theleaderlk 01

ඉන්ධන මිල ඉහළ දමන්නේ ද? නැද්ද ? යන්න පිළිබඳ මුදල් අමාත්‍යවරයා විසින් ගනු ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.



අද (09) පෙරවරුවේ බලශක්ති අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

''පහුගිය කාලයේ භූමිතෙල් සඳහා තිබෙන ඉල්ලුම දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. ඒකට පළමු හේතුව තමයි ඩීසල් ලීටරයක් අපි රු 111කට විකුණන කොට භූමිතෙල් ලීටරයක් විකුණන්නේ රු 77කට. මේ නිසා කර්මාන්ත ශාලාවල යන්ත්‍ර සූත්‍ර බෝට්ටු පමණක් නෙමෙයි බස්රථ පවා මේ දවස්වල භූමිතෙල්වලින් දුවන්න පටන් අරන් තියෙනවා. ගෑස් සහ භූමිතෙල් අතර පවතින දැවැන්ත මිල පරතරය නිසා ගෑස් උඳුන්වලින් ආහාර පිසීම වෙනුවට භූමිතෙල් උඳුන් ඒ සඳහා භාවිත කරන්න ජනතාව පෙළඹිලා. අපි මේ දිනවල ගොවි ප්‍රජාව හා ධීවර ප්‍රජාව නොමැති ප්‍රදේශවල භූමිතෙල් නිකුත් කිරීම පාලනයක් සහිතවයි කරන්නේ.''

මාධ්‍යවේදියකු තෙල් මිල සම්බන්ධයෙනුත් කල ප්‍රශ්න කිරීමක් හමුවේ ප්‍රතිචාර දැක්වූ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

"ජනතාව දැවැන්ත පීඩාවකින් සිටින නිසා, ගහෙන් වැටුණ මිනිහා ට ගොනා ඇනීම සිදුනොවිය යුතුයි කියලා හිතලා තමයි දැවැන්ත පාඩුවක් දරමින් ඉන්ධන මිල වැඩිකිරීමක් සිදුනොකළේ. නමුත් මේ අයවැය මාසයේ ඉන්ධන මිල තීරණය කිරීම මුදල් අමාත්‍යතුමා ට භාරයි."



පවතින තත්ත්වය හමුවේ ඩීසල් ලීටරයකින් රුපියල් 31 ක සහ පෙට්ට්‍රල් ලීටරයකින් රුපියල් 15 ක පාඩුවක් සිදුවන බැවින් ඉන්ධන මිල වැඩි කළයුතු බවටත්, එසේ නොමැති නම් එම පාඩුව පියවා ගැනීම සදහා සහනාධාරයක් ලබාදෙන ලෙසටත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මිට සති කිහිපයකට පෙරදී අමාත්‍ය මණ්ඩලය හමුවේ කළ යෝජනාවක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ප්‍රතික්ෂේප කර තිබිණ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දන මිල වැඩිකිරීමට කැබිනට්ටුවේ දී එකඟ නොවුවද, වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ, ඉන්දන මිල වැඩි කිරීමට අනිවාර්යයෙන් ම සිදුවන බවයි.

මෙරට නිෂ්පාදනය කල නොහැකි ඉන්ධන ගෑස් ආදී භාණ්ඩවල මිල ලෝක වෙළෙඳ පොළේ මිල මත තීරණය වීම අනිවාර්ය බවත් ඒවා මෙරටට පාලනය කළ නොහැකි බවත් ඔහු සඳහන් කරයි.

මිට ඉහතදී ආණ්ඩුවේ ජිවන වියදම් කමිටුව විසින් ඉන්ධන මිල ඉහළ නැංවීමට රජය තීරණය කල අතර ඒ අනුව ඉන්ධන මිල ඉහළ දැමීම ප්‍රකාශයට පත්  කළේය. ඒ සම්බන්ධයෙන් විරෝධය පලකරමින් නිවේදනයක් නිකුත්කල  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම්, ඉන්දන මිල ඉහල දැමීමේ වගකීම භාරගෙන විෂය භාර අමාත්‍ය  ගම්මන්පිලට ඉල්ලා අස්විය යුතු බවට දැනුම් දී තිබිණ.

එය අනුමත කරමින්, බලශක්ති ඇමති උදය ගම්මන්පිලට එරෙහිව 'සමගි ජන බලවේගය පක්ෂය' විසින් විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ අතර එය පරාජයට පත්විය. 

 

THE LEADER TV
 

කොටියෙකු කියපු සුභාෂ්කරන්ට දේශප්‍රේමී සත්කාරයක් !



යක්කුන්ට බය නං සොහොනේ ගෙවල් හදන් නෑ? | මොණරවිලගේ ලියමන