ඉහල යන ජීවන වියදම හමුවේ ජනතා අප්‍රසාදයට පත්ව ඇති රාජපක්‍ෂ ආණ්ඩුව උතුරේ සිංහල බෞද්ධ උරුමය සොයමින් ජාතිවාදය ඇවිලීමේ වෑයමක නිරත බවට චෝදනා එල්ලවී තිබේ.



පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් ද රැගෙන යාපනය කරෙයිනගර් වෙහෙරපිට්ටි ප්‍රදේශයට පසුගිය දිනෙක පැමිණි ජාතික උරුමය, ප්‍රාසාංගික කලා සහ ග්‍රාමීය කලාශිල්ප ප්‍රවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක නටබුන් සහිත භූමියක නිරීක්ෂණය කර තිබුණි.

ආණ්ඩුවේ උත්සාහය සිංහලයන්ගේ විරෝධය සමනය කරගැනීමේ වෑයමක් ලෙසින් පළාතේ දේශපාලකයන්ගේ හෙලා දැකීමට ලක්වී තිබේ.

''ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුව අත්‍යාවශය භාණ්ඩ ඇතුළු සියළුම දේවල් වල මිල දෙතුන් ගුණයකින් වැඩි කරලා ජනතාවට ජිවත් වෙන්න බැරි තත්වයක් තියෙන්නේ, මේකට සිංහල ජනතාවගෙන් එන විරෝධය සමනය කරගන්න, සිංහල ජනතාව නොමග යවන්න, දෙමළ ප්‍රදේශවල සිංහල බෞද්ධ පුරාවස්තු තියෙනවා කියලා ඉඩම් අත්පත් කර ගන්න හදනවා,'' යැයි උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී බාලචන්ද්‍රන් ගජදීපන් පවසයි.

වෙහෙරපිට්ටි ග්‍රාමයේ ගනේශා විදුහල අසල පිහිටා ඇති භූමියේ මේ වන විටත් විනාශ වෙමින් පවතින නටබුන් රැසක් විසිරී පවතින බවත්,  විදුහල් ගොඩනැගිල්ලට දකුණු පසින් වූ භූමියේ මීටර් 15 ක පමණ විෂ්කම්භයෙන් යුක්ත මීටර් 2ක් පමණ ගැඹුරට හාරා ඇති ස්ථානයක කණුපාදම් ගල් 06 කට අයත් කොටස් විසිරී පවතින බවත්, භූමිය පුරාම පැරණි උළු කොටස්, පාසල් ගොඩනැගිල්ලට නැගෙනහිරින් වූ කොටසේ 'පැරණි දාගැබක් යැයි අනුමාන කළ හැකි නටබුන්' ගොඩනැගිල්ලක්ද, එහි ඇති මීටර් 5 ක විශ්කම්භයෙන් යුත් මධ්‍යයේ සිදුරක් සහිත ගල් වෘත්තය 'කොත් කැරැල්ලට අයත් වූ කුඩා ඡත්‍රයක්' විය හැකි යැයි පුරාවිද්‍යා දෙපාර්තුමේන්තු නිලධාරියෝ පවසති.

fgdfgrrrr

මෙම ස්ථානය පිළිබඳව ගවේෂණ කටයුතු කඩිනම් කර එහි ඓතිහාසික වැදගත්කම පිළිබඳව සෙවීමට සංරක්ෂණ කටයුතු සිදු කරන ලෙස පුරා විද්‍යා නිලධාරීන්ට උපදෙස් දී ඇති රාජ්‍ය අමාත්‍ය වික්‍රමනායක කියා සිටින්නේ  ''පුරාවිද්‍යා භූමිය තුළ පදිංචිව සිටින ජනතාව වෙත ද අසාධාරණයක් නොවන අයුරින් කටයුතු කරන,'' ලෙසයි.

 රාජපක්‍ෂ ආණ්ඩුවේ හවුල්කාර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන අන්ගජන් රාමනාදන් මන්ත්‍රීවරයා අමාත්‍ය වික්‍රමනායකගේ පුරා වස්තු යොදා ගෙන  ඉඩම් අත්පත් කරගැනීමේ වැඩ පිළිවෙලට යාපනයේදී සහාය දැක්වීම හිටපු පළාත් සභා මන්ත්‍රී ගජදීපන්ගේ දැඩි විවේචනයට හේතුවී තිබේ.

 ''දෙමළ ජනතාව පරම්පරා ගානක් ජිවත් වුනු ඉඩම් අත්පත් කර ගන්න එක් ක්‍රමයක් තමයි පුරා විද්‍යාව, ඇමැතිවරයා අනිත් ඔක්කොම ප්‍රශ්න පැත්තක තියලා සිංහල බෞද්ධ පුරා වස්තු හොයන්න උතුරට ඇවිත්, අන්ගජන් රාමනාදන් මන්ත්‍රීවරයාත් මේවාට සහාය ලබා දෙන එක ලැජ්ජා සහගත වැඩක්, ආණ්ඩුවේ ප්‍රබල ඇමැති කෙනෙක්වන ඩග්ලස් දේවානන්ද වත් මේ සිංහල බෞද්ධ ආධිපත්‍ය පතුරන්න සහාය දෙන්නේ නැහැ. අන්ගජන් මේ මෝඩ වැඩේ නතර කළ යුතුයැ,'' යි  ඔහු ඉල්ලා සිටී.

වසර සිය ගණනක් තිස්සේ හින්දු බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වූ මුලතිව්හි කුරුන්තුර්මලෙයි ශිව දේවාල භුමියේ සඟ, සෙබල පිරිස් පිරිවරා ගොස් බුදු පිළිමයක් තබා බෞද්ධ සිද්ධස්ථානයක් බවට පත් කිරීමට ගන්නා වෑයමක් සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායකට දෙමළ ජනතාවගේ විරෝධය එල්ල විය.

 

 

 

 


 

THE LEADER TV
 

සුදුකෙස් මල්ලී කලුකෙස් අයියාට හීනියට නෙළයි! | මොණරවිලගේ ලියමන
 

 
කොටියෙකු කියපු සුභාෂ්කරන්ට දේශප්‍රේමී සත්කාරයක් !



worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්