1200 x 80 DMirror
 
 

පෘථිවියේ පැවැත්මට මනා සහයෝගීතාවයෙන් එක්ව වැඩ කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සියලු ජාතීන්ගෙන් ඉල්ලීමක් කරයි.
 ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගොහි දී  (01) ආරම්භ කෙරුණු COP :26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව අමතමිනි. 
 
“නව ගල් අඟුරු බලය නැති කිරීම සඳහා වූ ගෝලීය බලශක්ති සම්මුතියේ” සම ප්‍රමුඛයකු වීම පිළිබඳ අප  ශ්‍රී ලංකිකයන් වශයෙන් ආඩම්බර වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහිදී සඳහන් කළේය. 
 
“දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාව” ලෙස පැවැත්වෙන මෙම සමුළුවට ලොව පුරා රටවල් 197ක රාජ්‍ය නායකයෝ, රාජ්‍ය නියෝජිතයෝ, විද්වත්හු, ව්‍යාපාරිකයෝ ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන විසිපන්දහසක පමණ පිරිසක් එක්ව සිටිති.
 
එක්සත් රාජධානියේ මෙතෙක් පැවති විශාලතම සමුළුව මෙය බව ද ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.
 
 

 DSC0472 S

මෙම සමුළුව අමතමින් ජනපතිවරයා මෙසේ ද කීය.
 
බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වලට අනුව හැඩගැසුණු අපගේ උසස් දාර්ශනික උරුමය පාරිසරික අඛණ්ඩතාවයට විශාල වටිනාකමක් ලබා දෙනවා.එබැවින් එහි තිරසරභාවය අපගේ ජාතික ප්‍රතිපත්තියේ හදවත බඳුවෙනවා .
 
ලොව විශාලතම හරිතාගාර වායු විමෝචනය කරන්නන්  ඔවුන්ගේ කාර්යභාරය ඉටුකිරීම මෙන්ම සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට දේශගුණික අභියෝග ජය ගැනීමට සහායවීම අත්‍යාවශ්‍යයි.  මෙම අර්බුදයෙන් මිදීමට සහ පෘථිවියේ පැවැත්මට මනා සහයෝගීතාවයෙන් යුතුව වැඩ කරමු.
 
 
මහජන සෞඛ්‍ය ගැටලු, ජල දූෂණය, පරිසර විනාශය සහ ජෛව විවිධත්වයට වන බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාව මෑතකදී රසායනික පොහොර, පලිබෝධනාශක සහ වල්නාශක ආනයනය සීමා කළා.
 
 
මුල්බැස ගත් කණ්ඩායම් මේ සඳහා විරුද්ධ වුවද, මෙය අනාගතයේ දී සෞඛ්‍ය සම්පන්න සහ වඩා තිරසර හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් ගත් පියවරක්. මෙමගින් නවෝත්පාදන සහ ආයෝජන අවස්ථා නිර්මාණය කරනවා.
 
දේශගුණික විපර්යාස සියලු ජාතීන්ට බලපාන නමුත් සංවර්ධනය වෙමින් පවතින දූපත් රාජ්‍යයන්ට අසමාන ලෙස බලපානවා. දේශගුණික විපර්යාස අවම කිරීම සහ අනුවර්තනය වීම් සඳහා නිර්භීත පියවර ගන්නා සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට පුළුල් සහයෝගයක් ලැබිය යුතු වෙනවා.
 
අපගේ ප්‍රතිපත්තිය වසර 2050 වන විට කාබන් ශූන්‍යත්වයක් ළගා කර ගැනීම සඳහා විමෝචනය අවම කිරීමයි. 2030 වන විට අපගේ කාබන් වෙන් කිරීමේ ධාරිතාවය 7%කින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමට අපේක්ෂා කරනව.
 
පොසිල ඉන්ධන භාවිතය ක්‍රමනුකූලව තුරන් කිරීමට පියවර ගනිමින් සිටිනවා. 
 
වසර 2030 වන විට නිකුත් කරන නයිට්‍රජන් අපද්‍රව්‍ය ප්‍රමාණය අඩකින් අඩු කිරීමට උත්සාහ කරන තිරසර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප්‍රකාශනයට ශ්‍රී ලංකාව 2019 දී නායකත්වය දී තිබේ. මෙම වැඩසටහනට තවත් රටවල් එක්වනු ඇතැයි බලාපොරොත්තු වනු ඇතැයි මා බලපොරොත්තු වෙනවා.'' යයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
 
 

THE LEADER TV 
 
 
ගම සමග ගුටි කෙළිය ! | මොණරවිලගේ ලියමන | The Leader TV
ජී. එල්. ටත් කැපිල්ලක් ! 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58