ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ග අසාර්ථක බවත් මේ ආකාරයට ගියහොත් රටේ විකල්ප බලවේගයක් බිහිවීම වැළැක්විය නොහැකි බවත් ශ්‍රී ලංකා පොදුජන

පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පැවැසීය.

ආණ්ඩුව කරන කිසිම දෙයක් ජනතාව නොදන්නවා සේම ඇමැතිවරුන් කියන කිසිම දෙයක් අද ජනතාව විශ්වාස නොකරන බව පැවසූ මන්ත්‍රීවරයා ඇමැති මණ්ඩලය සම්පූර්ණයෙන්ම අසාර්ථක බවද ප්‍රකාශ කළේය.

රටේ විශාල ආර්ථික අර්බුදයක් නිර්මාණයවී පෝලිම් යුගයක් නිර්මාණයවී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී රටක් පාලනය කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට බව පැවසූ ප්‍රියදර්ශන මන්ත්‍රීවරයා,  ජනතාවගේ මූලික අත්‍යවශ්‍ය භාණ්ඩ මේ ආකාරයට දිගින් දිගටම අහස උසට නගිද්දී රටක් පාලනය කිරීම දුෂ්කර වනු ඇතැයිද පැවසුවේය.

ආණ්ඩුව මේ යන්න හදන්නේ කොතැනකටද දැයි තවමත් බලා සිටින බවත් පවතින තත්ත්ව යටතේ මේ ආණ්ඩුවේ ඇමැති තනතුරක් බාර ගැනීමට කිසිම අදහසක් තමාට නැති බවත් අනුර ප්‍රියදර්ශන යාපා කීවේය .

(ලංකාදීප -සුජිත් හේවාජුලිගේ )



සබැඳි පුවත් :


අනුර යාපාගේ හෘද සාක්ෂියට කතා කරමි - රටේ රාළ




THE LEADER TV 



රාජපක්ෂ දේශපාලන ඉරණම කියන කසකාරයා

 

 
සංඝක්කාරලා පිටියට කැඳවයි ! | මොණරවිලගේ ලියමන
 
 
පුතාගේ ඉල්ලීම ගැන හිතලා බලන්න ඔනේ ! | මොණරවිලගේ ලියමන |
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්