ඉදිරි පැය 24තුළද ප්‍රදේශ කිහිපයකට මිලි මීටර් 150 ඉක්මවු තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 


ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට එලෙස මිලි මීටර් 150 ඉක්මවු තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේනත්තුව සඳහන් කරයි.

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කාර්යයෙන් නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මෙසේ පැවසිය.

 


පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ගංඟා ද්‍රෝණි 9ක් ආශ්‍රිතව පහත්බිම්වල රැඳී සිටින ජනතාව ඒ සම්බන්ධයෙන් සැලකිළිමත් වන ලෙස වාරි මාර්ග දෙපාර්තමේන්තුව ද දැනුම් දී සිටියි.

දැඳුරු ඔය, මහ ඔය, අත්තනගලු ඔය, කැලණි ගඟ, කළුගඟ, බෙන්තර ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ සහ කලා ඔය යන ගංඟා ද්‍රෝණි ආශ්‍රිත පහත් බිම්වලට සිටින ජනතාව මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අද ( 08) හෙට (09) සහ අනිද්දා (10) යන දිනවල සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර දැනට පවතින වැසි තත්ත්වය අද සහ හෙට යන දිනවලදී ද පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 150 ඉක්මවු තද වැසිද අපේක්ෂා කළ හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

වයඹ සහ උතුරු පළාත්වලත්, මාතලේ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලත් මිලිමීටර් 100 ඉක්මවු තද වැසි ඇතිවිමේ අවධානමක් පවතී.

මේ අතර වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ප්‍රදේශ රැසකට නිකුත් කර තිබු නායයෑම් අවදානම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.


drtr

 


 

THE LEADER TV

 
 
සංඝක්කාරලා පිටියට කැඳවයි ! | මොණරවිලගේ ලියමන
 

 
 
පුතාගේ ඉල්ලීම ගැන හිතලා බලන්න ඔනේ ! | මොණරවිලගේ ලියමන |
 

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්