1200 x 80 DMirror
 
 

ගරු සිරි ඔස්කා අබේරත්න පියතුමන් අද පෙරවරුවේ ස්වර්ගස්ථ වුහ.
 
මියයන විට උන්වහන්සේ 89 වන වියෙහි පසුවිය.
 
මෙරට විශාලතම ගිහි ව්‍යාපාරය වන 'කිතුදන පුබුදුව' සංවිධානය ගොඩනැගීමට නායකත්වය ලබාදුන්නේ සිරි ඔස්කා අබේරත්න පියතුමන් විසිනි.
 
එමෙන්ම පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නා හිමියන් සමග එක්ව ආගමික සමගි සන්ධානය ගොඩනැගීමට ද උන්වහන්සේ ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කළහ.  
 
80 වැඩ වර්ජනය, කණ්ඩලම සහ ඉරණවිල උද්ඝෝෂණ වැනි මෙරට තීරණාත්මක අරගලවලදී සිරි ඔස්කා අබේරත්න පියතුමන් ඒ සඳහා කැපීපෙනෙන දායකත්වයක් ලබාදුන් පියතුමෙක් ලෙස ඉතිහාසයට එක්ව තිබේ.
 
අවසන් ගෞරව පුදකිරීම සඳහා උන්වහන්සේගේ දේහය රාගම, වල්පොල, ශ්‍රී ප්‍රශංසාරාමයේ මේවනවිට තැන්පත් කර තිබේ.
 

THE LEADER TV 
 
මහින්දට අණතුරක් දැනිලා! 
 
 
 
එක් රටක් – එක් නීතියක්’ අධිකරණ ඇමති ගෙදර යයි? 
 
 
ඔන්න කිව්වේ නෑ කියන්න එපා ! | මොණරවිලගේ ලියමන
 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58