theleaderlk 01

මාස 06 කට පසු පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද සිට ආරම්භ වේ.

 


අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා එම ශ්‍රේණිවල සිසුන්ගේ මව්පියන්ගෙන් ඉල්ලා සිටියේ දරුවන් වෙනුවෙන් පාසල් සූදානම් කර ඇති බැවින් දරුවන් පාසැල් වෙත යොමු කරන ලෙසයි.
 

fgdgrtrt

 
සිසුන් පාසල් නාවොත් කරන දේ අධ්‍යාපන අමාත්‍යංශය කියයි

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන්ගේ පැමිණීම අනුව දැනට නියම කර ඇති විභාග නියමිත දිනවලට පෙර පැවැත්වීමට ඉඩ ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මෙවර විභාගයට පෙනී සිටින එකොළහ ශ්‍රේණියේ සහ දහතුන ශ්‍රේණීයේ දරුවන්ගේ පාසල් පැමිණීමේ තොරතුරු අද සිට දින පතා ලබා ගැනීමට ද අමාත්‍යාංශය තීරණය කර තිබේ.

දරුවන් පාසල් නොපැමිණෙන්නේ නම් විභාග පැවැත්වීම සඳහා තවත් කල් ගත කිරීම අවශ්‍යතාවක් නැත යන්න අමාත්‍යාංශයේ අදහසවී තිබේ.

එම ශ්‍රේණිවලට අදාළ පන්ති පවිත්‍ර කිරීමේ කටයුතු පසුගිය දිනවල පැවැති අතර විශේෂයෙන් එම පවිත්‍ර කටයුතු සඳහා දහතුන ශ්‍රේණියේ දෙමව්පියන්ගේ සහ දරුවන්ගේ පැමිණීම සතුටුදායක තත්ත්වයක නොපැවැති බව වාර්තා වී තිබේ.

මේ වන විට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත්තේ උසස් පෙළ විභාගය ලබන වසරේ (2022) පෙබරවාරි මාසයේ ද සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේද පැවැත්වීමය.

කෙසේ වුව ද මෙම විභාග දෙකම එකම කාලවකවානුවක පැවැත්වීම සම්බන්ධයෙන්ද අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබිණි.

 

 

 

 


 

THE LEADER TV

 
 
සංඝක්කාරලා පිටියට කැඳවයි ! | මොණරවිලගේ ලියමන
 

 
 
පුතාගේ ඉල්ලීම ගැන හිතලා බලන්න ඔනේ ! | මොණරවිලගේ ලියමන |
 

  

නවතම පුවත්