වෙළඳපල සාමාන්‍ය මිල ගණන් නොසලකා හැර, ඉහළ මිලක් ඉදිරිපත් කළ ලංසුකරුවකුගෙන් පී.සී.ආර් කට්ටල මිලදී ගැනීම නිසා රජයට රුපියල් කෝටි

12කට අධික (රුපියල් මිලියන 125ක) පාඩුවක් සිදුව ඇතැයි 2020 විගණකාධිපති වාර්තාවේ සඳහන් වේ.

2020 වසරේ අවස්ථා තුනකදී පී.සී.ආර් කට්ටල 328ක් මෙලෙස ඉහළ මිල ගණන් යටතේ මිලදීගෙන ඇතැයි ද එහි දැක්වේ.

මෙම විගණන වාර්තාව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධනට පසුගිය සතියේ භාර දී ඇත.

 

එම මිලදී ගැනීම් කර ඇති කාලයේදී පී.සී.ආර් කට්ටලයක සාමාන්‍ය මිල රුපියල් 1,850ක් වුවත් එම කට්ටල මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ සැපයුම් අංශය වෙනුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව රුපියල් කෝටි 76කට වැඩි මුදලක් (රුපියල් මිලියන 762.96ක්) වැය කර ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.


අවම මිල සහිත ලංසු යටතේ ලබාදීමට නියමිත පී.සී.ආර් කට්ටල පවතින පී.සී.ආර් යන්ත්‍ර සමඟ නොගැළපීම නිසා ඒවා ප්‍රතික්‍ෂේප කර ඇතැයි සඳහන් වන අතර තාක්‍ෂණික ඇගයීම් කමිටුව ඇතැම් සමාගම්වලට වාසිදායක අයුරින් කටයුතු කර ඇත්තේ පැවති හදිසි තත්වය හා වෛද්‍ය පර්යේෂණ ආයතනය භාවිතා කරන යන්ත්‍ර වර්ගය හා අතීත අත්දැකීම් සළකා බවත් පැවසේ

ලංසු කැඳවීමට පෙර නිවැරදි ලෙස එම කට්ටලවල විශේෂතා ද භාවිතාවන යන්ත්‍රවලට අනුරූප වන අයුරින් සූදානම් කර තිබී නැති බව වාර්තාවේ දැක්වේ.

තාක්‍ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ මත අමාත්‍යාංශයේ විශේෂ ප්‍රසම්පාදන කමිටුව ඉහළ ලංසුකරුවකුගෙන් මිලදී ගැනීම් කිරීමට නිර්දේශ කර ඇත්තේ රුපියල් කෝටි 12.5ක පාඩුවක් විඳිමින් බව ද එහි සඳහන් වේ.


ඖෂධ හා අනෙකුත් සෞඛ්‍ය සැපයුම් මිල දී ගැනීමේදී බරපතල වංචා සහ දූෂණ

ravi kumudesh 1 2

වෘත්තීය සමිති නායක රවී කුමුදේශ එම මාධ්‍ය හමුවේදී තව දුරටත් මෙසේද සඳහන් කළේය.

''අපේ රටේ ඖෂධ සම්බන්ධයෙන් වෙනම රාජ්‍ය අමාත්‍යවරයෙක් පත් කරා, අමාත්‍යාංශයක් පිහිටෙව්වා අමාත්‍යංශයේ සම්බන්ධයෙන් වෙනම ප්‍රචාරාත්මක වැඩසටහනකුත් ගෙනිච්චා. නමුත් අද වෙනකොට දත්ත නැති වෙලා තිබෙනවා රට තුළ ඖෂධ නිෂ්පාදන ඇනහිටලා තිබෙනවා. ගෙන්නන උපකරණ සහ ඖෂධ ගෙන්වීමේදී විවිධ දූෂණ සිදුවෙලා තිබෙනවා.

වෙනම අමාත්‍යාංශයක් නඩත්තු කරමින් රටට කිව්වේ ඖෂධ සම්බන්ධයෙන් සුභදායී දෙයක්. ඒ නිසා අපිත් ඒ පිළිබඳ සුභවාදිව බලාගෙන සිටිය.

2020 විගණකාධිපතිවරයාගේ වාර්තාවේ බැලූ බැල්මටම කෝටි 11ක බාල ඖෂධ ගෙනල්ල තියෙනවා කියලා වාර්ථා වෙනවා. රාජ්‍ය ඇමතිවරයා සුපුරුදු සිංදුවම කියන්න හදනවා. මේක කලින් ආණ්ඩුවේ එකක් කියලා චන්න ජයසුමන කට ඇරියොත් කියන්නේ මේක කලින් ආණ්ඩුවේ වැරැද්දක් ඒ ආණ්ඩුව තමයි වගකියන්න ඕනි කියලා. හැබැයි අපි පැහැදිලිවම කියනවා රාජ්‍ය ඇමතිවරයෙක් ඒ සම්බන්ධයෙන් පත්කරලා තියෙන්නේ මේ රටේ වෙනම වරදාන වරප්‍රසාදය නඩත්තු කරන්නේ මහජන මුදලින් පහුගිය ඇමති පසුගිය ආණ්ඩුව කියලා ෂේප් වෙන්න හදන්න එපා.

 

ඖෂධ ගෙනල්ලා විතරක් නෙමෙයි විගණකාධිපති වාර්තාවේ තියෙනව පොළොන්නරුව රෝහලට විතරක් ලක්ෂ හයක ඖෂධ යවලා. ඒකෙන් ලක්ෂ 5ක් රෝගීන්ට නිකුත් කරලා. ක්ෂුද්‍රජීවීන් ඉන්න, වීදුරු කෑලි තියන, පෙති කුඩු වෙච්ච, පාට වෙනස් වෙච්ච බෙහෙත් අරගෙන ගිහිං බීපු මිනිස්සුන්ට මොනවා වෙලා ඇත්ද? කවුද ඒවා හොයලා බලන්නේ, බෙහෙත් හින්දම මැරෙන මිනිස්සුත් ඇති. කවුද ඒවාට වග කියන්නේ.

 

පරීක්ෂණ මට්ටමේ තිබෙන PCR කට්ටල වැඩි මිලකට මිලදී අරගෙන !


තාක්ෂණික ඇගයිම් කමිටුවල වංචාසහගත තීරණ නිසා, කොවිඩ් PCR ප්‍රතික්‍රීයක වැඩිමුදලට ගැනීම හේතුවෙන්, මාස් කිහිපයකදී මිලයන 125ක් රජයට අහිමි වෙලා.

කොවිඩ් මුල් අවස්ථාවේ PCR ජාවාරම ගැන අපි දිගින් දිගටම කියපුවාත් විගණාධිපති වාර්තාවේ තහවුරු වෙලා තියනවා. පළවෙනි කාර්තුවේදී පමණක් වංචාසහගත තාක්ෂණික කමිටු තීරණ නිසා PCR ප්‍රතික්‍රීයක මිලදී ගැනීමේදී මිලියන 125 ක පාඩුවක් ‍රජයට සිදු වෙලා තිබෙනවා.

ටෙන්ඩර් වල දී අඩු මිලට වඩා හොද ප්‍රතික්‍රීයක කට්ටල මිලදී ගැනීමේ හැකියාව තිබියදී, තාක්ෂණික ඇගැයීම් කමිටුවල ඉන්න තැරැව්කාර විශේෂඥයින්ගේ ඒකාධිකාරයට යටවීම නිසා, ඔවුන්ගේ බොරු සෞඛ්‍ය ලේකම්වරයා හිස් මුදුනින් අනුමත කරලා තිබෙන නිසා, මෙම පාඩුව වෙලා තිබෙන බව විගණන වාර්තාවේ තහවුරු කර තිබෙනවා.

 

වැඩි මුදලට අරගෙන තිබෙන එම පරීක්ෂණ කට්ටල අඩුම තරමින් මිනිස්සුන්ගේ පරීක්ෂණ සදහා අනුමැතිය පවා නැති (IVD සදහා තහවුරු නොකල), අධ්‍යන පර්‍යේෂණ සදහා පමණක් අනුමත කරපු (Research Use Only) බාල වර්ගයේ ඒවා. වැඩි මුදලට ඒවා ගැනීමට බලපෑම් කරලා තියෙන්නේ තාක්ෂණික ඇගයිම් කමිටු විශේෂඥයින්ගේ තාක්ෂණික නොවන තීරණ වලට සෞඛ්‍ය ලේකම්වරයා යටවීම නිසා. ඒවා තාක්ෂණිකව පැහැදිළි කර ගන්න සෞඛ්‍ය ලේකම් වරයාට දැණුමක් නැති නිසා.

 

පරීක්ෂණ මට්ටමේ තිබෙන PCR කට්ටල තමයි වැඩි මිලකට මිලදී අරගෙන තිබෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික ඇගැයීම් කමිටුව හරහා තාක්ෂණික හොරකමක් සිදු වෙනවා.

ඇගයිම් කමිටු පත් කිරීමේදී PCR පරික්ෂණ සිදු කරන, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිළධාරීන් ඒවාට අනිවාර්‍යෙන් පත් කල යුතුයි. එහෙම නීතියක් පවා තිබෙනවා. මුලු ලෝකයේම තක්ෂණික කමිටුවලට, මිලදී ගන්නා ද්‍රව්‍යයේ අවසන් පාරිභෝගිකයා (End User) සහභාගී කර ගැනීම සම්මතයක්.

සෞඛ්‍ය ලේකම් මේ කිසිවක් සලකන්නේ නෑ. දන්නත් නෑ. එයා විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට අනිත් වෘත්තිකයින් නොසලකා හැරලා ගන්න තීරණ නිසා තමයි මෙවැනි ගැටලු සෞඛ්‍ය අමාත්‍යාංශය තුල වැඩිවෙලා තියෙන්නේ.


''ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනියි''


PCR පරීක්ෂණ කට්ටල මිලදී ගැනීමේ ඒකාධිකාරිය රැක්කේ සෞඛ්‍ය අමාත්‍යාංශය. තාක්ෂණික කමිටු සදහා අදාළ විශේෂඥ වෛද්‍යවරුන් තෝරා ගන්නා ක්‍රමයත්, ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනියි. කමිටු සාමාජිකයින් අහඹු ලෙස තෝරා ගත යුතු වුවත්, බොහෝ කමිටු වල ඉන්නේ එකම කණ්ඩායම. අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරු තමන්ට හිතවත් ආකාරයෙන් තෝරාගැනීම නිසා තමයි මෙවැනි පාඩුවක්‌ වෙලා තිබෙන්නේ.

අපි විශ්වාස කරන්නේ PCR මිලදී ගැනීම විගණකාධිපති වාර්ථාවේ සදහන් මුදලට වඩා දෙතුන් ගුණයකට වැඩියි කියලා. ජනාධිපතිවරයා අපි කියන දේවල් පිළිබඳ විශ්වාස කරලා ක්‍රියාමාර්ග ගත්තේ නෑ. කරුණාකර දැංවත් විගණකාධිපති වාර්තාව කියවලා බලන්න. මේ සියලු දේ සිදු වන්නේ ඖෂධ නියමාකාරයෙන් පාලනය කිරීම සඳහා වෙනම නිෂ්පාදනය කිරීම සඳහා  අමාත්‍යාංශයක් ඇති කර තිබියදී .''


ජනාධිපතිව අන්දවලා !

 

"ලෝකල් පර්චස් පාඩුව" පෙන්නා ජනාධිපතිවරයාගේ කනෙං රිංගා, ඇස්තමේන්තුවවවලට පිටින් 25%ක් වැඩිපුර ඖෂධ මිලදීගෙන. මිලියන 2000ක පමණ ඖෂධ අතිරික්තව නාස්තිවන ලකුණු*

 

ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා පහුගිය දිනවල ප්‍රචාරණයක් ලබා දුන්නා ඔහු හදිස්සි මිලදී ගැනීම් නැවැත්තුවා කියලා. හදිස්සි මිලදී ගැනීමෙන් නැවැත්වීමෙන් ඇතිවූ වාසිය පෙනවමින් ජනාධිපතිවරයාව නොමග යවා, වෛද්‍ය සැපයීම් අංශය විරුද්ධ වෙදීදී, ඇස්තමේන්තුගත ඖෂධ වලට වඩා 25% මිලදී ගන්න ඖෂධ සංස්ථාව බලහත්කාරය යොදවලා. වැඩිපුර ඖෂධ මිලට ගන්නේ වැඩිපුර කොමිස් සදහා. ඒක ලෝකල් පර්චර්ස් වංචාවට වඩා ලොකු එකක්.

මේ විදිඅහට වැඩිපුර ඖෂධ මිලදී ගැනීම නිසා මිලියන 2000ක පමණ ඖෂධ අතිරික්තයක් ඇති වෙලා. තිබෙන  අතිරික්තය පාලනය කරන්න බැරිවෙලා තිබෙනවා. මාස ගණනාවක් තිස්සේ අපි ඊට පිළියම් යොදන්න කියලා සෞඛ්‍ය ලේකම්ට කියනවා. සාකච්ජාවක්වත් නැහැ.

දරුවන් සදහා දෙන ප්‍රතිජීවක ඖෂධ සහ ප්‍රතිජීවක පරීක්ෂණ කට්ටලවල විශාල අතිරික්තයක් ඇති වෙලා තිබෙනවා. සමහර ප්‍රතිජීවක 75-80% ප්‍රමාණ වලින් ඉතුරු වෙලා. ඒවා කල් ඉකුත් වෙලා නාස්ති වෙනවා කියලා දැන දැනම, විකල්ප ක්‍රමයක්වත් ක්‍රියාතමක කරන්න සෞඛ්‍ය ලේකම්ට බැරිවෙලා තියනවා.

 

SPC එක, ඇස්තමේන්තු කළාටත් වඩා වැඩිපුර බලහත්කාරයෙන් ඖෂධ ගෙන්වීමේ යෝජනාව අනුමත කරගෙන තියෙන්නේ ලෝකල් පර්චස් නවත්තන සුදු පිරුවටයෙන් ඔතලා. මේකෙන් හානි වන මුදල කොපමණද කියලා තවම ගණනය කරලා නැහැ. මේක සාධාරණීකරණය කරන්නේ හදිසි මිලදී ගැනීම් කතාව එළියට දාලා.  

 

අපි මාස හයක් තිස්සේ රාජ්‍ය අමාත්‍යාංශයට මේ ගැන කියලා තියෙනවා අද වෙනතුරු ඒ පිළිබඳ කිසිම සැලකිල්ලක් දක්වලා නැහැ.


මේ අතිරික්තය අනූව රෝගීන්ගේ ප්‍රතිජීවක ඖෂධ භාවිතය සහ ඒවා නියම කිරීම වෛද්‍ය නිර්දේශ පිළිබද වැරදිසහගත තත්වයන් පිළිබදවත් සොයා බලන්න වෙනවා. ඖෂධ නියම කිරීම හා ඖෂධ ලබාදීම පිළිබඳව සලකා බැලිය යුතුයි.

2020 වර්ෂයේ දී ඖෂධ මිලදී ගැනීම් හා ප්‍රසම්පාදන කටයුතු වල දී විශාල වශයෙන් වංචා සිදු වෙලා තිබෙනවා කියලා අපි කියනවා. මේ රටේ ඖෂධ සම්බන්ධයෙන් පාලනයක් තිබෙනවා නම් මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් කරන්නැයි අපි ඉල්ලා සිටිනවා. ඉතා අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු ඉන්න රටක්, සල්ලි නැතුව දුක් විඳින මිනිස්සු ඉන්න රටක්, එහෙම කාලයක් ගෙවමින් අප සිටින්නේ. එහි දී ගසාකන්න ඉඩ තැබිය නොහැකියි, කියන කාරණාව අපි මතක් කළ යුතුයි .'' යයි වෘත්තීය සමිති නායක රවී කුමුදේශ වැඩි දුරටත් පැවසිය.

 



THE LEADER TV 



රාජපක්ෂ දේශපාලන ඉරණම කියන කසකාරයා

 

 
සංඝක්කාරලා පිටියට කැඳවයි ! | මොණරවිලගේ ලියමන
 
 
පුතාගේ ඉල්ලීම ගැන හිතලා බලන්න ඔනේ ! | මොණරවිලගේ ලියමන |
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්