සර්පයින් ගෙන් ආරක්ෂා වන්නැයි විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු මන්ත්රී හරින් ප්රනාන්දුට උපදෙසක් ලබාදී ඇත.
ඒ, පසුගියදා ප්රසිද්ධ රැස්වීමකදීය.
''මතක තියා ගන්න මාවත් වට්ටන්නට ඔය එක එක සර්පයෝ එක එක කතා ගොතනවා. ඇත්ත වශයෙන්ම මට කොරෝනා හැදිලා රෝහලේ ඉන්න කොට මේ කුමන්ත්රණය තවත් වර්ධනය කරනවා. ඕනම විෂකුරු සර්පයෙක් දමනය කරන ආකාරය බුදු දහමෙන් අපට කියා දීල තියෙනවා.
මේ මඩ නිර්මාණය කරන සර්පයෝ ඉන්නවා මේ ජන සමාජය තුළ. ඔන්න ඔය සර්පයින්ගෙන් අපේ හරීන් ෆනෑන්ඩු මැතිතුමාත් ආරක්ෂා වෙන්නට ඕනේ. මේ ඔක්කොම කුමන්ත්රණ කරන්නේ එක්තරා සුළු දේශපාලන කල්ලියක්. ඒගොල්ලෝ තමයි අර ගෙවල් අස්සේ ඉඳගෙන දේශපාලනය කරන කණ්ඩායම '' යයි විපක්ෂ නායකවරයා තවදුරටත් සඳහන් කරයි.
කෙසේවුවද විපක්ෂ නායකවරයා සර්පයින් ලෙස හැඳින්වුයේ සමගි ජන බලවේගයේ කල්ලියක් ගැන දැයි හෙළිදරව් නොවේ.
THE LEADER TV
රාජපක්ෂ කොන්ඩම් තියරියේ අලුත්ම ගොදුර ! | Gossip
ආර්ථිකේ බැස්සා බැසිල්ලක් ! | මොණරවිලගේ ලියමන