බෞද්ධයන් වූ කිසිවකුට කිසිවිටෙකත් ජාතිවාදී වීමට නොහැකිබව හිටපු කතානායක කරු ජයසුරිය පවසයි. 
වාසෙට්ඨ සූත්‍රයේ උපුටා දක්වමින් ඔහු එබව කියා සිටියේ, 'ජාතික හා ආගමික සංහිඳියාව සඳහා වූ සඳහා වූ එකමුතුවේ' ආරම්භක රැස්වීම අමතමිනි.
 
අද රටේ සෑම දෙනාගේම එකම ප්‍රාර්ථනය නිදහස්, නිවහල්, ජාතික හා ආගමික සමගිය ඇති ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන රටක ජීවත් වීම බවත්, අප ඒ ස්ථාවරය ඊළඟ පරපුරට ලබා දිය යුතු බවත් හිටපු කතානායක කරු ජයසුරිය එහිදී සඳහන් කළේය. 
 
''නිදහසට පෙර සෞභාග්‍යමත් රටක් වූ අප මවුබිම නිදහසින් පසු සීඝ්‍රයෙන් පිරිහුණා. අපට අසාර්ථක හමුදා කුමන්ත්‍රණ 2කට, තරුණ අසහන දෙකකට තරුණ අසහනය නිසා ඇතිවූ ගැටුම් වලට මෙන්ම ජාතිවාදී අරගලය අවසන් වූ යුද්ධයකට ද මුහුණ දීමට සිදුවුණා. අද අපි ජාතියක් වශයෙන් අවම වශයෙන් හා දේශපාලන වශයෙනුත් බෙදුණු රටක්. '' යයි එහිදී සඳහන් කළ කරු ජයසුරිය, ගෞරවනීය ඔබවහන්සේලාගේත්, අපගේත් මේ අහිංසක ප්‍රයත්නය මෙම අවාසනාවන්ත තත්ත්වය නිමා කිරීම බව පැවසිය.
 
 
 
 
''අපගේ ජාතිය, අපගේ ආගම අප ඉල්ලා ලබාගත්තක් නොවේ.  අප ඉපදෙන ස්ථානය, මව පියා, වැනි කාරණාමතKaru2010 එය සිදු වේ. බෞද්ධයන් වූ අපට කිසිවිටෙකත් ජාතිවාදී වන්ත බැහැ. වාසෙට්ඨ සූත්‍රයේ බුදුන් වහන්සේ සඳහන් කළේ මිනිස් වර්ගයාම එකම ජාතියක් බවයි.  අනෙකුත් ජාතීන් වශයෙන් හැඳින්වූයේ සිවුපා, පක්ෂීන්, මත්ස්‍ය, ආදී විවිධ ප්‍රාණීන්ය. එසේ නම් අපි බුදුන් වහන්සේ දෙසූ එම සත්‍යයට ගරු කළ යුතුය.  ජාතිවාදී අදහස් දරන අය ඇත්නම් මහා සංඝරත්නය ඒ අය දැනුවත් කළ යුතුයි. '' - කරු ජයසුරිය
 
 
 
 
ජාතීන් වශයෙන් බෙදී ලේ හලා ගැනීමට රටක් විනාශ කිරීමට අවශ්‍ය දැයි විමසා සිටි හිටපු කතානායකවරයා, නිදහසින් පසු ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික හා දේශපාලන ක්ෂේත්‍රයන්හි ඇතිවූ බරපතල පසුබෑම් හා ජන ජීවිතයේ කඩාවැටීම් කෙරෙහි ජාතීන් හා ආගම් අතර ඇතිවූ ප්‍රතිවිරෝධතාවයන් තීරණාත්මක ලෙස බලපෑමක් සිදුකර ඇතැයි පෙන්වා දුන්නේය.
 
එවැනි මුලයන් පසු කලෙක මේ රටේ බරපතල අර්බුද ගණනාවක් නිර්මාණය කළ අතර දික්ගැසුණ දැවැන්ත යුද්ධයකට ද හේතු කාරක වූ බවද හිටපු කතානායකවරයා කියා සිටියේය.
 
 
 
''ඒ දික්ගැසුණ දැවැන්ත යුද්ධය නිසා පමණක් විනාශයට පත්වූ ජීවිත සංඛ්‍යාව අතිවිශාලය.  එමෙන්ම ඒ මඟින් මේ රටේ සමස්ත ආර්ථිකයට හා ජාතියේ යහපත් ප්‍රතිරූපයට ද ඇති කරන ලද විනාශකාරී බලපෑම ඉහල අගයක් ගනී. එවැනි අවාසනාවන්ත තත්වයකට රට ඇද වැටීම කෙරෙහි බලපෑ ඇති හේතු සාධක කෙරෙහි සමාජ හා දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන මූලික සාධක අතර පූර්ව නිදහස් යුගයේදී ජාතික රාජ්‍යයක් ගොඩනැගීම සඳහා වූ ක්‍රියාවලිය තුළ පොදු සමාජය අතරෙහි පුළුල් සංවාදයක් නොතිබීම හා ඒකාබද්ධ සම්මුතියක් ඇතිකර ගැනීමට අපෙහොසත්වීම මෙන්ම නිදහසින් පසු දේශපාලන බල අවශ්‍යතා පදනම් කරගනිමින් ජාතීන් හා ආගම් අතර ප්‍රතිවිරෝධතාවයන් නිර්මාණය කිරීමට ඇතැම් පාර්ශව සැලසුම් සහගතව ගෙනඇති ක්‍රියාමාර්ග ද මුල් වී තිබේ. '' යයි ද හෙතෙම මෙම රැස්වීම අමතමින් කියා සිටියේය.
 
 
කරු ජයසුරිය තවදුරටත් මෙසේද සඳහන් කළේය.
 
 
''එහිදී විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දැනුවත් හා බලපෑම් සහගත කණ්ඩායම් එම කරුණු කෙරෙහි පුළුල් මැදිහත්වීමක් සිදු නොකිරීම කෙරෙහිද අවධානය යොමුකර ඇත. අවාසනාවකට මෙන් අද පවා රට තුළ එවැනි තත්වයන් නිර්මාණයවීම සඳහා බොහෝ සාධක නිර්මාණය වෙමින් පවතී.  
 
 
 
 
 
 
A woman who lost her husband and two children during the bombing at St Sebastian's Church yells towards the graves during a mass burial for victims at a cemetery near the church in Negombo, three days after a string of suicide bomb attacks on churches and luxury hotels across the island on Easter Sunday, in Sri Lanka April 24, 2019. REUTERS/Thomas Peter
පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු සමාජය තුළ සැකසංකා ..
 
 
 
මෑත ඉතිහාසය තුළ සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු ඇති වූ තත්වය කෙරෙහි විශේෂ අවධානයක් යොමුකිරීමේදී සිංහල හා මුස්ලිම් ප්‍රජාව අතර මෙන්ම බෞද්ධ පොදු සමාජය සහ කතෝලික හා ක්‍රිස්තියානි ප්‍රජාවන් අතර ද සමස්තයක් වශයෙන් ගත්කල සිංහල දෙමළ හා මුස්ලිම් ජාතීන් අතර මෙන්ම සියලු ආගමික පාර්ශවයන් අතර ද විවිධ සැකසංකා, දුක්ගැනවිලි හා චෝදනා මෙන්ම ඒවා මත ගොඩනැගෙන ප්‍රතිවිරෝධතාවයන් ද වරින් වර ඉස්මතු වෙමින් පවතී. 
 
මෙම තත්වය රටේ ඉදිරි යහපැවැත්මට තීරණාත්මක ලෙස අහිතකර වනු ඇත. වගකීම් සහගත සංවිධාන හා පුරවැසියන් ලෙස ඒ පිළිබදව අප ප්‍රමුඛ අවධානයක් යොමුකරමින් එවැනි අවාසනාවන්ත තත්වයක් රටතුළ නිර්මාණය නොවීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකළ යුතුව ඇත. එය අපගේ ප්‍රමුඛ හා අත්‍යවශ්‍ය වගකීමක් වී තිබේ. 
 
ජාතික හා ආගමික සංහිඳියාව සඳහා වන එකමුතුව ලෙස අද මෙම විශේෂ සමුළුව සංවිධානය කිරීම මඟින් අපේක්ෂා කරන්නේ මේ රටේ වඩාත්ම බලපෑම් සහගත කණ්ඩායමක් ලෙස සැලකෙන ආගමික සංස්ථාවන් හා සිවිල් සමාජ සංවිධාන අතර ඒ පිළිබදව පුළුල් කතිකාවක් නිර්මාණය කිරීමට දායකවීමය. 
 
එමෙන්ම එකි වගකීම පිළිබදව මේ රටේ සමස්ත සමාජයම දැනුවත් කිරීම සඳහා වන උත්සහයක නියලීමය.
ඒ මඟින් ජාතික හා ආගමික සංහිඳියාව උදෙසා සමස්ත ජනතාව අතර වගකීම් සහගතව ක්‍රියාකිරීමෙහි ඇති වැදගත්කම හා අවශ්‍යතාවය පෙන්වාදීමය. 
 
එකී වගකීම අප සියල්ලන්ම සතුවන බව අපගේ බලවත් විශ්වාසය යි. 
 
අද සහභාගී වී සිටින සම්භාවනීය සහභාගිත්වයේ  අවවාද අනුශාසනා ලබාගෙන ජාතික හා ආගමික සමගිය ගැන රට පුරා ගොස් කතා කරනවා. ඒ සඳහා ඔබගේ ආශිර්වාදයක් අනුමැතියත් සහභාගිත්වයත් අවශ්‍ය වෙනවා වාසනාවන්ත සෞභාග්‍යමත් රටක් දැන්වත් බිහි කිරීමට අපි එක්වෙමු.!''
 
 

THE LEADER TV 
 
විපක්ෂනායක වෙන්න දඟලන දැඟලිල්ලක් ! 
 
 
 
ගම සමග ගුටි කෙළිය ! | මොණරවිලගේ ලියමන | The Leader TV
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්