එන්නත් දෙකම නොගත් අය පොදු ස්ථානවලට ඇතුළුවීම වැළැක්වීමේ නීතියක් ගෙන ආ හැකි බවට නීතිපතිවරයාගේ අනුමැතිය ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (නොවැම්බර් 08) පාර්ලිමේන්තුවේදී

පැවසුවේය.

එය ක්‍රියාත්මක කිරිමේදී ඇතැමුන් අධිකරණයට යා හැකි වුව ද එය ක්‍රියාත්මක කිරීමට උත්සහ කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.


කැනඩාවේ එන්නත් සහතිකය අනිවාර්යයි



කැනඩාවේ පොදු ස්ථාන කරා ඇතුළු වීමේදී පූර්ණ එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කර ඇතැයි කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් (David Mckinnon) පවසයි.

මෙම අනිවාර්ය කිරීම හරහා ව්‍යසනයෙන් තමන් ආරක්ෂා වන අතරම අනෙක් පුද්ගලයන්ටද එය පැතිරීම වළක්වා ගැනීමට යහපත් පියවරක් වී ඇතැයි මහ කොමසාරිස්වරයා කියා සිටියේය.

කැනේඩියානු මහ කොමසාරිස්වරයා එබව කියා සිටියේ, නොවැම්බර් 4 දා සවස සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල හමුවූ අවස්ථාවේදීය.

මෙම හමුව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මියද එක්ව සිටියාය.

මෙම හමුවේදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ද පැවසුයේ, කොවිඩ් වසංගතය තුළ රෝගයෙන් ආරක්ෂා වීම තමන් සතු වගකීමක් වන අතරම එය තවත් පුද්ගලයෙකු කරා පැතිරවීම වළක්වාලීමේ වගකීමද ඔහු සතු වන බවයි. එවැනි පසුබිමක් තුළ පොදු ස්ථානයන්හිදී එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම ඉතා යහපත් තත්ත්වයක් බවත් ඇමතිවරයා කියා සිටියේය.

 මේ වන විට යුරෝපානු රටවල් ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙල ඉතා යහපත් තත්ත්වයක පවතින බවත් ශ්‍රී ලංකාවේ ද එය ක්‍රියාත්මක කිරීම පිළිබඳව දැඩි අධ්‍යයනයක යෙදෙන බවත් රඹුක්වැල්ල අමාත්‍යවරයා කීය. 

canada 4 

සබැඳි පුවත් :
කැනඩාවෙන් ආදර්ශයක් : එන්නත් සහතිකය අනිවාර්යයි



THE LEADER TV


ගෝඨාභය පවුලෙන් ගුටි කෑමට නියමිතයි !
 

 

සංඝක්කාරලා පිටියට කැඳවයි ! | මොණරවිලගේ ලියමන

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්