කටුනායක ගුවන් තොටුපලේ රැපිඩ් PCR පරීක්ෂණ ටෙන්ඩර් ලබා ගැනීම සඳහා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්, පවුලේ ඥාතීන් ඇතුළු ගජ මිතුරු

ජාවාරම්කරුවන් පිරිසක් දරන නින්දා සහගත උත්සාහය තුළ, මැදපෙරදිග බලා යන මගීන්ට බලවත් අසාදාරනයක් සිදුව ඇති අතරම පරීක්ෂණවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ද බරපතල සැකසංකා මතුව ඇතැයි ගුවන් තොටුපල ආරංචිමාර්ග පවසයි. 

 
මැදපෙරදිග බලා යන සියලු මගීන් ගුවන්තොටුපොළේ දී රැපිඩ් PCR පරීක්ෂණයකට මුහුණ දිය යුතු අතර, ගුවන්තොටුපොළ රැපිඩ් PCR මධ්‍යස්ථානයේ පවතින තදබදය සහ ප්‍රමාදය මගීන් අපහසුතාවයට පත්වීමට හේතුවී ඇති අයුරු පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබිණි.
 
 මැදපෙරදිග බලා යන මගීන්ට උපදෙස් ලබා දී ඇත්තේ, ගුවන්තොටුපලේ පිහිටුවා ඇති මධ්‍යස්ථානයේ රැපිඩ් PCR පරීක්ෂණයට මුහුණදී ප්‍රතිඵලය ලබා ගෙන විදෙස්ගත වීම සඳහා අවම වශයෙන් පැය හයකට පෙර ගුවන්තොටුපොළ වෙත පැමිණෙන ලෙස යි.
 
අදාළ මධ්‍යස්ථානය පෞද්ගලික රෝහලක් මඟින් පවත්වා ගෙන යන අතර, රැපිඩ් PCR පරීක්ෂණයක් සඳහා මගියෙකුගෙන් අය කෙරෙන ගාස්තුව රුපියල් 7,500ක් වේ.
 
පසුගිය දින කිහිපයේ දී විදේශගත වීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බහුතරයක් වූ ගුවන් මගීන්ට විවිධ වූ දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදුවිය. 
 
 
 
මෙසේ මනාලෙස සැලසුම්කර තිබු තදබදය ප්‍රමාදය හා ගුවන් මගීන්ගේ විරෝධය උපයෝගිකර ගනිමින් මැදපෙරදිග බලා යන මගීන් ගුවන්තොටුපොළේ දී රැපිඩ් PCR පරීක්ෂණ කඩිනම් කිරීම සඳහා යයි කියමින් කාර්යක්ෂම පරික්ෂනාගාරයක් ස්ථාපිත කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපල බලධාරීන් විසින් පෙරේදා (02) දිනයේ හදිසි ටෙන්ඩර් කැඳවීමක් සිදුකර තිබිණ. 
 
පෙරවරු 11 ට තෝරාගත් ආයතන කිහිපයකින් ඒ සඳහා ටෙන්ඩර් කැඳවා තිබු අතර එක් ගුවන් මගියෙකුගෙන් අය කෙරෙන ගාස්තුව රුපියල් 7,500ක් ලෙසත් ඉන් රුපියල් 1000ක මුදලක් ගුවන් තොටුපලට හිමිවිය යුතු බවටත් එහි කොන්දේසි පනවා තිබිණ.
 
  
මෙහි ඇති සුවිශේම කාරණය වන්නේ, පස්වරු  6.00 වනවිට ටෙන්ඩරය අවසන් කිරීමට නියමිතව තිබුනද එක් පෞද්ගලික රෝහලක් ටෙන්ඩරයේ ප්‍රතිපල ප්‍රකාශයට පත්කිරීමටත් පෙර ම  'රථ ගාල් ලැබ්' සංකල්පය යටතේ කූඩාරමක් ගසා ගැනීමට ගුවන් තොටුපල බලධාරීන් අවසර දී තිබීමයි.
 
 
ගුවන් තොටුපල ආරංචිමාර්ග සඳහන් කරන පරිදි දැනට කටුනායක ගුවන් තොටුපල තුළ ක්‍රියාත්මක වන පෞද්ගලික රැපිඩ් PCR පරීක්ෂණාගාරය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධානියකුට හිමි පෞද්ගලික රෝහලක් විසින් පවත්වාගෙන යනු ලබන්නකි.
 
එම ආරංචිමාර්ග වලට අනුව, පෙරේදා (02) දිනයේ මෙම කාර්ය සඳහා අලුතින් ටෙන්ඩරයක් කැඳවා ඇත්තේ, රාජ්‍ය අමාත්‍යවරයකුට හා ප්‍රභූ පුත්‍රරත්නයකට හිතවත් පෞද්ගලික රෝහලක් වෙත මෙම ටෙන්ඩරය ලබාදීම සඳහා යයි චෝදනා එල්ලවී ඇත. ඒ සඳහා යහපාලන ආණ්ඩුවේ සිටි ප්‍රකට ඇමතිවරයකු ගේ හා කුප්‍රකට ජාවරම්කරුවකුගේ  සහය ලැබී ඇතැයි පැවසේ. 
 
එම පෞද්ගලික රෝහලේට අදාල ටෙන්ඩරය ලබාදීමේදී දැනට ක්‍රියාත්මක පෞද්ගලික රෝහල සමග ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස කටයුතු කිරීමේ හැකියාව සම්බන්ධයෙන් එකඟත්වයක් ඇතිකර ගැනීම සඳහා අදාල ජාවාරම්කාර ව්‍යාපාරිකයා පසුගිය දිනකිහිපයේ සාකච්ජා පවත්වා ඇතැයි වාර්තාවේ. 
 
 
ඇමැතිලාගේ ඉල්ලමක් !
 
b151512515eb122d549ee36d9fac11de XL 
 
''මැද පෙරදිග යන රටේ අහිංසක මිනිස්සුන්ව අමාරුවේ දාලා''
 
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසන්නේ, මැදපෙරදිග යන ශ්‍රමිකයන්ගේ ක්ෂණික PCR පරීක්ෂණ ඇමතිවරුන්ගේ සහ ගජ මිතුරන්ගේ ඉල්ලමක් කරගෙන ඇති  බවයි.
 
එහි සභාපති ප්‍රකට වෘත්තීය සමිති නායක රවී කුමුදේශ් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ,  ''සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ගුවන් සේවා අමාත්‍යාංශය මැද පෙරදිග යන රටේ අහිංසක මිනිස්සුන්ව අමාරුවේ දාලා, මාෆියාකාරයන්ගේ මඩි තර කරන්න බොරු සැලසුම් හදනවා..'' කියයි. 
 
  
''ඇමතිලා රාජ්‍ය ඇමතිලා, යාළු ඇමතිලා අගමැතුමාව සහ ජනාධිපති තුමාව දෙකට බෙදාගෙන හිරිකිත නැති බිස්නස් අරගලයක.'' 
 
 
මැද පෙරදිග රාජ්‍යයන් වෙත ඇතුලුවීම සඳහා, ගුවන්ගත වීමට පැය 3කට පෙර PCR පරීක්ෂාවක් අවශ්‍ය බවට නීතියක් පැනවුණ අතර එය පසුව පැය 6කට පෙර බවට සංශෝධනය විය. 
 
එම නීතිය එම රාජ්‍යය න් විසින් පැනවූ නීතියක්ද, නො එසේ නම් එමිරේට් ගුවන් සමාගම විසින් පනවන ලද්දක්ද යන්න පවා පැහැදිලි  කිරීමක් සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය මෙතෙක් පැහැදිලි කිරීමක් සිදු කර නොමැති නමුත්, එය ව්‍යාපාරික ඉල්ලමක් කර ගැනීමට දෙපාර්ශවයම කඹ අදිමින් සිටින බව පැහැදිළිවම පෙනෙන්නට තිබේ යයි වෘත්තීය සමිති නායකයා තව දුරටත් කියා සිටියි. 
 
මෙම අවශ්‍යතාවය ඉටු කරදෙන ලෙස සිවිල් ගුවන් සේවා අමාත්‍යාශය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පසුගිය අගෝස්තු මාසයේ විමසා ඇති අතර, සෞඛ්‍ය ලේකම්වරයා ඒ සදහා ලබා දී ඇති ඔහුවත් නොදන්නා තාක්ෂණයක් පිළිබද ලබා දුන් උපදේශය හරහා මෙම මාෆියාවට පාර කපන ලදී. 
 
ඒ අනූව ඒවන විටත් පැය තුනක කාලයක් ඇතුලත PCR පරීක්ෂාවක් සිදු කිරීමට ගුවන්තොටුපල පරිශ්‍රයේ පවතින රසායනාගාර දෙකකට ඉතා හොද හැකියාවක් පැවතියදී, ඒ වන විටත් ටෙන්ඩර පටිපාටිය උල්ලංගනය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ගොඩ බෑමට වලි කමින් සිටින බව රවී කුමුදේශ සිය නිවේදනයෙන් පෙන්වාදී ඇත. 
 
 
 ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය පවා නොමැති යන්ත්‍රයක නම සදහන් කරමින් පෞද්ගලික රසායනාගාර කිහිපයක් මගින් එම අවශ්‍යතාවය ඉටු කර ගන්නා ලෙස, 2021.08.09 දින වගකීම් විරහිත ලිපියක් නිකුත් කිරීම මෙම ගසාකෑමේ ව්‍යාපාරික තරග මාලාවේ ඇරඹුමයි. 
 
WhatsApp Image 2021 11 04 at 11.17.22 AM 
 
කෙසේ නමුත් එතැන් සිට කෙටිකාලයකින් සිදු කල යුතු PCR සදහා කෙතරම් වේගයෙන් කල හැකි තාක්ෂණය තිබුණද, ලේකම්වරයා නම් කල යන්ත්‍රවලට එය සීමා වී ඇති අතර, එම තාකෂණික කාරණය පිළිබදව සෞඛ්‍ය ලේකම් වරයා උපදෙස් ලබාගෙන ඇත්තේ කිනම් පාර්ශවයකින්ද යන වග තවමත් පැහැදිලි නැත.
 
කෙසේ නමුත් මේ වන විට මැද පෙරදිග ගුවන් මගීන්ගේ රැපිඩ් PCR සිදුකිරීම සදහා ගුවන්තොටුපල රථ ගාලේ ගල උඩ සටනක් ආරම්භ වී ඇති අතර, අදාල රසායනාගාර වලටත් වඩා එම සටන ඇමතිවරුන්ගේ සහ නිලධාරීන්ගේ කොමිස් උවමනාව මත සිදු කෙරෙන්නක් බව පැහැදිළිවම පෙනෙන්නට තිබේ.
 
  
ගුවන් තොටුපල බලධාරීන් විසින්, 2021.11. 02 දින ටෙන්ඩරයක් කැඳවා ඇති අතර, එක් පරීක්ෂාවකින් රුපියල් 1000/= ක් ගුවන් තොටුපලට කොමිස් මුදලක් වශයෙන් අවශ්‍ය බවට ටෙන්ඩරයේම සඳහන් කරන තරමට, මහ ජනතාව ගසාකන කොමිස් තරගය නිර්ලජ්ජිත ලෙස ඉහලට පැමිණ ඇත. 
 
 
ගොනා හැරෙන පැත්ත ...
 
 
එසේම ටෙන්ඩරයට සහභාගීවන දිනය වන විටත් නාරාහෙන්පිට ප්‍රදේශයේ එක්තරා රසායනාගාරයකට "රථ ගාල් ලැබ්" සංකල්පය යටතේ කූඩාරමක් ගසා ගැනීමට ගුවන් තොටුපල බලධාරීන් අවසර දී තිබීම මගින් ගොනා හැරෙන්නේ කුමකටද යන්න තේරුම් ගත හැකව තිබුණි.
 
Ravi Kumudesh e 
 
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය නොමැතිවීම නිසා වසා දමා තිබූ කටුනායක ගුවන්තොටුපලේ පී.සී.ආර්. පරීක්ෂණාගාරයේ වැඩ කටයුතු ඔක්තෝම්බර් 27 දා යළිත් ආරම්භ විය.
 
මේ සියල්ල සිදු වන්නේ සෞඛ්‍ය කැබිනට් ඇමතිවරුන්ගේ පාලනය යටතේ හා සංචාරක හා සිවිල් ගුවන් සේවා කැබිනට් අමාත්‍යවරයා යටතේ වෙන් වෙන් වශයෙන් සුපිරි නවීන රසායනාගාර දෙකක් ගුවන්තොටුපල පරිශ්‍රය තුළ ක්‍රියාත්මකව පැවතිය දී වීම මගින්, මෙම මාෆියාවේ තරම පිළිබඳව ජනාධිපතිවරයා හෝ අගමැතිවරයාගේ තේරුම් ගැනීම සඳහා වැදගත්වනු ඇත.
 
 
 
 
සබැඳි පුවත් 
 
 
  

THE LEADER TV 
 
එක් රටක් – එක් නීතියක්’ අධිකරණ ඇමති ගෙදර යයි? 
 
 
ඔන්න කිව්වේ නෑ කියන්න එපා ! | මොණරවිලගේ ලියමන
 
 
69 ලක්ෂයට වහ ඔනේ? | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්