ගෑස් මාෆියාව සම්බන්ධයෙන් වහාම ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්නැයි ලිට්‍රො සමාගමේ හිටපු සභාපති අනිල් කොස්වත්ත ලිපියක් මගින් මුදල්

අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

ලිට්‍රෝ සමාගමේ වත්මන් සභාපති තෙෂාර ජයසිංහ පෙරේදා (05) ගෑස් මාෆියාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර තිබු අතර ගෑස් ගිවිසුම හරහා කෝටි 1000ක වංචාවක් සිදුව ඇති බවටත් චෝදනා කළේය.

හිටපු සභාපතිවරයා පරීක්ෂණයක් ඉල්ලා තිබුණේ ඉන් හෙළි කළ කරුණු සම්බන්ධයෙනි.

 

ලිට්‍රෝ ආයතනයට දැනට ගෑස් සපයන සමාගමේ තර්ජනයන්ට යටවී ගෑස් මිලදී ගැනීමේ ගිවිසුම තවත් වසර දෙකකට දීර්ඝකිරීමට සිදුවූයේ නම් රුපියල් බිලියන 10ක පාඩුවක් සිදුවීමට ඉඩ තිබූ බව ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ එම මාධ්‍ය හමුවේදී පැවසිය. ඔහු පවසන්නේ හිටපු සභාපතිවරයා අස්සන් කළ එම ගිවිසුම නිසා ජාත්‍යන්තරයෙන් අඩු මුදලට ගෑස් මිලදී ගැනීමට නොහැකි වී ඇති බවය.


“කාටවත් මේ ගෑස් වෙළෙඳපොළට එන්න දෙන්නේ නෑ. එක කණ්ඩායමක් විතරයි ගෑස් අලෙවි කරලා තියෙන්නේ. පක්ෂ ආණ්ඩු අදාළ නැහැ. හොරු කියන්නේ එක කණ්ඩායමක්. හොරුත් එක්ක සියලු දෙනාම ඉන්නවා. ඒක නිසා වැඩ කරන මිනිස්සුන්ට වැඩ කරන්න දෙන්නේ නැහැ. පසුගිය 28 සිට මේ මස 01 වැනිදා දක්වා ගෑස් නිකුත් කරන්න බැරි වුණා. අපේ ප්ලාන්ට් එක වහන්න වුණා. ගෑස් පොඩ්ඩක්වත් අපි ළඟ තිබුණේ නැහැ. හේතුව, ගෑස් නැව වරායට ඇවිල්ලා තියෙද්දි ඔවුන් අපිට තර්ජනය කළා, ගෑස් දෙන්න බෑ…මේ කොන්ත්‍රාත්තුව තව අවුරුදු දෙකකට දීර්ඝ කරන්නේ නැත්නම් කියලා.

එයට අකමැතිවීම නිසාත් සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලය බිත්තියට හේත්තු කිරීම නිසාත් මට සිද්ධ වුණා ජනපතිතුමාගේ උපදෙස් ලැබෙනකම් ඉන්න. මේකට සම්බන්ධ වු පිරිසට ඕන වුණා මගේ අත්සනින් කොන්ත්‍රාත්තුව දීර්ඝ කරගන්න.

 

මේ කොන්ත්‍රාත්තුව නිසා රටට නැතිවෙන සමස්ත මුදල ආසන්න වශයෙන් බිලියන 10ක් විතර වෙනවා. එවැනි මුදලක් කවුරුහරි කෙනෙක්ගේ අතට යනවා. ගිහින් නම් ඒක අතීතයෙත් සිද්ධ වුණානම් ඒ ලැබිච්ච අය සහ ලැබෙනකම් බලන් ඉන්න අය මටත් ලේසියෙන් ඉන්න දෙන එකක් නෑ. ඒකට අපි බය නැහැ. 

 

මේකෙදි ජනපති හා මහබැංකු අධිපති මැදිහත්වුණා, අවසන් වශයෙන් ලැබුණු නැව නිදහස් කරගන්න. ඒ නිසා පෙර පරිදි අපි නිෂ්පාදන කටයුතු ආරම්භ කළා. මේ ගැන කලින් කියන්න බැරිවුණ එක ගැන කනගාටුයි. හැබැයි මම සතුටු වෙනවා හොරකම වෙන්න දීලා කියනවාට වඩා හොරකම නවත්තන්න පුළුවන් වුණ එක ගැන.


එහිදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේ, “කවුද මේක අත්සන් කරලා තියෙන්නේ ?”

තෙෂාර ජයසිංහ :
අත්සන් කරලා තියෙන්නේ 2020.02.28 වැනිදා. දැන් පවතින කොන්ත්‍රාත්තුව අවුරුදු 2ක් තියෙනවා. කල් ඉකුත් වෙන්නේ 2022.02.28.


මාධ්‍යවේදියෙක් : මේක ගිවිසුම්ගත වෙච්ච පුද්ගලයෝ කරපු වැඩක් ද?

තෙෂාර ජයසිංහ :
මෙවැනි කොන්ත්‍රාත්තුවකින් වරප්‍රසාද ලබන අය ඉන්නවා. ලෝක වෙළෙඳපොළෙන් මීට වඩා අඩුවට, ඩොලර් 50 සිට ඩොලර් 200 දක්වා අඩුවට ලංසු ලබාගන්න පුළුවන්. දැනට වඩා ඩොලර් 100ක් අඩුවෙන් ගෑස් ලබාදෙන සමාගමක් සමග අපි කෙටි කාලීන ගිවිසුමකට එළඹිලා තියෙනවා. වැඩි මිලට ගන්නකොට ලාභයක් ලැබෙන තැනක් ඇති.



මාධ්‍යවේදියෙක් : ඒ කියන්නේ ඔබතුමාට පෙර හිටපු සභාපතිතුමාගේ කාලේ ගිවිසුම්ගතවීමත් එක්ක තමයි මේ වංචාකාරී ක්‍රියාව සිද්ධ වෙන්නේ ?

තෙෂාර ජයසිංහ :
දැන් ක්‍රියාත්මක ගිවිසුමට එළඹිලා තියෙන්නේ 2020 මාර්තුවල. ඒ මට කලින් හිටපු සභාපතිවරයාගේ කාලේ.



මාධ්‍යවේදියෙක් : ඔබතුමත් මේ ආණ්ඩුවෙන්. එතුමත් මේ ආණ්ඩුවෙන් පත්වෙච්ච අය. හොරකම් කරන්නනේ මේ පත්වීම් දීලා තියෙන්නේ?

තෙෂාර ජයසිංහ :
 ජනාධිපතිතුමා මාව පත් කළේ ජනතාවට සේවයක් කරන්න. පසුගිය අවුරුදු 10ම අඩු මිලට අරගෙන නැහැ.



මාධ්‍යවේදියෙක් : දැන් ඔබතුමාලා ඔය සමාගම් දණ ගස්සවන්න ගිහිල්ලා අන්තිමේදි අර චීන පොහොර නැව ඇවිල්ලා මහජන බැංකුවට වෙච්ච දේ වගේ බ්ලැක් ලිස්ට් වුණොත්?

තෙෂාර ජයසිංහ :
මං එයාලව බ්ලැක් ලිස්ට් කරන්න ඉඩ තියෙනවා. ඒ අයට අපිව බ්ලැක් ලිස්ට් කරන්න බෑ. අපි විසින් ඔවුන්ගෙන් අඩුවෙන්ම මිලදී ගතයුතු කියන ප්‍රමාණය අතිශයින්ම මාසික අවශ්‍යතාවට සමානයි. පසුගිය කාලයේ මම වැඩභාර ගන්නාවත් එක්කම ලාෆ් සමාගම ගෑස් නිකුත් කිරීම නැවැත්තුවා.

 


බැසිල් Vs වියත්මග :

 

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ අගසවුවකු ලෙස සැලකෙන ලිට්රෝ හිටපු සභාපති අනිල් කොස්වත්ත සම්බන්ධයෙන් මෙවැනි බරපතල අනාවරණයක් කිරීමට ලිට්‍රෝ සමාගමේ වත්මන් සභාපති තෙෂාර ජයසිංහ ට හයියක් ලැබුනේ කෙසේදැයි මේවනවිට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහකට ලක්ව තිබේ. මේ සඳහා පෙළඹවීමක් සිදුකර ඇත්තේ ජනාධිපතිවරයා බව ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි.

 

තෙෂාර ජයසිංහ වියත්මග' සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකි. 'වියත්මග' යනු ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු ක්‍රියාකාරීන් පිරිසක් ගෝඨාභය රාජපක්ෂ විපක්ෂයේ පොදු අපේක්ෂකයා කර ඔහුව බලයට ගෙන ඒමේ දේශපාලන අරමුණ පෙරදැරිව ගොඩනැඟූ වෘත්තිකයින්ගේ සංවිධානයකි.

වියත්මග හරහා ගෙනගිය මතවාදීමය මෙහෙයුම හරහා ගෝඨාභය රාජපක්ෂ වියතකු ලෙස සමාජගත වූ අතර තමන්ගේ අනුගාමිකයකු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට බැසිල් රාජපක්ෂ තුල වූ සුදානම ව්‍යර්තවිය.

VIyathmaga 04.02
නාලක ගොඩහේවා ගේ FB පිටුවෙන්
 

වියත්මග සංවිධානයේ නායකත්වය හා සභාපතිත්වයට ගෝඨාභය රාජපක්ෂට ආරාධනා කිරීම සිදුවුයේ 2016 පෙබරවාරි 4 නිදහස් දිනය දාය. 'වියත්මග' සංවිධානයේ ආරම්භය ලෙස එදින සැලකේ.
 
මහින්ද රාජපක්ෂ ද සහභාගී වී සිටි එම අවස්ථාව සනිටුහන් කරමින් 'වියත්මග' ආරම්භක සාමාජිකයින් කිහිප දෙනෙකු ගෝඨාභය රාජපක්ෂගේ නිවසේදී ගනු සමුහ ජායරුපයක් ආචාර්ය නාලක ගොඩහේවා විසින් ඔහුගේ FB පිටුවේ පළකර ඇත්තේ, ''වියත්මග ආරම්භක සාමාජිකයන් 12 දෙනා සමග කියාය.
 
ජායාරුපයේ දැක්වෙන ආකාරයට ගෝඨාභය රාජපක්ෂ සමග එම අවස්ථාවට එක්වූ 12 දෙනා මෙසේය.
 
මහින්ද රාජපක්ෂ
මනෝරි උනම්බුව
නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ
දමිත වික්‍රමසිංහ
සඳමාලි ඒකනායක
ආචාර්ය නාලක ගොඩහේවා
මහාචාර්ය ජනිතා ලියනගේ
රියල් අද්මිරාල් සරත් වීරසේකර
දෙවලොචන රණසිංහ
ඉන්දික ලියනහේවගේ
තෙෂාර ජයසිංහ
නිවන්ත ප්‍රනාන්දු  
 
 
මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමි, අනුරාධා යහම්පත්, ශාමිලා ගෝනවල, මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම සහ ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත ද මෙම සංවිධානයේ ආරම්භක සාමාජිකයින් ලෙස සැලකේ.


අනිල් කොස්වත්ත ගේ පැමිණිල්ල :


කෙසේවුවද ලිට්‍රෝ සමාගමේ වත්මන් සභාපති තෙෂාර ජයසිංහ විසින් එසේ සිදුකළ අනාවරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස හිටපු සභාපති අනිල් කොස්වත්ත විසින් බැසිල් රාජපක්ෂ යටතේ ඇති මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ තමන්ගේ නිර්දෝෂිභාවය සහතික කෙරෙන ලිපි ලේඛනවල පිටපත් කිහිපයක් ද සහිතවය.

ඊට අදාල ලිපිය හා සටහන පහත පළවේ.




 


 


THE LEADER TV

 
 
පුතාගේ ඉල්ලීම ගැන හිතලා බලන්න ඔනේ ! | මොණරවිලගේ ලියමන |
 

 
 
"ස" ට කඳක් තියෙනවා ඔළුවක් නෑ ! | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්