හානිකර බැක්ටීරියා ඇතැයි කියමින් ආපසු හරවා යැව් චීන කාබනික පොහොර රැගත් Hippo Spirit

නෞකාව ශ්‍රී ලංකා මුහුදට ඇතුළු වී ඇති බව නාවික ගමනාගමන වෙබ් අඩවි තහවුරු කර තිබේ.

 
මේ අතර අග්‍රාමාත්‍ය මාධ්‍ය හා සන්නිවේදන අංශය නිකුත්කල නිවේදනයක සඳහන් වන්නේ, මෙරටට කාබනික පොහොර ආනයනය කරන ලද සමාගමේ දේශීය නියෝජිත ආයතනයේ එක් අධ්‍යක්ෂකවරයෙකුට අගමැති ලේකම් ගාමිණී සේදර සෙනරත්ගේ ඥාතිත්වයක් ඇති බව සත්‍ය නමුත් එහි ව්‍යාපාර කටයුතුවලට ඔහුගේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවයි. 
 
එම සමාගමට ව්‍යාපාර කටයුතු සිදුකිරීමේදී තමන් කිසිදු මැදිහත්වීමක් හෝ බලපෑමක් කිසිසේත්ම සිදු කර නොමැති බව ද අගමැති ලේකම්වරයා කියා සිටියි.
 
තමන් එවන් මැදිහත්වීමක් හෝ බලපෑමක් කර ඇතැයි කිසිවෙකුට සාක්ෂි හෝ කරුණු ඇත්නම් ඒ ගැන විධිමත් පැමිණිල්ලක් සිදුකර ඕනෑම විමර්ශන ආයතනයකින් පරීක්‍ෂණ සිදු කරන ලෙසද අගමැති ලේකම්වරයා ඉල්ලයි.
 
අදාල විමර්ශන සඳහා සහාය ලබාදීමට තමන් ඉතා කැමැත්තෙන්ම ඉදිරිපත් වන බවත් හෙතෙම පවසයි.
 
කාබනික පොහොර ආනයනය පිළිබඳව පාර්ශවයක් ගණනාවක් සෘජුව හා වක්‍රව අගමැති ලේකම්වරයා වෙත එල්ලවන චෝදනාවන්ට ප්‍රතිචාර දක්වමින් ඔහු වෙනුවෙන් අගමැති මාධ්‍ය ඒකකය මේ බව නිවේදනය කර සිටී.
 

 45545 1

 

 


 

THE LEADER TV 
 
 
 
සකල දේශවාසි ජනතාවනි, එන්න ගුලිය කන්න! | මොණරවිලගේ ලියමන
 
 
 
ගලි බව් "ස"ර්? | මොණරවිලගේ ලියමන
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්