1200 x 80 DMirror
 
 

අමාත්‍ය මණ්ඩලය තුළ සාකච්ඡා නොකොට, අධිකරණ අමාත්‍යවරයා සහ නීතිපතිවරයා ඉවත් කොට 'එක රටක් එක නීතියක්'

ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කිරීම විහිලු සහගත ක්‍රියාවක් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

ජනාධිපති කාර්යභාර්ය පදනම මතත් මෙය ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් මෙන්ම මෙය පාර්ලිමේන්තුවට අයත් කාර්යයක් බවත් එජාපයේ ස්ථාවරය වී ඇත.

ඒ නිසා රටේ එකමුතුකමට හානියක් වන එක් රටක් එක් නීතියක් සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකාය වහාම අහෝසි කරන ලෙස එජාපය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන් ඉල්ලා සිටියි.

එක්සත් ජාතික පක්ෂය විසින් මෙම කොමිසමට විරෝධය පලකිරීමට තීරණය කර ඇත්තේ, එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදීය. ඒ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා වෙතත්, විපක්ෂයේ සියලුම පක්ෂ නායකයින් වෙතත් ලිපියක් යොමුකිරීමට ද මෙහිදී තීන්දුකර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පෙරේදා (05) පක්ෂ මූලස්ථානයේ දී පැවතියේ එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙනි. එහි විශේෂත්වය වූයේ එම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සඳහා රවි කරුණානායක, නවීන් දිසානායක, අර්ජුන රණතුංග, ලක්ෂ්මන් විජේමාන්න යන අයද සහභාගීවී සිටීමයි.

මෙහිදී ප්‍රධාන කාරණා දෙකක් පිළිබඳව සියලු දෙනාගේ අවධානය යොමු වී ඇත. ඒ ජනාධිපති වරයාගේ විදේශ සංචාරය සහ එක් රටක් එක් නීතියක් වූ ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවීම පිළිබඳවයි.


එක් රටක් එක් නීතියක් පිළිබඳව ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කිරීම නීති විරෝධී බවටත්, රටක නීතිය ශක්තිමත් කිරීම සඳහා අධිකරණ අමාත්‍යවරයා සහ නීතිපතිවරයා ප්‍රමාණවත් බවත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව ස්ථාවරය වී ඇත.

මෙම රැස්වීමේදී අදහස් දැක්වූ එජාප නායකයා මෙසේ කරුණු පැහැදිලි කිරීමක් කර තිබේ.

''නිදහස් ලංකාවක් බිහිවීමත් සමග ආග්‍රමාත්‍ය මහාමාන්‍යය ඩී. එස්. සේනානායක ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් බිහි කළ අතර සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ජනතාව එක්  අනන්‍යතාවයකින් ඉදිරියට ගමන් කිරීම අපගේ ජාතික ගීයේ ‘එක මවකගේ දරු කැල  බැවිනා‘ යන වචන තුළින් අර්ථ ගැන්වුනා. එමෙන්ම අපගේ ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් පරිච්ජේදය තුළද එය  සඳහන් වී තිබෙනවා.

ඒ අනුව අපට ඇත්තේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය තුළ ඉදිරියට ගොස් අඩුපාඩු සකසා ගැනීමයි. එම නිසා එක් රටක් එක් නීතියක් සදහා පත්කළ ජනාධිපති කාර්යසාධන බලකාය ඊට පටහැනි වනවා.

මෙම රටේ විවිධ පුද්ගල කොට්ඨාශ වෙනුවෙන් වෙනවෙනම නීති තිබු අතර අපගේ පැරණි සිංහල රාජධානියේ නීතිය අද උඩරට නීතිය ලෙස හැඳින්වෙනවා. එය අවුරුදු 700 කට වඩා පැරණි නීතියක් රෝමානු ලන්දේසි නිතියද අවුරුදු 600 කට වඩා ක්‍රියාත්මක වී තිබෙනවා.

තේසවලමේ නීතිය වසර 500 ක් පමණ පැරණි යාපනයට පමණක් අනන්‍ය වූ දකුණු ඉන්දියාවේ පවා ක්‍රියාත්මක නොවන පැරණි විශේෂ නීතියක්. එමෙන්ම මුස්ලිම්වරුන් සඳහා පවතින නීතියද දීර්ඝ කලක සිට පිළිගෙන තිබෙනවා.

මීට  අමතරව නැගෙනහිර පළාතේ මුක්කුව නමින් ජනවර්ග කණ්ඩායමක් 19 වන ශතවර්ෂයේ අග බාගය දක්වා ජිවත් වූ අතර, ඔවුන්ටත් වෙනම නීතියක් පැවතුණා. 20 වන ශතවර්ෂයේදී මෙම ජන කණ්ඩායම ද්‍රවිඩ හා මුස්ලිම් ජන කොට්ඨාශ සමග මිශ්‍ර වීම හේතුවෙන් සමාජයෙන් තුරන් වුණා.


අතීතයේ පටන් විවිධ ජන කණ්ඩායම් වලට පැවති ක්‍රමවේද සහ ලක්ෂණ අප පිළිගෙන තිබෙන අතර ඒ තුළින්  කිසිවෙකුටත් හානියක් සිදුවී නැත. මෙම නීති ඉවත් කිරීම යනු සමස්ත ශ්‍රී ලංකා රාජ්‍ය වෙනුවෙන්  ගොඩ නැගු නීති පද්ධතීන්ද  ඉවත් කිරීම හා සමාන වනු ඇති. මෙම නීති වල පවතින අඩුපාඩු අපට සකසා ගත හැකියි.

 

ප්‍රධාන වශයෙන් තේසවලමේ නීතියේ විවාහ වූ කාන්තාවන්ගේ අයිතිවාසිකම් සිමා වෙලා තිබෙනවා. එම අඩුපාඩුව අපි සකස් කළ  යුතුයි.  

මුස්ලිම් නීතිය යටතේද ස්වාමි පුරුෂයෙකු භාර්යාවන් 4 ක්  විවාහ කර ගැනීම සහ විවාහක කාන්තාවන්ට අයිතිවාසිකම් අවම වන අතර, එය සංශෝධනය කිරීමට කෙටුම්පතක් 2019 දී පැවති යහපාලන ආණ්ඩුවෙන් සකස් කළා.

එම කෙටුම්පත මේ වන විට අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඉදිරියට ගෙන යමින් සිටින මොහොතකයි මෙම ජනාධිපති කාර්යසාදන බලකාය පත්කර ඇත්තේ.  

 

මීට  අමතරව ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සහ පිරිමින්ට එක හා සමාන ලෙස සැළකීම සෑම අංශයක් තුළින්ම දක්නට නොලැබෙන අතර ඒ සඳහාද නීති ඉදිරිපත් කළ යුතුයි. ඒ අනුව රටේ බහුතරය වන කාන්තාවන්ට මෙම ක්ෂේත්‍ර සදහා නීති කෙටුම්පත්  කිරීම ගැටලුවක් නොවේ. ඒ පිළිබදව රට තුළ සංවාදයක් ගොඩ නැගී තිබෙනවා.

 

කෙසේ වුවත් පත්කර ඇති ජනාධිපති කාර්යසාධන බලකායෙන් සිදු වන්නේ එය අවුල් සහගත වීමයි. එමෙන්ම ජාතික සමගිය විනාශ කිරීමයි. ජනාධිපතිවරයාට උපදෙස් සහ සහය ලබා ගැනීම අදාල විෂය භාර අමාත්‍යවරයා හෝ නීතිපතිවරයාගෙන් සිදු කළ හැකිය.  

පළමුවෙන්ම සිදු කළ යුත්තේ පාර්ලිමේන්තුවේ විවාද කිරීමයි. ඉන් අනතුරුව තේරීම් කාරක සභාවක් පත්කර ඒ පිළිබද සාකච්ඡා කර ඊට අධිකරණ අමාත්‍යංශය සහ විශේෂයෙන් නීතිපතිවරයාගේ සහය ලබාගැනිමයි. '' 

  

 

 

 


 

THE LEADER TV 
 
පුතාගේ ඉල්ලීම ගැන හිතලා බලන්න ඔනේ ! | මොණරවිලගේ ලියමන
 

 
 
"ස" ට කඳක් තියෙනවා ඔළුවක් නෑ ! | "ස" ගේ දැනගැනීම පිණිසයි
 

 
 
රාජපක්ෂ දේශපාලන ඉරණමේ තීන්දුව ! | Gossip
 

  

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58