මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබද නඩු විභාගය නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ” මාධ්‍යවේදී ඝාතනයන් පිළිබඳ නිත්‍ය මහජන අධිකරණය” The People’s Tribunal on the Murder of Journalists
විසින් නොවැම්බර් 02 දා ආරම්භ කරයි.
මෙම නඩුවෙහි අපරාධ චෝදනා ගොනු කැරෙන්නේ ශ්‍රි ලංකා ආණ්ඩුවට එරෙහිවය.
පළමු නඩු විභාගය 2021 නොවැම්බර් 2, අඟහරුවාදා, හේග්හිදී, මධ්‍යම යුරෝපීය වේලාවෙන් පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා පැවැත්වේ. This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් තැපෑලෙන් සම්බන්ද වී මේ සදහා සහභාගී විය හැකිය, නැතහොත් සජීවීව saferworldforthetruth.com හරහා නැරඹිය හැක.
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අමරතව ලොව කැළඹූ තවත් ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ ඝාතන එම අධිකරණය විමසා බලනු ඇත.
ඒ තුර්කියේ සවුදි අරාබි තානාපති කාර්යාලය තුළද ඝාතනය කරන ලද වොෂින්ටන් පොස්ට් ලේඛක ජමාල් කිෂෝගි සම්බන්ධ විභාගය සහ යුරෝපා සංගමයේ රටක් වන වෙලස්කෝ හි දී ඝාතනය කරන ලද ගවේෂණාත්මක ජනමාධ්‍යවේදිනී ඩැෆ්නි කරුවානා ගලීෂියා නඩු විභාගයයි.
කිෂෝගිගේ පෙම්වතිය සහ ඩැෆ්නි කරුවානා ගේ පුතා ද සාක්ෂිදීමට නියමිතය.
එහිදී ප්‍රථමයෙන්ම විභාගයට ගනු ලැබෙන්නේ ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩු විභාගයයි. සිය පියාගේ ඝාතකයින් අධිකරණය ඉදිරියට ගෙන ඒමට අනවරත අරගලයක යෙදී සිටින අහිම්සා වික්‍රමතුංග ද එහිදී සාක්ෂී දෙනු ඇතැයි විශ්වාස කැරේ.
ට්වීට පණිවඩයක් මගින් ඇය කියා තිබුනේ, හේග් අධිරණයට සහාය වීමට ලැබීම තමා ගෞරවයක් සේ සළකන බවයි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් මෙරට රහස් පොලීසිය විසින් කරන ලද පරීක්ෂන ප්‍රතිපල බොහොමයක් මෙම නඩු විභාගය සඳහ ඉදිරිපත් කැරෙනු ඇතැයි තතුදත් ආරංචි මාර්ග පවසයි.
එහිදී ඉදිරිපත් වනු ඇති ප්‍රබල සාක්ෂියක් වන්නේ උප පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල විසින් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා වෙත කරන ලද දීර්ඝ සාක්ෂියයි.
සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලෙස කටයුතු කරද්දී 2009 ජනවාරි 08 වැනිදා ලසන්ත වික්‍රමතුංග ඝාතනය කෙරිණ . ඒ, ඔහු සිය කාර්යාලය බලා යමින් සිටියදී ය.
වැඩිදුරටත් තොරතු සඳහා :
THE LEADER TV
සකල දේශවාසි ජනතාවනි, එන්න ගුලිය කන්න! | මොණරවිලගේ ලියමන
ගලි බව් "ස"ර්? | මොණරවිලගේ ලියමන