ගෝලීය වශයෙන් රසායනික පොහොර නිෂ්පාදනය විශාල අර්බුදයකට ගොස් ඇති ආණ්ඩුවේ ජේෂ්ඨ උපදේශකවරයකු පවසයි.
 
 
ඒ වැනි තත්ත්වයක් තුල අප රටේ කෘෂිකර්මාන්තයත් ආහාර සුරක්ෂිත භාවයක් ගැන සිතන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ ගැන දැනුවත්ව හෝ නොදැනුවත්ව රසායනික පොහොර තහනම් කර දේශීය වශයෙන් ගොවිතැනට අවශ්‍ය කාබනික පොහොර රට තුළම නිශ්පාදනය කර ගැනීමට ගත් තීන්දුව රටේ ගොවි ජනතාවටත් රටේ සමස්ත මහජනතාවටත් මහත් අස්වැසිල්ලක් වනු ඇතැයි ද එම උපදේශකවරයා කියා සිටියි.
 
එම කාරනා සඳහන් කර ඇත්තේ කාබනික පොහොර සහ නියාමන රාජ්‍ය අමාත්‍ය ශශීන්ද්‍ර රාජපක්ෂගේ උපදේශක සම්පත් ගජධීර යි.
 
ගෝලීය වශයෙන් රසායනික පොහොර නිෂ්පාදනය විශාල අර්බුදයක පවතින බවත් ඔහු කියා සිටියි. එම කාරණය පැහැදිලි කරමින් ඔහු තව දුරටත් මෙසේද පවසයි. 
 
 
රජය හා පුද්ගලික අංශය ගිය මහ කන්නයේ ඇමරිකානු ඩොලර් 300ට ගත් යූරියා මෙට්‍රික් ටොන් එකක මිල මෙවර මහ කන්නයේදී ඇමරිකානු ඩොලෙර් 1050කට නැඟ තිබේ. ලෝකයෙන් භාගයක් පමන වූ බත් කන ජනතාව මේ තත්ත්වය තුළ ඉදිරි මාස කිහිපය තුළ තමන්ගේ බත් වේල සම්බන්ධව සැක පළ කරමින් විසඳුම් සොයයි.
 
  
# තායිලන්තයේ හාල් කිලෝ එකට වඩා යූරියා කිලෝ එකක මිල වැඩි වී තිබේ.
 
# පිලිපීනය ඇතුළු අනෙකුත් රටවල වී නිෂ්පාදන වියදමෙන් සියයට අසූවකටත් වැඩිය පොහොර සඳහා වියදම් කිරීමට සිදුව ඇත.
 
# මෙසේ අධික ලෙස රසායනික පොහොර මිල ඉහළ යෑම නිසා ඉන්දියානු රජය එළඹෙන මහ(රාබි) කන්නයේ වගාව සඳහා රුපියල්  බිලියන 286.5ක්. ශ්‍රී ලංකානු මුදලින් රුපියල් බිලියන 774ක මුදලක් පොහොර සහනාධාර ලබා දීමට කැබිනට් අනුමැතිය ලබාදීමත් සමග ඉන්දියානු රාජ්‍ය භාණ්ඩාගාරයේ ඉහල නිලදාරින්  විශාල අර්බුදයකට මුහුණදී සිටිති.
 
# ලෝකයේ රසායනික පොහොර අවශ්‍යතාවයෙන් සියයට 35 ක් පමන නිෂ්පාදනය කරන චීනයේ කර්මාන්තශාලා හරි අඩක් වසා දමා ඇත.
 
එයට හේතුවී ඇත්තේ, මේ දිනවල චීන රජය සහ ඕස්ට්‍රේලියානු රජය අතර ඇති වී තිබෙන ගල් අගුරු වෙළඳ  අර්බුදයත් චීනය ලොව විශාල වශයෙන් කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයට මුදා හරින ‍රට හැටියට චිනයේ කර්මාන්තශාලා නව ගෝලීය දේශගුණික විපර්යාස තත්ත්වයන් හමුවේ ජාත්‍යන්තර පාරිසරික නීතියට අනුකූල වෙමින් චීන රජය අත්සන් තබන ලද ගිවිසුම් ප්‍රකාරව වැඩ කරන පැය ගනන හා දවස් කප්පාදු කිරීමත් නිසාය. 
 
එසේම,  රසායනික පොහොර  නිෂ්පාදනය පහළ යෑම නිසා තම රට තුළ  කෘශිකර්මාන්තයට හා දේශීය ගොවි ජනතාවට ඇතිවෙන අර්බුදය මගහරවා ගැනීමට චීනයේ නිපදවන යූරියා සහ අනෙකුත් රසායනික පොහොර  අපනයනය කිරීම චීන රජය දැඩිව පාලනය කිරීම ද මෙම තත්වයට බලපෑ ඇත. 
 
මේ තීන්දුවත් සමග චීනයෙන් යූරියා ඇතුළු අනිකුත් රසායනික පොහොර ආනයනය කර වී ගොවිතැන හා අනෙකුත් බෝග වගා කල ඉන්දියාව පකිස්ථානය ඇතුළු ආසියාතික රටවල් ගණනාවක් මෙවර මහ කන්නයේ හා ඉදිරි වර්ෂයේ මුල භාගය තුල තම රටේ ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් විශාල අර්බුදයකට මුහුණ පා තිබේ.
 
# තවද නයිට්‍රිජන් පොහොර නිෂ්පාදනයට අවශ්‍ය මීතේන් ඇතුළු  සියලුම ගෑස් සහ ඛනිජ තෙල් මිල ඉහළ යෑම නිසාත් ගෝලීය වශයෙන් නැව් ගාස්තු දෙගුන තෙගුන වීම නිසාත්  රසායනික පොහොර නිෂ්පාදන වියදම විශාල වශයෙන් ඉහළ ගොස් ඇත.
 
 
මේ සියලු තත්ත්වයන් යටතේ අපි වැනි කුඩා ආනයන අපනයන වෙළඳපොලක් සහිත රටකට පවතින මිල ගනන් වලට යූරියා ආනයනය කිරීම විශාල අඥාන ක්‍රියාවකි.
 
  
xfdfd''ගිය කන්නයේ ටොන් එකක් ඇමරිකානු ඩොලර් 300ක් පමන වූ යූරියා අද ඇමරිකානු ඩොලර් 1050 කට පමණ ආනයනය කොට, එහෙමත් නැත්නම් ගිය කන්නයේ රුපියල් 3500ක් පමණ වූ කිලෝ පනහේ යූරියා බෑගයක්  රුපියල් 12,500 ක වගේ මිලකට ආනයනය කොට වී වගා කිරීමටත්, එයින් නිශ්පාදනය කෙරෙන සහල් කිලෝවක නිශ්පාදන වියදමත් රජයට හෝ ගොවියට හෝ පාරිභෝගිකයාට දරා ගැනීමත් අති දුෂ්කර කාර්‍යයක් වනු ඇත.''
සම්පත් ගජධීර,  (කාබනික පොහොර සහ නියාමන රාජ්‍ය අමාත්‍යා උපදේශක)
  
මේ අනුව අප රටේ කෘෂිකර්මාන්තයත් ආහාර සුරක්ෂිත භාවයක් ගැන සිතන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ ගැන  දැනුවත්ව හෝ නොදැනුවත්ව රසායනික පොහොර තහනම් කර දේශීය වශයෙන් ගොවිතැනට අවශ්‍ය කාබනික පොහොර රට තුළම නිශ්පාදනය කර ගැනීමට ගත් තීන්දුව රටේ මහජනතාවටත් රටේ ගොවිජනතාවටත් මහත් අස්වැසිල්ලක් වනු ඇත.
 
ඒ වාගේම බත් කන රටවල් අතර පෙර සූදානම්  සැලැස්මක් සහිතව විකල්ප මාර්ග අතැතිව මෙම වර්තමාන පොහොර අර්බුදයට මුහුණ දෙන එකම රට ද අප රට වනු ඇත.
 
නමුත් ගෝලීය වශයෙන් ඇති වී ඇති මේ සැබෑ තත්ත්වය සඟවා රටේ ජනතාවත් ගොවි ජනතාවක් නොමඟ යවන අදූරදර්ශී දේශපාලන සහ විද්වතුන්ගේ මතවාද තවදුරටත් ලංකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය හා සමාජ මාධ්‍ය තුළ රජ කරමින් රට වැසියන් දිනෙන් දින පැයෙන් පැය මුළා කරමින් සිටී.
 
දැන් අපට තිබෙන්නේ මේ පටන් ගත් ක්‍රියාදාමය සාර්ථක කර ගැනීමට සියලු දෙනාගේ ශක්තිය දැනුම මග පෙන්වීම හා සහාය එක්කොට වඩ වඩාත් ශක්තිමතව කාබනික කෘෂිකර්මාන්තය රට තුළ ස්ථාපිත කොට ස්ථාවර ගොවි පරපුරක් බිහි කිරීම සඳහා නොපමාව කටයුතු කිරීමයි.''
 
 
සබැඳි පුවත් :
 
 
 
 
 
 
THE LEADER TV 
 
එක් රටක් – එක් නීතියක්’ අධිකරණ ඇමති ගෙදර යයි? 
 
ඔන්න කිව්වේ නෑ කියන්න එපා ! | මොණරවිලගේ ලියමන
 
 
 
69 ලක්ෂයට වහ ඔනේ? | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්