ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් හිදී පැවැත්වෙන COP 26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටින
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව එරට වෙසෙන ශ්‍රී ලාංකීය ඩයස්පෝරාව විසින් විරෝධතාවයක් පවත්වා තිබේ. 
 
WhatsApp Image 2021 11 01 at 2.21.52 PMWhatsApp Image 2021 11 01 at 2.21.51 PMWhatsApp Image 2021 11 01 at 2.21.53 PM 1WhatsApp Image 2021 11 01 at 2.21.54 PM
 
 
 
 
කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍යයි - ජනපති
 
 
මේ අතර ස්කොට්ලන්තයේ ග්ලාස්ගොහිදී පැවැත්වෙන කොප් 26, එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට සමගාමීව ශ්‍රී ලංකාව සංවිධාන කළ විශේෂ සම්මන්ත්‍රණය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසුයේ, 
සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍ය බව 
 
සම්මන්ත්‍රණය පැවැත්වුණේ නයිට්‍රජන් නැවත සොයා ගැනීම, දේශගුණික විපර්යාස, සෞඛ්‍ය ජෛව විවිධත්වය සහ චක්‍රීය ආර්ථිකය සඳහා විසඳුම් සහ ක්‍රියාකාරීත්වය යන තේමාවෙනි.
 
සිය රජයේ ප්‍රතිපත්ති රාමුව තිරසර සංවර්ධනය බව ජනාධිපතිවරයා එහිදි පෙන්වා දී තිබේ.
 
දශක ගණනාවක් පුරා නිදන්ගත වකුගඩු රෝගය ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව අතර බරපතළ ගැටලුවක් බව සඳහන් කළ ජනාධිපතිවරයා රසායනික පොහොර අධික ලෙස භාවිත කිරීම මීට ප්‍රමුඛ හේතුවක් බව පෙන්වා දී තිබේ.
 
රසායනික පොහොර ආනයනය අවම කිරීමටත්, කාබනික කෘෂිකර්මාන්තය දැඩි ලෙස දිරිමත් කිරීමටත් තම රජය පියවර ගත්තේ එම සන්දර්භය තුළ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.
 
ජනාධිපතිවරයා පැවසුවේ, එම ක්‍රියාව පුළුල් ඇගයීමට ලක්ව ඇතත්, ඊට විවේචන සහ විරෝධතා ද එල්ල වී ඇති බවයි.
 
රසායනික පොහොර සඳහා සහය දක්වන කණ්ඩායම්වලට අමතරව, අස්වැන්න වැඩි කර ගැනීමේ පහසු මාධ්‍යයක් ලෙස පොහොර අධික ලෙස භාවිත කිරීමට පුරුදු වී ඇති ගොවීන්ගෙන් මෙම විරෝධතා එල්ලවී ඇතැයි, ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.
 
ශ්‍රී ලාංකීය පොහොසත් කෘෂිකර්මික උරුමය සලකා බැලීමේ දී මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
 
5a0595d5 president 3 

 
THE LEADER TV 
 
ජී. එල්. ටත් කැපිල්ලක් ! 
 
 
 
ගලි බව් "ස"ර්? | මොණරවිලගේ ලියමන
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්