මහා පරිමාණ වැලි බලපත් ලබාදීම සඳහා ඉඩ සැලසෙන පරිදි ජනාධිපති ලේකම් විසින් නිකුත් කර ඇති  චක්‍රලේඛයක්
රටේ මහා පරිසර විනාසයක පෙර නිමිත්තක් බවට ලංකාවේ ප්‍රමුඛ පෙලේ පාරිසරික ආයතනයක්  අනතුරු අඟවා තිබේ.
 
'සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය' පෙන්වා දෙන්නේ ඔක්තෝබර් 11වැනි දින කළු ගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම්  ප්‍රවාහනය හා වෙළෙඳාම සම්බන්ධව බල පත්‍ර නිකුත් කිරීම වෙනුවෙන් ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර විසින් CIF /02/2021  චක්‍රලේඛය නිකුත් කිරීම රටේ ගංගා පරිසර පද්ධතිය බරපතල විනාශයකට ගෙන යාම සදහා සිදුකල ක්‍රියාවක් බවයි.
 
කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් 'සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ' පරිසරවේදී ආචාර්ය රවින්ද්‍ර කාරියවසම් පෙන්වා දී ඇත්තේ, 2020 ඔක්තොම්බර් 06  දින 2196/28 අති විශේෂ ගැසට් පත්‍රය මගින්  පත්කළ කමිටුවට අනුව වැලි ගොඩදැමීම හා ප්‍රවහානය සම්බන්ධව ඇති බාධා නිසා වැලි ගොඩ දමන ජනතාව,සමාගම්  සියල්ල අපහසුතාවයට පත්ව ඇති අතර එම අපහසුතාවයන්ගෙන් ජනතාව මුදවා ගැනීමට නැවත වැලි හා ඛණිජ බලපත්‍ර ලබාදිම වෙනුවෙන් යැයි කියා නැවත වැලි ජාවාරමට රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට මෙමගින් උත්සාහ කරමින් සිටින බවයි.
 
 
එමෙන්ම මේ වන විට මහවැලි ගංගාවේ දකුණු ඉවුරට පමණක් ලබාදුන් වැලි ගොඩ දැම්මේ බලපත්‍ර වම් ඉවුරටත් ලබාදීම මෙම රජය යටතේ 2021 වර්ෂයේ ආරම්භ කර ඇති අතර සේරුවාවිල සිට කින්නියා ප්‍රදේශය දක්වා කිලෝමිටර් 22 තුළ වැලි බලපත්‍ර 1300 ලබා දී ඇති බවටත් ඔහු චෝදනා කරයි.
 
  
"මෙම හේතුව නිසා ප්‍රදේශයේ බරපතල පාරිසරික හානියක් සිදුවී ඇත. මේ  වන විට කන්තලේ හා සේරුවාවිල ගොවි ව්‍යාපාරවල අක්කර හැට දහසක් පමණ වගා කරන අතර වැලි ගොඩ දැමීම නිසා ඇති වී ඇති ලවණතාවය හේතුවෙන් බරපතල ලෙස වී ගොවිතැන් විනාශ වෙමින් තිබේ. "  
 
මෙරට ගංගා පරිසර පද්ධතිය තුළ නැවත වැලි කැණීමට රජය ඉඩදිම තුළ  අනාගතයේදී  බරපතල  පාරිසරික හානියක් හා භූගත ජලය පිළිබද අර්බුදයක් ඇති විය හැකි බවටත් පරිසරවේදී රවින්ද්‍ර කාරියවසම් අනතුරු අගවයි.
 
ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ, නව චක්‍රලේඛය හරහා වැලි කැණීම සඳහා බලපත්‍ර ලබා දීම ප්‍රාදේශීය ලේකම්වරුන් යටතට පත්කිරීමට යෝජනා කර තිබෙන අතර  එම ක්‍රියාවලියෙන් භූ විද්‍යා හා පතල් කැණීම්  කාර්යාංශයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙන බැවින්  එමඟින් සිදුවන්නේ දැඩි පාරිසරික හානියකට අතවැනීමක් බවයි.
 
 

 

 

 


 

THE LEADER TV 
 
ආර්ථිකේ බැස්සා බැසිල්ලක් ! | මොණරවිලගේ ලියමන 
 
 
මහින්දට අණතුරක් දැනිලා! | 
 
 
එක් රටක් – එක් නීතියක්’ අධිකරණ ඇමති ගෙදර යයි? 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්