වෛද්‍ය නොවන සුව සේවා කාර්ය මණ්ඩල ඉල්ලීම් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය දිගින් දිගටම නොසලකා හැරීමට විරෝධය පාමින්

දීප ව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් පවසන්නේ නොවැම්බර් 09 වැනි අගහරුවාදා උදෑසන 7 සිට නොවැම්බර් 10 වැනි බදාදා උදෑසන 7 දක්වා සංකේත වර්ජනයක් ක්‍රියත්මක කරන බවයි.

වෘත්තීය ක්‍රියාමාර්ගය සදහා පරිපූරක වෛද්‍ය සේවා ඇතුළු සෞඛ්‍ය සේවාවන් 15ක සහාය හිමිවන අතර 50 000ක පමණ වෘත්තීයවේදීන් පිරිසක් ඊට සහාය දක්වන  බවයි රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති, සමන් රත්නප්‍රිය පවසන්නේ.

''වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ‍යන්, ඖෂධවේදීන්, විකිරණ විද්‍යා තාකෂණවේදීන් ඇතුළු සියළු පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක, ඖෂධ සංයෝජක, පවුල් සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු සියළු අතුරු වෛද්‍ය සේවා නිලධාරීන් සහ හෙද වෘත්තිකයන් සහභාගී වෙන මෙම වර්ජනය සදහා වෘත්තීය සමිති 15ක් ඒකාබද්ද්ව කටයුතු කරයි.'' පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.



ඔවුන් වැඩි දුරටත් නිවේදනය කර ඇත්තේ මාතෘ රෝහල්, පිළිකා රෝහල්, ළමා රොහල් සහ කොවිඩ් රෝහල්හි මෙම වර්ජනය ක්‍රියාත්මක නොවන අතර, හදිසි, අත්‍යාවශ්‍ය හා ජීවිත ආරක්ෂණ සේවා සැපයීමට විධිවිධාන සපයා ඇති බවයි.



සෞඛ්‍ය ලේකම් වරයා විසින් වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ඉල්ලීම් නොසලකා හැරීම සහ පහත සදහන් ඉල්ලීම් 6ක සදහා දීර්ඝ කාලයක් තිස්සේ විසදුම් ලබා නොදීම මෙම වැඩ වර්ජනයට හේතු වී තිබේ.


1. සෞඛ්‍ය පරිපාලන  සේවාව ස්ථාපිත කරනු,

2. වෘත්තීමය උපාධිධාරීන්ගේ වැටුප් විෂමතාවය සහ සමාන්තර සේවා විෂමතාවය ඉවත් කරනු,

3. මාණ්ඩලික සේවා චක්‍රලේඛය වහා නිකුත් කරනු,,

4. 5/7 උසස්වීම් චක්‍රලේඛය වහා නිකුත් කරනු,,

5. ඖෂධ මිල අඩු කරණු,  කොමිස් සදහා අනවශ්‍ය උපකරණ මිල දී ගැනීම, අනවශ්‍ය පරීක්ෂණ වියදම් පාලනය   කරණු. සෞඛ්‍ය ණය වහා ගෙවා කරනු,

6. අඩු ආදායම්ලාභී පාසැල් දරුවන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා තහවුරු කරනු.

 

 

  


 

THE LEADER TV
 

සුදුකෙස් මල්ලී කලුකෙස් අයියාට හීනියට නෙළයි! | මොණරවිලගේ ලියමන
 

 
කොටියෙකු කියපු සුභාෂ්කරන්ට දේශප්‍රේමී සත්කාරයක් !


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image