කොළඹට කැප යාපනයට අකැප නිල ඇදුම් දෙබිඩි නීතිය මුල් කර ගනිමින්, ත්‍රස්ත මර්දන පොලිසිය යාපනයේ නගර සභිකයන් බිය ගන්වන බවට චෝදනා
එල්ල වී තිබේ.
 
 කම්කරුවන්ට හඳුන්වා දුන් නිල ඇඳුමක් දෙමළ විමුක්ති  විමුක්ති කොටි සංවිධාන පොලීසියේ නිල ඇඳුමට සමාන බව පවසමින් ඉකුත් අප්‍රේල් මස 9 වැනිදා යාපනය පුරපති විශ්වලිංගම් මනිවන්නම් හා නාගරික මන්ත්‍රී වී.පාර්තිපන් පොලිසියට කැඳවා ප්‍රශ්න කෙරුණු අතර පාර්තිපන් නිදහස් කොට ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් නගරාධිපතිවරයා පසුව ඇප මත මුදාහැරිණි.
 
 නිල ඇඳුම ගැන කෙරෙන පරීක්ෂණ මෙතෙක් අවසන්ව නොමැති අතර, යළිත් යාපනය මහ නගර සභාවේ මන්ත්‍රී පාර්තිපන්ගෙන් ත්‍රස්ත මර්දන පොලිසිය මගින් ප්‍රශ්න කොට තිබේ.
 
''නගර සභාවේ නිල සැසිවාරයකදී නිල වශයෙන් තීන්දුවක් අරගෙන නගර සභා සුපර්වයිසර්ලාට කොළඹ මහ නගර සභාවේ පාවිච්චි කරන යුනිෆෝර්ම්වලට සමාන යුනිෆෝර්ම් එකක් දෙන්න අපි තීන්දු කළා,'' යැයි ත්‍රස්ත මර්දන නිලධාරින්ගේ පැය පහක ප්‍රශ්න කිරීම් හමුවේ නාගරික මන්ත්‍රී වී.පාර්තිපන් පවසා තිබේ.
 
යාපනයට සමාන නිල ඇඳුමක් පළඳින කොළඹ නගර සභාවේ බලධාරීන්ගෙන් පොලිසිය ප්‍රශ්න කළ බවක් දැනගන්නට නැත.
 
211028 Jaffna TID Parthiban 
 
අපද්‍රව්‍ය ඉවත් කිරීම, දඩ මුදල් එකතු කිරීම, රථ වාහන පාලනය හා කම්කරුවන්ට නිල ඇඳුම් ලබා දීමට නගර සභාවට බලය දුන්නේ කවුද කියාත්, නගර සභාව බලය අත්පත් කර ගන්න කටයුතු කරනවා දැයි, පොලිසිය  ප්‍රශ්න කර සිටි බව ද නාගරික මන්ත්‍රී සඳහන් කර සිටී.
 
''නල්ලුර් වීදියකට පාවිච්චි කරපු තෙල් විසිකර ඇති බවට අපිට ලැබුණු තොරතුරක් අනුව මිනිස්සුන්ට අනතුරක් වෙන්න කලින්, නගර සභාවේ කම්කරුවෝ යොදලා ඒක සුද්ද කළා. ඒත් දැන් මේ ගැන අපිට තොරතුරු දුන්නු කඩ කාරයාත් ප්‍රශ්න කරන්න කැඳවලා, මටත් අවශ්‍යවුනොත් කොළඹ එන්න වෙයි කියලා පොලිසිය කිව්වා,'' `යැයි නාගරික මන්ත්‍රී වී. පාර්තිපන් මාධ්‍ය හමුවේ පැවසීය.
 
 යාපනය නගර සභා නිල ඇඳුම් ගැන ප්‍රශ්න කිරීම අවසන් වුවද, ඒ සම්බන්ධ විමර්ශනයකදී  සමාජ මාධ්‍ය වල නාගරික මන්ත්‍රීවරයා තැබු සටහන් පිලිබඳව නැවත ප්‍රශ්න කෙරෙන බවට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) දන්වා තිබේ.
 
 

 
 
 
THE LEADER TV 
 
ගම සමග ගුටි කෙළිය ! | මොණරවිලගේ ලියමන | The Leader TV
 
 
ජී. එල්. ටත් කැපිල්ලක් ! 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්