ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාබනික පොහොර ප්‍රතිපත්තිය නිසා පීඩාවට පත්ව සිටින ගොවීන්ගේ විරෝධතා දිනෙන් දින වැඩි වෙමින් පවතී.
දෙමළ ගොවීන් රැසකගේ සහභාගිත්වයෙන් නොවැම්බර් 08 වැනි සදුදා මඩකලපුව නගරයේදීත් පැවැති විරෝධතාවකදී ට්‍රැක්ටර් වල නැග මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දක්වා පැමිණි ගොවීන් දිස්ත්‍රික් ලේකම්වරයාට බල කර ඇත්තේ සිය වගාවන් සදහා රසායනික පොහොර කඩිනමින් ලබා දීමට කටයුතු කරන ලෙසයි.
පොහොර ගැටළුවට කඩිනමින් විසදුමක් ලබා දීමට බලධාරීන් ක්‍රියා නොකළ හොත් ඉදිරියේදී දැවැන්ත උද්ඝෝෂණයක් දියත් කරන බවටත් ඔවුන් අනතුරු අඟවා තිබේ.
සිය ඉල්ලීම් ඇතුලත් ලිපියක් දිස්ත්‍රික් ලේකම් වෙත භාරදීමටත් ගොවින් කටයුතු කළ බව පළාත් බද මාධ්‍යවේදීන් වැඩි දුරටත් සදහන් කරයි.
රාජපක්ෂ ආණ්ඩුවේ කෘෂි රසායනික ආනයන තහනම නිසා මහ කන්නයේ වගා කටයුතු අඩාල වී පීඩාවට පත් ව සිටින ගොවීහු මේ වන විට දිවයින පුරා විරෝධතා දියත් කරමින් සිටිති.
ජනාධිපතිවරයා පවසන්නේ කාබනික පොහොර භාවිතය හමුදාවේ ක්‍රමයට ගොවීන්ට කීමේ අවශ්‍යතාවයක් තමන්ට නොමැති බවයි.
" මට පුළුවන්. හැබැයි ඒ කියන්නේ ගොවියට කාබනික පොහොර භාවිතා කරන්න කියලා කිව්වහම, මට පුළුවන් බෙල්ලෙන් අල්ලලා හමුදාවේ විදියට කියන්න. මට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ." යි උත්සව සභාවක් අමතමින් ජනාධිපතිවරයා පසුගියදා පවසා තිබුනි.
අකාබනික පොහොර ගෙන්වීම අත් හිටුවා චීනයෙන් ගෙන්වන ලද කාබනික පොහොර යයි ගෙන්වන ලද තොගයක අහිතකර බැක්ටීරියා ඇතැයි බව ශාක නිරෝධායන සේවය විසින් තහවුරු කිරීමෙන් අනතුරුව ආණ්ඩුව ජාත්‍යන්තර අර්බුදයකද පැටලී සිටී.
THE LEADER TV
යක්කුන්ට බය නං සොහොනේ ගෙවල් හදන් නෑ? | මොණරවිලගේ ලියමන