උතුරේ පිහිටි නාවික හමුදා කඳවුරු පුළුල් කිරීම සඳහා පෞද්ගලික ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කරගැනීමට දැරූ උත්සාහයන් විරෝධතා මගින් පසු

බැස්සවීමට ප්‍රදේශවාසී දෙමළ ජනයා  සමත්ව තිබේ.

වේලනෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දකුණු තිවගම් ප්‍රදේශයේ ස්ථාන තුනක ඉඩම් නාවික හමුදාව අත්පත් කර ගැනීමට දැරූ උත්සහාය ඉඩම් හිමියන් ඇතුළු ප්‍රදේශවාසීන්ගේ සහ දේශපාලන නායකයන්ගේ මැදිහත් වීම නිසා ව්‍යවර්ථ වු බවයි පළාත්බද වාර්තාකරුවන් පවසන්නේ.

ඉඩම් මැනීමට පැමිණි රජයේ මිනින්දෝරුවෝ ද සිය රාජකාරි හැර දමා ආපසු ගොස් තිබේ.  

මණ්ඩතිව්, අල්ලෙයිපිටි පිහිටි ඉඩම් පරප්පු හතක් හෙවත් පර්චස් 70ක්, මන්කුම්බාන් ප්‍රදේශයේ ඉඩම් පරප්පු හතරක් සහ පුන්ගුඩුතිව්, වලලන් ප්‍රදේශයේ අක්කරයකට ආසන්න භුමියක් නාවික හමුදාවට පවරා ගැනීමට නොවැම්බර් 8 වැනි සඳුදා උදෑසන උත්සාහ දරා තිබුනි.

ජනතාව සමග එම ස්ථාන වෙත පැමිණි දෙමළ  ජාතික ජනතා පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන්, දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ඇතුළු පළාත් පාලන ආයතන වල සභිකයන් මෙම ඉඩම් අත්පත් කර ගැනීමේ වැයමට විරෝධය දක්වා තිබුනි.

කන්කසන්තුරේ කීරිමලේ පෞරාණික නගුලේශ්වරම් කෝවිල අසල ඉඩමක් බලහත් කාරයෙන් අත්පත් කර ගැනීමට උත්සාහ කළ නාවික හමුදාව ඉකුත් සතියේදීත් පසු බැස ගියේ මහජන විරෝධය මැදය.

IMG 20211108 WA0011VideoCapture 20211108 104536VideoCapture 20211108 120435

 

 


 

THE LEADER TV


යක්කුන්ට බය නං සොහොනේ ගෙවල් හදන් නෑ? | මොණරවිලගේ ලියමන
 

 
 
ගෝඨාභය පවුලෙන් ගුටි කෑමට නියමිතයි !
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්