පරිපූරක වෛද්‍ය වෘත්තියට අදාල වෘත්තීය ඉල්ලීම් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය දිගින් දිගටම නොසලකා හැරීමට

විරෝධය පාමින් ඒකාබද්ධ වැඩ වර්ජනයක් දියත් කිරීමට වෘත්තීය සමිති නායකත්වය තීරණය කර තිබේ.

 
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්.එච් මුණසිංහ වෙත ලිපියක් යොමු කරමින් පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය පෙන්වා දෙන්නේ අවස්ථා ගණනාවකදී එම ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ලේකම්වරයාගෙන් නිසි අවස්ථාවක් පවා ලැබී නොමැති බවයි.
 
''එසේම ඇතැම් අවස්ථාවන්හීදී හිටපු සෞඛ්‍ය අමාත්‍යවරිය, අතිරේක සෞඛ්‍ය ලේකම්වරුන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් සමඟ සිදු කරනු ලැබූ සාකච්ඡා පවා සෞඛ්‍ය ලේකම්වරයාගේ ධනාත්මක ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් ව්‍යර්ථ වී ඇත."
 
ඒ අනූව වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තීයවේදීන් හිතාමතාම නොසලකා හරින සෞඛ්‍ය පරිපාලන රටාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය තුල ක්‍රියාත්මක වන බැවින්ද, ඊට අදාල විසඳුම් ලබා ගැනීමේදී අගමැතිවරයාගේ සහ ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති සාකච්ඡාද දේශපාලනිකව තෝරාගත් වෘත්තීය සමිති දෙක තුනකට සීමා වී ඇති බැවින් බහුතර සෞඛ්‍ය වෘත්තීයවේදීන් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ඉතා පීඩාකාරීව කටයුතු කරමින් සිටන බවයි පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් පවසන්නේ.
 
වෘත්තීය සමිති නායකයා සිය ලිපිය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ට තව දුරටත් අවධාරණය කර ඇත්තේ  කොවිඩ් වසංගතයේ උවමනාවන් පෙරදැරි කර ගනිමින්, එකී සියළු පීඩාවන් විඳදරා ගනිමින් සේවා අවශ්‍යතාවය ප්‍රමුඛ කර ගනිමින් සේවය ආවරණය කරනු ලැබූ එම වෘත්තීයවේදීන්ගේ ගැටලු තවදුරටත් නොසලකාහැර තිබීමට වෘත්තීය සමිති බලමණ්ඩලයක් ලෙස කළ  නොහැකි බවයි.
 
"මේ වන විට බරපතල සිරස් සහ තිරස් වැටුප් විෂමතාවයකට ලක්ව සිටින අප වෘත්තීන් ආවරණය කරන සිව් අවුරුදු වෘත්තීමය විශේෂ උපාධියක් ලැබූ අප වෘත්තීයවේදීන් ඩිප්ලෝමා තත්ත්වයේ වැටුපකට හිර කරමින් ඇතැම් වෛද්‍ය පරිපාලකයන් විසින් වැටුප් කොමිෂන් සභාව පවා නොමඟ යවමින් සිටී."
 
 
රවී කුමුදේශ් පෙන්වා දෙන්නේ සමාන්තර වැටුප් විෂමතාවයක යම් ප්‍රමාණයක හෝ අස්වැසිල්ලක් ලබා දුන් රනුග්ගේ වැටුප් කොමිෂන් නිර්දේශ වලට සිදුවූ දෙයක්ද නොමැති බවයි.
 
  
එසේම වැටුප් විෂමතාවයන් පිළිබඳ කිසිඳු සාකච්ඡාවකට සිය වෘත්තීයවේදීන්ව මෙතෙක් කැඳවා නොමැති  බවට චෝදනා කරන රවී කූදේශ් තව දුරටත් අවධාරණය කරන්නේ, අ 06/2006 වැටුප් ප්‍රතිපත්තිය මඟින් රට තුල ඇති කල වැඩවසම් වැටුප් ප්‍රතිපත්තිය දිවි හිමියෙන් ආරක්ෂා කරන්නට ඇතැම් සෞඛ්‍ය බලධාරීන් වෛද්‍ය පරිපාලකයන් ලෙස අනිසි උත්සහයක් ගනිමින් සිටින බවයි.
 
මෙම තත්වයන් සඳහා සාකච්ඡාමය විකල්පයක් මෙතෙක් ලැබී නොමැති බැවින් පහත ඉල්ලීම් මුල් කර ගනිමින්  නොවැම්බර් 09 දින උදෑසන 8.00 සිට නොවැම්බර් 10 උදෑසන 8.00 දක්වා සංකේත වර්ජන ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ට දැනුම් දී තිබේ. ඊට විසඳුම් නොලැබෙන්නේ නම් එය අඛණ්ඩ වර්ජනයක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවත් ඔහු සිය ලිපිය මගින් අනතුරු අගවා තිබේ.
 
1. වෘත්තීයවේදී උපාධියට අදාල නිවැරදි වැටුප් පරිමාණය ස්ථාපිත කිරීම සහ ගැළපෙන තනතුරු/රැකියා අවස්ථා හිමිකර දීම,
 
2. සියළු සෞඛ්‍ය වෘත්තිකයන් නියෝජනය වන “සෞඛ්‍ය පරිපාලන සේවය“ ස්ථාපිත කිරීම,
 
3. 2021 ජූලි මස 05 වන දින අමාත්‍ය මණ්ඩලය අනුමත කල,
 
a.මාණ්ඩලික හිමිකම තහවුරු කිරීමට අදාල චක්‍රලේඛය නිකුත් නොවීම
 
b.වසර 12න් පළමු පන්තිය ලබන ශ්‍රේණි උසස්වීම් ක්‍රමයට අදාලව, 
 
i.පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය වෘත්තීන්ට අදාලව චක්‍රලේඛය නිකුත් කිරීමට වන ප්‍රමාදය
 
ii.විෂමතා ඉවත් වන පරිදි 2010/11/01 දින දක්වා අදාල තීරණය පෙරදාතම් කිරීම වෙනුවෙන් නැවත අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබා ගැනීම.
 
4. වැටුප් විෂමතා නිවැරදි කිරීමට අදාලව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබූ “රනුග්ගේ වැටුප් කමිටු“ වාර්තාව මෙතෙක් ක්‍රියාත්මක නොවීම,
 
5. විශේෂ රාජකාරී දීමනාව රු. 10,000/- ක් ලෙස ඉහල දැමීම,
 
6. අතිකාල රේට් අගය නිර්ණයේදී සියළු සෞඛ්‍ය වෘත්තීන් සඳහා මූලික වැටුපෙන් 1/80 ක් ලෙස ගණනය කිරීම.
 
 
 

 

 


 

THE LEADER TV 
 
රාජපක්ෂ දේශපාලන ඉරණමේ තීන්දුව ! | Gossip
 

 
 
 
සාටකේ නාටකේ ! | මොණරවිලගේ ලියමන
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image