දේශීය වෙදකම පිළිබදව උපාධිය ලබා වසර පහකට අධික කාලයක් ගතවී ඇතත් තවමත් රැකියා ලබා දී නොමැති බවට
චෝදනා කරමින් උතුරේදී විරෝධතාවයක් දියත් කර තිබේ.
 
දේශීය වෙදකම පිළිබදව උපාධිය ලබා සිටින විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව තුළ 1500 ට අධික පිරිසකට රැකියා ලබා දීමට රජය තවමත් අසමත්ව සිටින බවයි.
 
 යාපනයේ පමණක් දේශිය වෙදකම පිළිබදව උපාධිය ලැබු 200 ක පමණ පිරිසක් රැකියා විරහිතව සිටින බව ඔවුන් අවධාරණය කරති.
 
 පළාත් බද මාධ්‍යවේදීන් පවසන්නේ නොවැම්බර් මස 05 වැනි සිකුරාදා උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිටදී එම විරෝධතාවය දියත් වු බවයි.
 
 "මැතිවරණ පොරොන්දුව කතාවට විතරද ?, දේශිය වෙදකම රජයට එපාද ? උපාධිධාරීන්ගේ උපාධිය ගෙදරම නිශ්ශබ්ද වෙයිද ?, සියලුම අංශ සඳහා රැකියා සැපයීම සම්බන්ධයෙන් රජය අපව ප්‍රතික්ෂේප කරන්නේ ඇයි?" ආදී සටන් පාඨ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි  බසින් ප්‍රදර්ශනය කරමින් ඔවුන් විරෝධතාවය දියත් කර තිබුනි.
 
 Ayurvedic doctors Jaffna 5
Ayurvedic doctors Jaffna 1
Ayurvedic doctors Jaffna 2
 
උද්ඝෝෂකයන් රජයෙන් ඉල්ලා සිටින්නේ වහාම තමන්ට පත්වීම් ලබා දෙන ලෙසයි.
 
 කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර ප්‍රවර්ධනය කරමින් සිටින ආණ්ඩුව දේශීය වෙදකම පිළිබදව නොසලකන්නේ ඇයිදැයි ඔවුන් ප්‍රශ්න කළ බව පළාත් බද මාධ්‍යවේදින් වැඩි දුරටත් සඳහන් කරයි.
 

 

 


 

THE LEADER TV 
 
සාටකේ නාටකේ ! | මොණරවිලගේ ලියමන
 

 
 
රාජපක්ෂ කොන්ඩම් තියරියේ අලුත්ම ගොදුර ! | Gossip
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්