'යුදවිරුවන්' සැමරීමට උදෙසා අනුරාධපුරයේ අභිනවයෙන් ඉඳිවන සඳහිරුසෑය ස්ථූපය, අගමැති මහින්ද රාජපක්ෂගේ උපන් දිනය යෙදී ඇති නොවැම්බර් 18

දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මහා සංඝරත්නය වෙත පුජා කිරීමට නියමිතය.

අනතුරුව මහ ජනතාවට වැඳුම් පිදුම් කිරීම සඳහා අවස්ථාව උදාවේ.

චෛත්‍යය, දාගැබ, ස්තූපය හා සෑය ලෙස හැඳින්වෙන ඉදිකිරීම් මහින්දාගමනයේ සිට බොදු ජනතාව බුදුන් වහන්සේ දැකීමක් ලෙස හා ශාරීරික ධාතු වන්දනාවක් ලෙස සලකති.

සඳහිරුසෑය ඉදිකිරීම පිළිබඳව කරුණු දක්වන පුරාවිද්‍යා චක්‍රවර්ති මහාචාර්ය එල්ලාවල මේධානන්ද හිමියන් පවසන්නේ 21 වැනි සියවසේ ලෝකයේ ඉදිකෙරුණු විශාලතම හා සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කෙරෙන එකම දාගැබ මේ සඳහිරු සෑය වනු ඇති බවයි. 

 

‘සඳහි‍රුසෑය’ යන්නෙහි තේරුම ‘සඳමෙන් සෞම්‍ය හා හිරු මෙන් තේජස් බවින් යුක්ත රජුන්‘ යන්න බවත් පුරාවිද්‍යා චක්‍රවර්ති මහාචාර්ය එල්ලාවල මේධානන්ද හිමියන් පවසති.

 

මේ වනවිට වේගයෙන් අවසන් වෙමින් පවතින 'සඳහිරුසෑය ස්ථූපයේ' ඉඳිකිරීම් කටයුතු නිරීක්‍ෂණ සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න නොවැම්බර් 07 දා එම පරිශ්‍රයට ගොස් විශේෂ ප්‍රවෘත්ති සාකච්ජාවක් ද පැවැත්වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

sandahiru saya

වසර 40 ක් අන්‍ය ආගමික පාලනයක සතුව තිබූ ශ්‍රී ලංකාව එක් සේසත් කර මුදවා ගැනීමේ විජයග්‍රහණයේ සංකේතයක් ලෙස දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑය ඉදිකරවූ බව ඇතැම් ඉතිහාසඥයින්ගේ මතයයි. ථූප වංශයේ සඳහන් අයුරින් විශාල ස්තූප අපේ රට පු‍රා ඉදිවී ඇත්තේ මේ අයුරින් යුධ ජයග්‍රහණ ලැබූ අවස්ථාවලදීය. එය එදත් අදත් අපේ ලොකුම මහා ස්තූපයයි.

1980 සිට උතුරේ පැවති සිවිල් යුද්ධය වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ හා වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ ගේ මෙහෙයවීම මත 2009 මැයි 19 වැනිදා යුධමය වශයෙන් පරාජය කිරීමට රජයේ ආරක්ෂක හමුදාවලට හැකි විය.

අතීතය අනුව යමින් 2009 යේ ලද යුද ජය සැමරීමත්, එම යුද්ධයේදි දිවි පිදූ 'යුධ විරුවන්' හට පින් අනුමෝදන් කිරීමත් අරමුණු කරගනිමින් 2009 දී ජනපති ලෙස සිටි මහින්ද රාජපක්ෂ ගේ මග පෙන්වීම අනුව වත්මන් ජනපති එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගේ පූර්ණ මෙහෙයවීම් හා අධීක්ෂණය ඇතිව මෙරට විශාලත්වයෙන් හතරවැනි චෛත්‍යය ලෙස අනුරාධපුරයේ මහ මෙවුනා උයනේ ‘සඳහිරු සෑය’ මහා චෛත්‍යය ඉදිකිරීම අරැඹිණි.

252289059 432098801809994 6637595796109542454 n

'සඳහිරුසෑය' පිළිබඳව අදහස් දක්වමින් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල ගුණරත්න වරෙක මෙසේ සඳහන් කර තිබිණ.


''තිස්වසරක් පුරා පැවති අපේ මව්බිම වසා ගත් කුරිරු යුද්ධය 2009 මැයි මාසේ 19 වැනිදා සම්පූර්ණයෙන්ම තුරන් කළා. මේ යෝධ ක්‍රියාවලියේ දී ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සෙසු නිලයින් 29000කට අධික සංඛ්‍යාවක් මිය ගියා. හැට දහසකට අධික තුවාල ලැබුවා. ඉන් දාහතර දහසකට අධික සංඛ්‍යාවක් අදටත් බරපතල ලෙස තුවාල ලැබීම නිසා ජීවිත කාලය පුරාවටම ඇඳනවලට රෝද පුටුවලට සීමා වෙලා ඉන්නවා. ඉතින් යුද්ධය අවසන් වුනාට පස්සේ මියගිය සහ තුවාල ලැබූ සියලුම නිලධාරීන් සහ සෙබළුන් සහ යුද්ධයේ දී දරදියඇද්ද සියලුම දෙනාට කෘතගුණ සැලකීම පිණිස එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් එකතු වෙලා යෝජනා කරපු සංකල්පයක් විදිහට තමයි මේ සඳහිරුසෑය ඉදිකරන්නපටන් ගන්නේ. ''


පළාත් නමය පුරා ඉදිවන මහා වෛත්‍ය නමයක් !


වසර 2150 කට පෙර ක්‍රිස්තුපූර්ව 161ත් 137ත් අතර ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වය දැරූ දුටුගැමුණු රජතුමා වසර තුනහමාරක කාලයක් යුද්ධ කර ත්‍රී සිංහලය එක්සේසත් කර ගැනීමෙන් පසුව මිරිසවැටිය ස්ථූපය නිර්මාණය කරනු ලැබු බව ඇතැම් ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වේ. ඒ ලෙයින් රුධිරයෙන්, දහඩියෙන්, කඳුළෙන් තෙත්  වූ මහපොලවේ අධ්‍යාත්මික සශ්‍රීකත්වය වගාකිරීම පිණිසයි. එසේම වලගම්බා රජු යුද්ධය අවසන් වූ පසු අභයගිරිය චෛත්‍යය ඉදිකරනු ලැබීමය‍. මහසෙන් රජු ජේතවනාරාමය ඉදිකරනු ලැබුවේ ද යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පසුවය.

ඒ අනුව මෙරටේ යුද්ධයක් අවසන් වූ පසු අනිවාර්යෙන්ම අධ්‍යාත්මික පුදබිමක් ඉදිකළ බවට ඕනෑ තරම් සාක්ෂි වංශකතා සාහිත්‍යයේ දක්නට තිබේ.

 

ආණ්ඩුවේ මාධ්‍ය වාර්තා කර ඇති පරිදි, මෑත ඉතිහාසයේ ලැබූ විශාලතම ජයග්‍රහණයක් වන උතුරේ යුද ජයග්‍රහණයේ වීරයන් සිහිකිරීම පිණිස ඉදිවන පුණ්‍ය භූමිය සඳහිරු සෑයයි.

 

මෙසේ යුධ විරුවන් සැමරීම් පිණිස පළාත් නමය පුරා ඉදිවන මහා වෛත්‍ය නමයේ ප්‍රථම චෛත්‍ය ලෙස සඳහිරු සෑය ඉදිකිරීම 2010 වසරේ නොවැම්බර් මස 11 වැනි දිනට යෙදුණු සුබ මොහොතින් අටමස්ථාන විහාරාධිපති ස්වාමීන් වහන්සේලාගේ පිරිත් සජ්ඤායනා මධ්‍යයේ ආරම්භ කෙරුණු අතර නොවැම්බර් 22 දින ස්ථූප පාදමෙහි මුල්ගල තැබීම සහ නිධන් වස්තු තැන්පත්කිරීම එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ හා වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

රත්රන් වලින් නිම කළ බුදු පිළිමයක්, රත්රන් වලින් සැකසූ බෝධින් වහන්සේ නමක්, රන් පත් ඉරුවල ලියන ලද ත්‍රිපිටකය ද මෙහි තැන්පත් කෙරිණි. ඊට අමතරව බාහිර අය ලබාදුන් රිදී, මුතු, මැණික් ද මෙහි තැන්පත් කෙරිණි.

 

අනුරාධපුරය ශ්‍රී මහා බෝධිය අසල පිහිටි දුටුගැමුණු රජ හා එළාර රජ මුහුණට මුහුණලා සටන් කර දුටුගැමුණු රජ ජයගත් ස්ථානය ලෙස සැලකෙන භූමියේ සඳහිරු සෑය ඉඳිකිරීම ද විශේෂත්වයකි.

 

රුවන්වැලිසෑය එදත් අදත් අපේ රටේ ලොකුම හා උසම ස්තූපයයි. එහි උස අඩි 299 කි. බුදු රජාණන් වහන්සේගේ වැඩිම සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රමාණයක් තැන්පත් කර ඇතැයි සැලකෙන ස්තූපය ලෙස එදත් අදත් මෙරට බෞද්ධ ජනතාව එයට ගෞරවය පුද පූජා පවත්වති. එයට ගරු කිරීමක් ලෙස සඳහිරු සෑය එයට අඩි 18 ක් අඩුවෙන් එනම් අඩි 281 ක් උසින් යුක්තව ඉදිකර තිබේ.

අඩි 281 ක් උසට ඉදිවන මෙහි පළල අඩි 255 කි. වට ප්‍රමාණය අඩි 801කි. සඳගිරිසෑය ඉදිවන සම්පූර්ණ භූමිය අක්කර 13 කි. වැලි මළුව අක්කර 6 ක් රූඩ් එකක් හා පර්චස් 30 ක් අයත්වේ. සලපතල මළුව අක්කර 4 ක් හා රූඩ් 2 ක් ආවරණය කරයි. වෛත්‍යයට පමණක් අයිතිවන මුළු භූමි ප්‍රමාණය අක්කරයක් හා පර්චස් 20 ක් වෙයි.

මේ පිළිබඳව කරුණු දක්වන පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකයන් පවසන්නේ මෙම ඉදිකිරීම අවුරුදු දහසකට වඩා වැඩි කාලයකට පසු ලෝකයේ රටවල් ඇතුළත සිදු කෙරෙන ඓතිහාසික ඉදිකිරීමක් බවයි. ශ්‍රී ලාංකික ඉතිහාසයේ ථූප වංශයට අනුව මෙතරම් විශාල චෛත්‍යයක් පාදමේ (අච්චුවාරමේ) සිට සම්පූර්ණයෙන් ඉදිකිරීම් කිරීමේ කර්මාන්තයක් අනුරාධපුර - පොලොන්නරු යුගයෙන් පසු සිදු කෙරී නැත.

රුවන්වැලි සෑය, අභයගිරිය, ජේතවනාරාමය, මිරිසවැටිය ආදී මහා චෛත්‍යය ඉදිකර ඇත්තේ දුටුගැමුණු සමයේදීය. ඊට පසු පොලොන්නරුවේ රන්කොත් වෙහෙර හා කිරිවෙහෙර ඉදිවී ඇත.

ඊට පසු රටපුරා විවිධ ප්‍රමාණයේ චෛත්‍ය ඉදිවුවත් සඳහිරු සෑය තරම් විශාලත්වයෙන් යුත් සර්වඥ ධාතූන් නිධන් කරන පාදමේ සිට ඉදිකරන චෛත්‍යයක් වසර 1600 කින් මෙපිට මෙරට ඉදිවී නැති බව පුරාවිද්‍යාඥයෝ පවසති.

මෙම සඳහිරු සෑයේ තවත් විශේෂත්වයක් වනුයේ අනුරපුර විශාලතම ශෛලමය කලාගාරයක් ද මෙම ‍දාගැබ පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිත බැවිනි.

 

සෑයේ සලපතල මළුව හා වැලි මළුව අතර, ප්‍රාකාරයේ සතර දෙසට අඩි 400 බැගින් වූ ප්‍රදේශයේ ගලින් නෙළන ලද බෞද්ධ කැටයම්, දස පාරමිතා බුදු දහමේ විකාශය, ශාසන ඉතිහාසය මෙන් ම යුද්ධය අවසන් කිරීම දක්වා විවිධ අවස්ථා නිර්මාණය කිරීමට කටයුතු යොදා ඇත.

 

මෙහි තවත් සුවිශේෂීත්වයක් තිබේ. ඒ අපේ පුරාණ චෛත්‍යයේ තිබෙන ඇත්පවුර මෙහි දක්නට නොලැබීමයි. ඇත් පවුර වෙනුවෙට සඳහිරුසෑයේ දක්නට ලැබෙන්නේ කලුගලින් කළ කැටයම්ය. එවන් කැටයම් සහිත කලුගල් පුවරු 200ක් සඳහිරුසෑය වටා ඉදිකෙරෙන අතර එහි බුද්ධ චරිතය, ශ්‍රී ලංකා ඉතිහාසය, ඇතුළු කැටයම් රාශියකින් ඔපවත් කෙරෙයි.


අපලයට බියවූ යහපාලන නායකයින් !

 

රාජපක්ෂවරුන්ගේ මුල් සැලැස්ම අනුව මෙම චෛත්‍යයේ වැඩ කටයුතු 2016 දී අවසන් කිරීමට අපේක්ෂා කළත් 2015 පත්වූ යහපාලන රජය මේ චෛත්‍යයේ ඉදිකිරීම් පිළිබඳව උනන්දුවක් නොදැක්වීය. ඊට ප්‍රධාන ම හේතුව ලෙස ලෙස ප්‍රකාශ වුයේ මෙම 'සඳහිරුසෑය' ඉඳිකරන හා විවෘත කරන රාජ්‍ය නායකත්වයට ජීවිතය පවා අහිමිවීමේ බරපතල අපල උපද්‍රව වලට මුහුණදීමට සිදුවිය හැකි බවට ඇතැම් ප්‍රකට ජෝතිශ්‍යවේදීන් සිදුකර තිබු අනතුරු ඇඟවීමයි.

 

ජෝතිශ්‍යවේදීන් ඊට හේතු ලෙස දක්වා තිබුනේ, බුදු රජාණන්වහන්සේ ගේ ධාතු තැම්පත් කළ  අනුරාධපුර මහමෙවුනා අටමස්ථානයේ තවත් ස්ථුපයක් ඉඳිකිරීම කිසිඳු ලෙසකින් නොකළ යුතු මුළු රටටම බරපතල අපල උපද්‍රව වලට ලක්විය හැකි කාරණයක් බවයි. එවැනි ඉඳිකිරීම් සඳහා උත්සහකල රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකුම මෑත ඉතිහාසය තුලද හිටිහැටියේ ජිවිතක්ෂයට පත්ව බව එම ජෝතිශ්‍යවේදීන් විසින් පෙන්වා දී තිබිණ.

සඳහිරුසෑය' ඉඳිකිරීම සඳහා මුල්ගල් තැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට 2015 දී අන්ත පරාජයක් හිමිවුන්යේ මේ අපලයේම කොටසක් ලෙස බව එකල ප්‍රකාශ විය.

කෙසේවුවද මෙම 'සඳහිරුසෑය' විවෘත කිරීම අගමැති මහින්ද රාජපක්ෂ වෙතින් නොවැම්බර් 18 දා සිදුවීමට නියමිතය.



කියවන්න


දුටු ගැමුණු රජුට අපලයක් වූ නාග ශාපය - සුජිත් අක්කරවත්ත


 

THE LEADER TV


යක්කුන්ට බය නං සොහොනේ ගෙවල් හදන් නෑ? | මොණරවිලගේ ලියමන
 

 
 
ගෝඨාභය පවුලෙන් ගුටි කෑමට නියමිතයි !
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්