිත් නොදිණි‍‍. 
 
මේ කෙටි සටහන ලියැවෙන විටත් ඔහු සුසානය කරා යන ගමනට පිටත්ව සිටී‍.
 
තව මොහොතකින් මේ රුසිරු යෞවනයා සිහින් දුම් දහරක්ව අනන්ත අවකාශයට එක්වනු ඇත‍.
 
පුත අථිල, ඔබට සදාකාලික දිගු නින්දක්!!!
 

THE LEADER TV 
 
ගලි බව් "ස"ර්? | මොණරවිලගේ ලියමන
 
 
 
හොර පෝර චොර වෙයි ?| "ස" ගේ දැනගැනීම පිණිසයි 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්