1985 වර්ෂයේ ප්‍රංශයේ පැරිස් නුවරට වැඩම කළ ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ප්‍රංශයේ ඡේතවන බෞද්ධ විහාරාධිපති

රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අති පූජණීය මුරුංගාගස්යායේ ඤාණිස්සර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 2021 නොවැම්බර් මස 05 වෙනි බ්‍රහස්පතින්දා ශ්‍රීලංකාවේදී අපවත් වූයේය.

fft

2021 ඔක්තෝම්බර් මස 31 ඉරු දින පැරිස් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම පැවැත් වූයේය. ඤාණිස්සර නාහිමියන් අවසන් වරට සහභාගි වූයේ එම කඨින පිංකමටය. එය උන්වහන්සේගේ අවසන් කඨින පිංකම වූයේය.

දීර්ඝ කාලයක් විදෙස් ගතව ධර්ම දූත සේවාවේ යෙදීම හේතු කොට අන්තර් ජාතිකව විශාල කීර්ති නාමයක් දිනා සිටි වයස අවුරුදු 76ක්වූ උන්වහන්සේ විසින් දියත් කර තිබූ දුප්පත් දරුවන්ට ශිෂ්‍යත්ව පිරි නැමීමේ උත්සවයකට සහභාගි වීමට ශ්‍රීලංකාවට වැඩම කල අවස්ථාවේදී හදිසියේ ඇතිවූ රෝගී තත්වයන් හේතු කොට රෝහල් ගත කිරීමෙන් අනතුරුව උන්වහන්සේගේ අපවත්වීම සිදුවී ඇත්තේය.

දශක තුනකට අධික කාලයක් ප්‍රංශයේ වැඩ වාසය කරමින් චීන, වියට්නාම්, කාම්බෝජ, සිංහල, ප්‍රංශ, බංගලදේශ ආදී ජන වර්ගයන් එකට එකතු කොට ඔවුන්ගේ උදව් උපකාර තුලින් ආගමික සමාජීය, අධ්‍යාපනික යන ක්‍ෂේත්‍ර වලට සුවිසාල මෙහෙයක් සිදුකල උන්වහන්සේ ඒ තුලින් ශ්‍රීලංකාව තුල රෝහල් අදාාහනාගාර, අංග සම්පූර්ණ රෝහල් වාට්ටු, දුගී දුප්පත් ජනයා වෙනුවෙන් ගෙවල් දොරවල්, මෙන්ම අඩු ආදායම් ලාභී පවුල් වල දක්ෂ දරුවන්ට ශිෂ්‍යත්ව හා සලාකාදිය පිරිනමමින් ඉතා වටිනා සමාජ මෙහෙවරක් සිදුකල ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමකි. මිද්දෙනිය ග්‍රාමයේ රෝහලට විශාල අඩු පාඩුවක්ව තිබූ අංඟ සම්පූර්ණ වාට්ටු ගොඩනැගිල්ලක් තනා ඊට අවශ්‍යය උපකරන පරිත්‍යාග කල උන්වහන්සේට ගෞරව පිණිස එම රෝහලේ කාර්ය මන්ඩලය විසින් එදින මෙසේ සටහන් කොට තිබුනේය.

සැමදා අසරණ වුන දනන් හට පිළිසරණ වුනා
නැමද මදි මෙවන් උතුමන් උදේ හවා
පුදලා ගිලන් වුවනට රෝහලක් තනා
මහා නාහිමි කිසිදාා නොමියෙන උතුමෙකුත් වුනා

මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන්ගේ දේහය කොටුව ශ්‍රීසම්බුද්ධාලෝක විහාරයේ අද (06) පස්වරු 5.000 වන තෙක් අවසන් ගෞරව දැක්වීමට තැන්පත් කර ඇත..

සුනිල් ආනන්ද පැරීසියේ සිට

 

 


 

THE LEADER TV 
 
පුතාගේ ඉල්ලීම ගැන හිතලා බලන්න ඔනේ ! | මොණරවිලගේ ලියමන
 

 
 
"ස" ට කඳක් තියෙනවා ඔළුවක් නෑ ! | "ස" ගේ දැනගැනීම පිණිසයි
 

 
 
රාජපක්ෂ දේශපාලන ඉරණමේ තීන්දුව ! | Gossip
 

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්