තරුණයන් ඇතුළු පුද්ගලයන් එකොලොස් දෙනකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමේ චූදිත හිටපු නාවික හමුදාපතිට එරෙහිව අධි

චෝදනා ඉවත් කරගැනීමට හේතුවී ඇත්තේ නීති නිලධාරියෙකුගේ රහස්‍ය වාර්තාවක් බව හෙළිදරව් වී තිබේ.

 
නීතිපති වෙනුවෙන් පෙනී සිටී අතිරේක සොලිස්ටර් ජනරාල් නෙරින් පුල්ලේ මේ බව සඳහන් කළේ, හිටපු නාවික හමුදාපති කරන්නාගොඩඑරෙහිව ගොනු කර ඇති අධි චෝදනා ඉවත් කර ගැනීමේ නීතිපතිගේ තීරණය බල රහිත කරන ලෙස අතුරුදහන් කළවුන්ගේ ඥාතින් ගොනු කළ පෙත්සමක් ඊයේ නොවැම්බර් පළමු වැනිදා අභියාචනාධිකරණයේදී විභාගයට ගත් අවස්තාවේදීය.
 
''හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල  හමුවේ  ගොනුකර තිබෙන අධි චෝදනා ඉවත්කර ගැනීමට නීතිපතිවරයා ගත් තීරණයට හේතු වූයේ චුදිත කරනාගොඩ සම්බන්ධයෙන් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙකු ඉදිරිපත් කර තිබූ `රහස්‍ය වාර්තාවක්` බව,''යි නීතිපති වෙනුවෙන් පෙනී සිටී අතිරේක සොලිස්ටර් ජනරාල් නෙරින් පුල්ලේ කියා සිටියේ.   
 
 
නීතිපති දෙපාර්තමේන්තුව සතු එම රහස්‍ය වාර්තාව අද දිනයේ අභියාචනාධිකරයට ඉදිරිපත් කරන ලෙස සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල විනිසුරු මඩුල්ල නියෝග කළේය.
 
 
හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ගොනුකර තිබෙන අධි චෝදනා ඉවත් කර ගැනීමට නීතිපතිවරයා ගත්  තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා නීතිඥ අචලා සෙනෙවිරත්න මගින් සරෝජා ගෝවින්ද සාමි නාගනාදන් හෙවත් එම්.සරෝජනී  පෙරේරා, ජමාල්ඩීන් ජෙනී ෆස්ලීන්ජෙනිෆර් වීරසිංහ, දොන් මර්වින් ප්‍රේමලාල්  වීරසිංහ, අමීන්තුල් ජිෆ්රියා සාබ්දීන් යන අතුරුදන් කළවුන්ගේ  ඥාතීන් සිව් දෙනෙකු ගොනු කළ මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ නීතිපති සංජය රාජරත්නම් සහ හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ යි. 
 
නීතිපතිවරයා වගඋත්තරකාර නාවික හමුදාපතිවරයාගේ අධි චෝදනා ඉවත් කර ගැනීමට ගත් තීරණය  ක්‍රියාත්මක වීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් කරන ලෙස ද විත්තිකාර හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ට එරෙහිව ගොනු කර ඇති නඩුව තවදුරටත් පවත්වාගෙන යන ලෙස  නීතිපතිවරයා ට බල කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ සිය පෙත්සම් මගින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිති.
 
Dehiwala Navy
 
යුද්ධය උත්සන්නව පැවති  2008-2009 වසර වල කොළඹ පදිංචි  පිරිමින්  11 දෙනෙක් පැහැර ගෙන යාම, කප්පම් ගැනීම සහ  අතුරුදන් කිරීම  ට එරෙහිව   චෝදනා 667 ක්  සාක්ෂිකරුවන් 126 ක් සහ නඩු ලේඛන 64 ක් ඇතිව  අධි චෝදනා ගොනු කරමින්  හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆීලීට් වසන්ත කුමාර ජයදේව කරන්නාගොඩට එරෙහිව පවරා තිබෙන අදාළ නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන නොයන බව නීතිපතිවරයා විසින් කොළඹ  මහාධිකරණයට හා අභියාචනාධිකරණයට දැනුම් දී තිබිණි.
 
 කස්තුරි ආරච්චිලාගේ ජෝන් රීට්, ඇන්ටනි කස්තුරි ආරච්චි,රාජීව් නාගනාදන්,  ප්‍රදීප් විශ්වනාදන්,මොහොමඩ් සාජීත්, තිලකේශ්වරම් රාමලිංගම්, ජමාල්ඩින් ඩිලාන්, අමලන් ලියෝන්, රෝෂාන් ලියෝන්,කනකරාජා ජේගන්, සහ මොහොමඩ් අලි අන්වර් පැහැරගෙන ගොස් අතුරුදන් කර තිබේ. අදාළ පරීක්ෂණ වලදී හෙළිවුයේ නාවික හමුදා නිලධාරින් විසින් පැහැරගත් තරුණයන් නිදහස් කිරීම සඳහා ඔවුන්ගේ දෙමාපියන්ගෙන් කප්පම් මුදල් ලබා ගෙන ඇති බවය. 
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය පරීක්ෂණ වාර්තා මගින් කියා සිටියේ පැහැරගත් අයගෙන් කිහිපදෙනෙක්  කොළඹදීත් තවත් පිරිසක් නාවික හමුදාවට අයත් ත්‍රිකුණාමල ගන් සයිඩ් කඳවුරේදී  මරා දමා ඇති බවය.
 
නාවික හමුදා බුද්ධි නිලධාරි ලුතිනන් කමාන්ඩර්  හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි , නාවික හමුදාවේ හිටපු මාධ්‍ය පූකාශක සහ නාවික මෙහෙයුම් නියෝජ්‍ය අධ්‍යක්‍ෂක  කොමදෝරු  දසනායක කම්කානම්ලාගේ පියසේන දසනායක ,  විශේෂ බුද්ධි නිලධාරි ලුතිනන් කමාන්ඩර් රණසිංහ පේඩිගේ සුමිත් රණසිංහ,  තිලකරත්න ලක්ෂ්මන් උදය කුමාර, කාරියවසම් හේවගේ නලින් ප්‍රසන්න වික්‍රමසුරිය, තම්මිට ඉහලගෙදර ධර්මදාස, රාජපක්ෂ පතිරණගේ කිත්සිරි, කස්තුරිආරච්චිගේ ගාමිණී,  මාස්ටර් ප්‍රධාන සුළු නිලධාරි  මුතුවාහැන්නදිගේ අරුණ තුෂාර මෙන්ඩිස්, හිටපු නාවික හමුදාපති කරන්නාගොඩගේ පුද්ගලික ආරක්‍ෂක ලුතිනන් කමාන්ඩර් මුණසිංහආරච්චිගේ නිලන්ත සම්පත් මුණසිංහ, 14 දෙනෙකුට  එරෙහිව නීතිපතිවරයා පැවරෑ මෙම නඩුවේ 14 වැනි විත්තිකරු වන්නේ  වසන්ත කුමාර ජයදේව කරන්නාගොඩයි.
 
මෙහි තවත් චුදිතයකු වන රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක නාවික හමුදාවේ කිසිදු පරීක්ෂණයකින් තොරව සියලු ගෞරව සම්මාන සහිතව විශ්‍රාම ගොස් තිබේ.
 
1987 සේවයට බැඳුනු හිටපු නාවික හමුදා ප්‍රකාශක දසනායක විශ්‍රාම ගැනීම වෙනුවෙන් සම්මාන ආචාර මුරයක්ද පැවැත්වුණු බව නාවික හමුදාව නිවේදනය කර ඇත.
 
 
 සබැඳි පුවත් :
 
 

 
THE LEADER TV 
 
ගම සමග ගුටි කෙළිය ! | මොණරවිලගේ ලියමන | The Leader TV
 
 
ජී. එල්. ටත් කැපිල්ලක් ! 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්