වැරදි ආර්ථික මිල පාලන ප්‍රතිපත්තිය සහ අසීමිතව මූල්‍ය අක්‍රමිකතාවයන් වෙළෙපොළේ දැවැන්ත ගෑස් හිඟයක් නිර්මාණය කර ඇතැයි හිටපු ආණ්ඩුකාර

රජිත් කිර්ති තෙන්නකෝන් පවසයි.

''ඉස්සර බතුයි - පොල්සම්බලුයි ගැන කතා කරපු අයට දැන් සිගරට් - බුලත්විටත් නෑ'' යැයි ද ඔහු කියා සිටියි.

''මාසිකව ලංකාවට ගෑස් මෙ.ටො. 45,000 ක් අවශ්‍යයි. ලෝක වෙළෙඳපොල මිල අනුව ඒ සඳහා ඩොලර් මිලියන 35 සිට 36 දක්වා මුදලක් අවශ්‍ය වේ.  ලිට්රෝ ගෑස් සමාගමට ඩොලර් සැපයූ ස්ටෑන්ඩර්ඩ් චාටර් බැංකුව මේ වන විට ණයවර ලිපි විවෘත කිරීම නවතා දමා තිබෙනවා. රාජ්‍ය බැංකු තවදුරටත් ගෑස් සමාගම් දෙකක අවශ්‍ය ඩොලර් සැපයීමට නොහැකිවීම පත්වීම ගෑස් හිඟවීමට මුලිකම හේතුවයි...''  හිටපු ආණ්ඩුකාර තෙන්නකෝන් කියා සිටියි.

ඔහු මේ බව පැවසුවේ නාරාහේන්පිට පැවති රැස්වීමක් අමතමිනි.

''හිගයක් නැතිව ගෑස් දෙන්න නම්, ලාෆ්ස් සමාගමට ඩොලර් මිලියන 9.5 ක්, ලිට්රෝ සමාගමට ඩොලර් මිලියන 24  මාසයකට අවශ්‍යයි. මෙයට අමතවර පෙට්‍රල්, ඩීසල් සහ භුමිතෙල් ඇතුළු ඉන්ධන ආනයනය මාසයකට තවත් ඩොලර් මිලියන 250 ක් අවශ්‍ය වේ. පසුගිය මාස හතර පුරාම නැවත නැවතත් මෙම ඩොලර් අවශ්‍යතාව සපයන්න වානිජ්‍ය බැංකුවලට බැරි වුණා. ඉස්සරවෙලාම කහ පැහැති ගෑස් නැතිවුණා. දැන් නිල් පාට සිලින්ඩර නෑ. ඉදිරියේ මේ තත්වය තවත් උග්‍ර වෙනවා.

rajith aop

ලිට්රෝ අර්බුදය හොරකම් කිරීමට පාර කපා ගැනීමක්. ගෑස් සැපයුම 2022 ඉවර වෙන බව නිලධාරි දන්නවා. නව ගැණුම්කරුවෙකු තෝරා පත් කර ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට මාස 4 ක් යනවා. ඒ අනුව, ඉදිරියේ දී හදිසි මිලදී ගැනීම් ලෙස ලිට්රෝ සමාගමට ගෑස් ගන්න සිද්ධ වෙනවා.  දැනටමත් ලාෆ්ස් සමාගම ගෑස් මිලදී ගන්නා මිලට දෙගුණයකට ආණ්ඩුවේ සමාගම ගෑස් ගන්නේ යැයි ද තෙන්නකෝන් වැඩිදුරටත් පැවසිය.

 


 


THE LEADER TV

 
 
පුතාගේ ඉල්ලීම ගැන හිතලා බලන්න ඔනේ ! | මොණරවිලගේ ලියමන |
 

 
 
"ස" ට කඳක් තියෙනවා ඔළුවක් නෑ ! | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්