රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාගේ පැමිණිල්ලට අදාළ පරීක්ෂණ අවසන් වන තෙක් කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක පියනම අත් අඩංගුවට නොගන්නා බවට නීතිපති සහතික වී තිබේ.


''අදාල පරික්ෂණ අවසන් වනතුරු සිරිල් ගාමිණි  පියතුමන්ව අත්අඩංගුවට නොගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා ලිඛිතව නීතිපති සංජය රාජරත්නම් වෙත දන්වා ඇතැයි,'' නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය අද (8) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ පියතුමා විසින් ගොනුකළ මුලික අයිතිවාසිකම් පෙත්සම අද [8] කැඳවූ අවස්ථාවේ දීය.

පෙත්සම් විභායට සමගාමිව අධිකරණ සංකීරණය සමීපයේ, කතෝලික සභාව නිහඬ විරෝධතා ව්‍යාපාරයක් දියත් කරනු ලැබුවේ රහස් පොලිසිය විසින්  සිරිල් ගාමිණි පියතුමා අත්අඩංගුවට නොගන්නා ලෙස බලකරමිනි.

රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුරේෂ් සලේ ගැන තමා සිදු කළ ප්‍රකාශයක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමා අත්අංඩගුවට ගැනීමේ අවදානමක් පවතින බැවින්, එය වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මීගමුව කුරණ ශාන්ත ආනා කතෝලික දේවස්ථානය බාර මීසම් පාලක සහ පාස්කු ප්‍රහරයේ සත්‍ය සෙවීම පිළිබද අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුවේ සාමාජික ආචාර්ය සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි විශේෂ ඒකකයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත දිසානායක, එහි අධ්‍යක්ෂ රොහාන් ප්‍රේමරත්න, නියෝජ්‍ය පොලිස්පති  ඩබ්ලිව්. තිලකරත්න, පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, රාජ්‍ය  බුද්ධි සේවයේ අධ්‍යක්ෂක මේජර් ජනරාල් සුරේෂ් සලේ සහ නීතිපති සංජය රාජරත්නම් ඇතුළු පිරිසකි.

මුලික අයිතිවාසිකම් පෙත්සම මගින් කියා සිටින්නේ ''පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධියෙන් විපතට පත් වූවන් සම්බන්ධයෙන් සූම් අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදී ලාංකිකයෙකු අසන ලද ප්‍රශ්නයකට තමා දුන් ප්‍රකාශය හේතුවෙන් ජාතික සමගියට හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බව කියමින්'' හා එමගින් ''රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක මේජර් ජනරාල් සුරේෂ් සලේට අපහාසයක්'' සිදු වී ඇති බව සදහන් කරමින් තමාට එරෙහිව පැමිණිල්ලක් සිදු කර ඇති බවයි.

''පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් සිදු කරන ලෙස පොලිස්පතිවරයා දැනුම් දී ඇති බැවින්,එහි  ගියවිට  අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතිනවා,'' යැයි පෙත්සම්කාර පියතුමා සඳහන් කරයි.

මෙම තත්වය තුළ පෙත්සම්කරු ඉල්ලා සිටින්නේ තමාගේ මූලීක අයිතිවාසිකම් කඩ වී ඇති බැවින් පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු තමා අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත්, තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප්‍රකාශ කරන ලෙසත්, අධිකරණයට සුදුසු වන්දි මුදලක් ප්‍රකාශයට පත් කරන ලෙසත්ය.

පරීක්ෂණ සඳහා ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය නම් එය කල් වේලා ඇතිව පෙත්සම්කාර පියතුමන්ට දන්වන ලෙස විජිත් මළල්ගොඩ, ප්‍රීති පද්මන් සූරසේන සහ එල්.ටී.බී . දෙහිදෙණියගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නීතිපතිවරයාට නියම කළේය.

මෙම පෙත්සම් විභාගය  2022 අප්‍රේල් 20 වැනිදා යළි කැදවීමට නියමිතය.



සබැඳි පුවත් :


මේජර් ජෙනරාල් සලේ සහ සිරිල් ගාමිණී පියතුමා CID යද්දී 63ක් නැවත රිමාන්ඩ්

රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ගෙන් CIDයට පැමිණිල්ලක්  




THE LEADER TV 

 
සංඝක්කාරලා පිටියට කැඳවයි ! | මොණරවිලගේ ලියමන
 
 
පුතාගේ ඉල්ලීම ගැන හිතලා බලන්න ඔනේ ! | මොණරවිලගේ ලියමන |
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්