1200 x 80 DMirror
 
 

අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි සිය අමාත්‍ය ධුරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීමට ගත් තීන්දුව හකුලාගෙන තිබේ.



ඒ, ජනාධිපතිවරයා සමග පැවති සාකච්ජාවකින් පසුවය.

ඔහු සිය අමාත්‍ය ධුරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීම දැනුම් දෙමින් එම ලිපි දෙක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඊයේ දිනයේ භාරදී ඇතැයි ආණ්ඩුවට පක්ෂපාති මාධ්‍ය පවා අද වාර්තා කර තිබිණ.

එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිධුරයට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඉදිරිපත් කිරීමට විරෝධය පළ කරමින් ඔහු මෙම තීරණය ගෙන ඇතැයි ද එම මාධ්‍ය වාර්තා වල සඳහන් විය.

කෙසේවුවද ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීමේ ලිපි භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

රටේ නීති සකස් කිරීමට නිශ්චිත ආයතන තිබියදී මෙවන් කාර්ය සාධක බලකා හරහා නීති සකස් කිරීමට යාම අනවශ්‍ය ගැටලු ඇති කරන්නක් බව අධිකරණ අමත්‍යවරයා පෙන්වා දී ඇති අතර එම පත්කිරීම පිළිබඳව තමන්ගේ පැහැදීමක් නැති බවද පවසා තිබේ.

නමුත් ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙම බලකාය පත් කරන ලද්දේ තමාට උපදෙස් ලබා ගැනීමට මිස රටේ නීති සෑදිමට නොවන බවයි.

එමෙන්ම නීති සකස් කිරීමේ දී අනිවාර්යෙන්ම අධිකරණ ඇමතිගේ දායකත්වය ලබා ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

 

 

 

 


 

THE LEADER TV 
 
පුතාගේ ඉල්ලීම ගැන හිතලා බලන්න ඔනේ ! | මොණරවිලගේ ලියමන
 

 
 
"ස" ට කඳක් තියෙනවා ඔළුවක් නෑ ! | "ස" ගේ දැනගැනීම පිණිසයි
 

 
 
රාජපක්ෂ දේශපාලන ඉරණමේ තීන්දුව ! | Gossip
 

  

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58