තුංමං හන්දියේ පිහිටා තිබූ මහගම සේකර ස්මාරකය හා සොහොන සේකර පවුලේ නිසි අවසරයකින් හා දැනුවත් කිරීමකින් තොරව ඉවත් කිරීමට නාගරික
සංවර්ධන අධිකාරිය විසින් කටයුතු කර ඇතැයි චෝදනාවක් එල්ලවී ඇත.
මෙම ස්මාරකය හා සොහොන ඉවත් කිරීමෙන් පසු නොවැම්බර් 9 වැනිදා විවෘත කිරිමේ උත්සවයක් පවත්වා ඇති අතර සේකර පවුලේ සාමාජිකයන් තම දැඩි විරෝධය පළ කර මෙම උත්සවය වර්ජනය කර තිබේ.
මහගම සේකර දේශයට පහළ වූ ප්රාඥයකු වන අතර ඔහුගේ ස්මාරකය ඉවත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත්තේ වියතකු වන රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා වෙතයි. නාගරික සංවර්ධන අධිකාරියඔහු යටතේ ඇති ආයතනයකින් වීම ඊට හේතුවයි.
අදාළ විරෝධය පළ කරමින් මහගම සේකරගේ පුත්‍රයා විසින් යැවූ සටහන පහතින්.
මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී නාගරික සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, නවීකෘත සේකර උද්‍යානය සහ සේකර බුහුමන් සාවිය
ඊයේ (09) සවස සේකර ප්‍රේමීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබූ බවයි. එම ස්ථානය වසර ගණනාවක් ජරාවාසව තිබු බවද ඔහු සඳහන් කළේය.
මෙම සත් ක්‍රියාව රදාවාන මහගම සේකර විදුහලේ ආදී ශිෂ්‍ය නායක සංසදයේ ඉල්ලීමකට ද අනුග්‍රහය දක්වමින් අමාත්‍යවරයාගේ නගර සියය ව්‍යාපෘතියටද රදාවාන ඇතුලත් කරගනිමින්, නාගරික සංවර්ධන අධිකාරියෙන් යුග පුරුෂයෙකුට කෙරෙන උපහාරයක් ද ලෙසින් ක්‍රියාත්මක වූවක් බව එම නිලධාරියා සඳහන් කළේය.
නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා විසින් ඵලකය නිරාවරණය කර ඇති අතර මෙම අවස්ථාවට එඩ්වඩ් ජයකොඩි වැනි සේකරප්රේමීන් සහ රසික රසිකාවන් විශාල පිරිසක් ද සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සහ ජවිපෙ ප්‍රාදේශීය නායකයින් කිහිප දෙනෙකු ද බැංකු සේවක සංගමයේ හිටපු නායකයකු වන ෂා ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පිරිසක් ද සහභාගී වී සිටියේය.
මහගම සේකරගේ පුත් රවින්ද්‍ර සේකර ට මෙම අවස්ථාවට එක්වන ලෙස ආරාධනා කර තිබුනද ඔහු සහභාගී නොවුබව පැවසු එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ, මෙම වැඩසටහනට දේශපාලනය ඇඳා නොගැනීමට අමාත්‍යවරයා දැඩි ලෙස උපදෙස් දී තිබු බවයි.
මෙය හුදු නිරාවරණයක් නොකොට සේකර ට අහිමි වූ සේකරට අසාධාරණය සිදුවූ මරණින් පසු පවා මේ යුග පුරුෂයා ගැන කිසිවක් නොකෙරුණු රටක, අනාගත පරපුරට හෝ සේකර ඉතිරි කර ගැනීමට ඔහුගේ නිර්මාණ යම් තරමකින් හෝ කතා කෙරෙන වෑයමක් කරමු යයි ප්‍රවීන ගීත රචක බන්දුල නානායක්කාරවසම් යෝජනාකර තිබී ඇති බව වාර්තාවේ.
බිමල් ජයකොඩි සමඟ සංවාදය, සේකර වාර්තා චිත්‍රපටය මෙන්ම අද සිටින දුර්ලභම ගායන ප්‍රතිභාවක් ඇති තරුණ සහ ඇකඩමික ගායන වෘන්දයක් මඟින් සේකර ගී ගයවා ඒවා මතු පරපුරට සංරක්ෂණය කිරීම ද මෙම වැඩසටහනේ අරමුණක් බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
THE LEADER TV
සුදුකෙස් මල්ලී කලුකෙස් අයියාට හීනියට නෙළයි!
කොටියෙකු කියපු සුභාෂ්කරන්ට දේශප්‍රේමී සත්කාරයක් !