නිල විදේශ සංචාරයක යෙදී සිටියදී මුහුණ දුන් දැවැන්තම විරෝධතාව අත් දකින්නට ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිදුවී තිබේ.
 
දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්ෂික සමුලුව ඇමතීමට ගිය ජනාධිපතිවරයා නවාතැන් ගෙන සිටින මධ්‍යම ස්කොට්ලන්තයේ පිහිටි හිල්ටන් සමූහ ව්‍යාපාරයට අයත් සුඛෝපභෝගී හෝටලය ඉදිරිපිටටම ගොස් එම ඝෝෂාකාරී විරෝධතාව පවත්වන ලද්දේ දෙමළ ඩයස්පෝරාව විසිනි.
 
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා සූදානම්ව සිටි නොවැම්බර් පළමුවැනිදා හිමිදිරි පාන්දර ඇරැඹුණු උද්ඝෝෂණයට බහුතරයක් තරුණයන්ගෙන් සැදුම්ලත් විරෝධතාකරුවන් ඊට කලින්දා සිට බස් රථවලින් පැමිණ සිටියහ.
 
වික්ටෝරියානු ගෘහ නිර්මාණ ශිල්පය අනුව නිමැවුණු හෝටලය අවට දෙවනත් කරමින් දෙමළ උද්ඝෝෂකයෝ ජනාධිපතිවරයා යුද අපරාධකරුවකු හා වර්ග සංහාරකයකු ලෙස හෙලා දකිමින් හඬ නගනු වීඩියෝ ගතවී තිබේ. ඇතැමුන්ගේ විරෝධය ජාත්‍යන්තර බලවතුන් වෙතද එල්ලවී තිබුණි.
 
“එක්සත් ජාතීනි, වර්ග සංහාරක ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම නවතනු” යි ඇතැම් පුවරුවක ලියා තිබුණි.  
 
ඩන්බ්ලේන්හි ඩබල් ට්‍රී හෝටලය අවට යොදා තිබූ දැඩි පොලිස් මුරකාවල් මැදින් ගෝඨාභය රාජපක්ෂ බවට විශ්වාස කෙරෙන අයකු රැගත් ප්‍රභූ ආරක්ෂක රථ පෙළ ගමන් ගනිද්දී ඔහු අත් අඩංගුවට ගන්නා ලෙස බල කෙරෙන හඬ වඩාත් උත්සන්න වූ ආකාරයක් සමාජ වන වීඩියෝවේ ඇසේ.  
 
P1300493P1300460 
 
යුද්ධයෙන් පසු අද දක්වාත් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව බියවද්දමින්, පැහැරගැනීම්, වධබන්ධන හා නඩු නැති ඝාතන සිදුකරන බවට ලැබී ඇති විශ්වසනීය තොරතුරු හෙළිවී ඇති ශ්‍රී ලංකාවේ පොලිසියට දෙනු ලබන පුහුණු කිරීම් මේ අවුරුද්දේ මැයි මාසයේ සිට අත් හිටුවන්නට ස්කොට්ලන්ත පොලිස් බලකාය විසින් තීරණය කර තිබේ.
 
පුහුණුව මුළුමනින්ම නවතා දමන ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන බොහොමයක් මේ වනවිට බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ.
 
ලංකාවේදී පොලිස් වධයට ගොදුරුවූ බවට චෝදනා කරන්නන් පිළිබඳ ගවේෂනාත්මක වාර්තාවක්ද දේශගුණික සමුළුව ආරම්භ වීමට කලින් දවසේ ස්කොට්ලන්තයේ සතිඅන්ත පුවත්පතක පල කර තිබුණි.
 
“අපේ ජනතාවට  උදව් කරන්න ඕනෑ නම්, පොලිසියට පුහුණුව දෙන එක නවත්තලා අපිට ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන ප්‍රචණ්ඩ පාලනය නිසා දුප්පත් කමේ ගිලිලා ඉන්න දෙමළ පවුල්වලට කන්න දෙන්න උදව් කරන්නැ,” යි ස්කොට්ලන්තවාසී දෙමළ තරුණයෙක් සන්ඩේ පෝස්ට් සමග පවසා තිබුණි.
 
f01ed47e 0116 474b ac93 0484b8e22b0a.jpgs 
 
නම හෙළි කිරීමට බිය පලකොට ඇති එඩින්බරාහි අධ්‍යාපනය ලබන තිස්තුන් හැවිරිදි තරුණයා මාධ්‍යවේදිනී මැරියන් ස්කොට් හට කියා ඇති පරිදි ඔහු මහමගදී පැහැරගෙන ගොස් අට දවසක් තිස්සේ වධබන්ධන පමුණුවා ඇත්තේ රෝගාතුර පියා බලන්නට ලංකාවට ගිය පසුගිය අගෝස්තුවේය.
 
ශ්‍රී ලංකාවේ පොලිසියේ කල්ක්‍රියාව යහපත් අතට හැරවීමට හේතුවනු ඇතැයි විශ්වාසයෙන් 2007 පමණ සිට දෙනු ලැබූ පුහුණුව නැවත ලබා දෙන්නේදැයි තීරණය කිරීම බලය ඇත්තේ  ඒ සඳහා මුදල් ලබා දෙන බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය අතය.
 
ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ස්කොට්ලන්ත බලධාරීන් සහ බ්‍රිතාන්‍ය ආණ්ඩුව සමග සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
 
මේ වනවිටත් ඔහු ග්ලාස්ගෝ නුවරින් සැතපුම් 250ක් පමණ දුරින් පිහිටි ඇබර්ඩීන් හි ප්‍රජා සභිකාවක් වන ශ්‍රී ලංකික සම්භවයක් සහිත ඩීනා තිසේරා එක්සත් ජාතීන්ගේ සමුළුවට කැඳවා මුණ ගැසී තිබේ.
 
Deena and Gota.jpgz
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෝටලයෙන් පිටව ගිය පසු දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්ෂික සමුලුව පැවැත්වෙන SEC ප්‍රදර්ශන මධ්‍යස්ථානය අසලට ගිය දෙමළ ඩයස්පෝරා ක්‍රියාධාරීහු තම විරෝධතාව නැවත ආරම්භ කළහ.
 
“බලය ගැනීමට ගෝඨාභය අපේ පරිසරය විනාශ කළා” යි දැක්වෙන සටන්පාඨ පුවරු ඉන් ඇතැමකු අත තිබෙනු දැකගත හැකිවිය.
 
“වර්ග සංහාරයත්, පරිසර විනාශයත් එකම යුක්තිය ඉල්ලා සිටියි” යනුවෙන් එක් පුවරුවක දැක්විණි.
 
එක්සත් ජාතීන්ගේ සමුළුව ආරම්භ වීමට දින කීපයක් තිබියදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට විරෝධය පල කෙරෙන සුවිශාල කටවුට් හා විද්‍යුත් ප්‍රක්ෂේපන ග්ලාස්ගෝ නුවර අවට ප්‍රදර්ශනය කෙරුණු අතර ඔහුට වර්ග සංහාරක හා පරිසර නාශක චෝදනා එල්ල කෙරෙන පුවත්පත් දැන්වීම් ද පළකර තිබුණි.
 
 
Truck.jpgd 
සුවිශාල කටවුට් හා විද්‍යුත් ප්‍රක්ෂේපන ග්ලාස්ගෝ නුවර අවට ප්‍රදර්ශනය කර තිබේ. 
 
 
පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා ඉකුත් සති කීපය තුල යුරෝපයේත්, උතුරු ඇමරිකාවේත් ප්‍රධාන නගර කීපයක උද්ඝෝෂණ කළ සිංහල ඩයස්පෝරා ක්‍රියාකාරී කණ්ඩායම් කිසිවකුත් එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුව පැවැත්වෙද්දී හඬ නගනු දැකගන්නට ලැබුනේ නැත. 
 
 

 
THE LEADER TV 
 
ගම සමග ගුටි කෙළිය ! | මොණරවිලගේ ලියමන | The Leader TV
 
 
ජී. එල්. ටත් කැපිල්ලක් ! 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්